සැමියා එපා කිව්ව නිසා රගපෑවේ නෑ - ටානියා මෙලීසා


සැමියා එපා කිව්ව නිසා රගපෑවේ නෑ...පෙම්වතා නම් මම රගපානවට කැමතියි
- ටානියා මෙලීසා

නිරූපන ක්‍ෂේත්‍රයෙ සිටින දක්ෂ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් ලෙස ටානියා මෙලීසාව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල සමාජ ජාලවල හුවමාරුවන ඡායාරූපයක් නිසාම ඒ ගැන අහන්න අපි ඇයට කතා කළා.

ඇත්තද ටානියත් ජනප්‍රිය වෙන්න ඡායාරූප ෆේස්බුක් දානවා කියන්නේ?

එහෙම නෑ, මම කොහොමත් ෆොටෝ ෆේස් බුක් දානවා. ඒ ජනප්‍රිය වෙන්න නෙමේ.

මේ දවස්වල ටානියගෙයි, පෙම්වතාගෙයි ඡායාරූප වගයක් අන්තර්ජාලයේ තියෙනවා කියන්නේ ඇත්තද?

ඔව්, ගොසිප් හොයන අය තමයි ඒ ෆොටෝ එක ෆේස් බුක් එකෙන් අරගෙන දාලා තියෙන්නේ. නැතුව මම දීපුව නමෛයි. අනික ඒ ෆොටෝ එක දැම්මේ ඔට්ටුවකට එහෙම නැතුව ජනප්‍රිය වෙන්න නෙමේ.

ඒ කියන්නේ ටානියා ජනප්‍රියත්වයට අකමැතියි?

මම කවදාවත් ජනප්‍රියත්වය පස්සේ එළවන කෙනෙක් නෙමේ. මම මගේ පාඩුවේ වැඩ ටික කරනවා.

ටානියා ගීත රූප රචනාවලට රංගනයෙන් දායක වෙන්නේ රංගනයට එකතු වෙන්නද?

ගීත රූප රචනා සඳහා ආරාධනා ලැබුණ නිසා බාරගත්තා ලොකුම බලා‍පොරොත්තුවක් නෑ. ඒත් හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.

නමුත් ටානියා රංගනයට දායක වෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ හිටියේ?

ඔව්, කලින් මම විවාහ වුණ කෙනා කැමති වුණේ නෑ රංගනයෙන් දායක වෙනවට ඒත් දැන් මගේ පෙම්වතා කැමතියි මම රගපානවාට.

ඔබ හිතනවාද ඔබට රංගන කුසලතාවයක් තියෙනවා කියලා.

ඔව්, මම හිතනවා ගොඩක් අය කියනවා ටානියට රගපාන්න පුළුවන් කියලා. බැරිනම් රංගනයෙන් අයින් වෙයි.

ටානියා හරි ගණන් කියන්නේ ඇත්තද?

හ්ම් මං වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පියෙක් නිසා වටිනාකමක් හදාගෙන තියෙන්නේ මගේ වටිනාකම ලැඛෙනවානම් මම භාර ගන්නවා. එහෙම නැතුව නම් භාරගන්නේ නෑ. ඒ නිසයි කියනවා ඇත්තේ. මම ගණන් කියලා.

මුදල් නිසාද ටානියා රංගනයට එකතු වෙන්න හදන්නේ?

එහෙම නෑ. මම කීවේ හොඳ දෙයක් ලැබුණොත් භාර ගන්නවා කියලා විතරයි. නැතුව සල්ලි බලාගෙන රගපාන්න යන්නේ නෑ.

නිරූපන ක්‍ෂේත්‍රයට නවකයෝ එකතුවෙන නිසා ටානියාට ලැඛෙන වටිනාකම අඩුවෙලා කියන්නේ ඇත්තද?

හැම ක්‍ෂේත්‍රයකටම නවකයෝ ඉන්න ඕන. අපිට හැමදාම මෙතන ඉන්න බෑ. නිරූපණයේ පැවැත්ම තියෙන්නේ අලුතින් අය එකතුවෙද්දීයි. මේ ක්‍ෂේත්‍රයට එන ඇතැම් අය නිසා ක්‍ෂේත්‍රයේ වටිනාකම අඩුවෙලා තියෙන්නේ. මොකද අද නිකන් නිරූපනය කරන්න පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අදාළ සමාගම්වලින් ලොකු ගාණක් ගෙව්වත් දැන්වීම් නිෂ්පාදන ආයතන නිරූපණ ශිල්පීන්ට ගෙවන්නේ ‍පොඩි ගාණක්. එහෙම වෙන්නේ ඒ වගේ පිරිසක් මේ ක්‍ෂේත්‍රයේ ඉන්න නිසයි.

නිරූපණයෙන් සමුගන්නවා කියන්නේ ඇත්තද?

එහෙම දෙයක් නෑ. මට ෆීල්ඩ් එකේ අවස්ථාව තියෙනකම් මම ඉන්නවා. ඇතියි කියලා හිතුන දවසට සමුගන්නවා.

කවදාද ටානියා විවාහ වෙන්නේ?

ලබන අවුරුද්දේ විවාහ වෙන්න හිතා ගෙන ඉන්නේ

කොහොමද ඔහුගෙන් ලැඛෙන සහය

ඇත්තට ලොකු සහයෝගයක් ලැඛෙන්නේ. ඔහු හැමවෙ‍ලේම කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා එපා කියලා මම ඒ කියන දේ පිළිගන්නවා.

ටානියගේ විලාසිතාවලට ඔහු තහංචි දානවා කියන්නේ ඇත්තද?

තහංචි දාලා තියෙන්නේ. ඉස්සර නම් මම කොටටම ඇන්ද කෙනෙක්. ඒත් දැන් අවස්ථාව අනුව තමයි විලාසිතා කරන්නේ.


Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Tania meliza, Tania meliza new, Tania meliza gossips, Tania meliza hot gossips, Tania meliza hot, Tania meliza photos, Tania meliza photoshoot, Tania meliza new iamges, Hot Gossips,

0 comments:

Post a Comment