ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, ලබන ජුලි මස අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පවත්වන ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා නිල වශයෙන් තේරී පත් වී ඇත. ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් මෙම ලෝක ශූරතාවයට සහභාගි වන පළමුවන අවස්ථාවද මෙය වීම සුවිශේෂී කාරණයකි. මෙම සුභ පණිවිඩය හෙළිදරව් කළ සචිනි කියා සිටියේ මේ ගැන ඇය අතිශයින් ප්‍රීති ප්රමෝදයට පත්ව සිටිනා බවය.

ආදර”ය වස්සානය චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි සචිනි සංකාරා, හාට් එෆ් එම්, අගර දගර, ස්වර වැනි චිත්‍රපටවල කැපී පෙනෙන චරිත නිරූපණය කළාය.
ඔබට කොහොමද මේ සඳහා දොරගුළු විවර වුණේ?

ඒත් ඔබ තේරී පත්වුණා?
ඔව්. ඒ සංවිධානය විසින් මට නිල වශයෙන් සහභාගි වීමට වරම් ලද බව සහතිකයක් එවා තිබුණා. ඒ අවස්ථාව ලැබීම ගැන මට තියෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි සතුටක්.
ලංකාවෙන් සහභාගි වෙන්නෙ ඔබ පමණද?
ඔව්. ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි.මම සහභාගි වෙන්නෙ රංගන අංශයෙන් තිඛෙන අංග සඳහායි.
ඇයි බැරි. මේ වසරේ මම තරගයට ගිහින් කපන මාර්ගය ඔස්සේ ලබන වසරේ සිට අවශ්‍යනම් අපේ රටේ ශිල්පීන්ට සහභාගි වෙන්න පුළුවන්. මම හිතන්නෙ ඉල්ලුම්පත් සීමාකරලා නැහැ. ඒත් තේරීම් මඬුල්ල විසිනුයි ඒ සඳහා සහභාගිවීමට වරම් ලබා දෙන්නෙ. මේ සඳහා තිඛෙන ලියකියවිලි ඉතාම සංකීර්ණයි. හැමදෙයක්ම ඉංග්‍රීසියෙන් වගේම මේ තරගාවලිය පවත්වන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
මේ අභියෝගයට ඔබ කොහොමද මූණ දෙන්නේ?
මාව නිල වශයෙන් මේ තරගාවලියට සහභාගී කරගත් බව ආරංචි වුණාම මම මේ සඳහා අනුග්‍රාහකයින් සෙවීමට උනන්දු වුණා. මෙවැනි සුවිශේෂී කාරණයකට මට අනුග්‍රාහකත්වය දැක්වූ සියලුම අයට මගේ අවංක ආදර ස්තූතිය පළ කළ යුතුයි. වියදම් අධික ප්රයත්නයක් වුවත්, මේක අපේ රටට කීර්තියක් ලබාදීමට ලැඛෙන මහගු අවස්ථාවක්. මගේ අරමුණ මේ තරගාවලියෙන් කුමන හෝ අංගයකින් පදක්කමක් මගේ මව්බිමට හිමිකර දීමයි.
මේ දිනවල තරගාවලිය සඳහා ලැහැස්ති වෙනවත් ඇති?
ඔව්. දැඩි මහන්සියකින් හා කැපවීමකින් මම මේ සඳහා පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. රංගන ශිල්පිනියක් හැටියට මම විශ්වාස කරන දෙයක් තමයි අපි දිනපතා පුහුණුවීම්වල නිරත විය යුතුයි කියන එක. ගායනයට කටහඬ පුහුණුවීම් අවශ්‍ය වගේම රංගනයටත් පුහුණුවීම් අත්‍යවශ්‍යයි.
මෙවැනි තරගාවලියකින් කලා ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලැඛෙන වෙනත් වරප්‍රසාද මොනවාද?
ලෝකයේ සිටින දක්ෂතා සපිරි තරැ සමග තරග වැදීමට ලැඛෙන අවකාශයම කොතරම් වටිනවද? ඒ වගේම මේ සංවිධානය විසින් අපට හොලිවුඩ් හා අනෙකුත් සිනමාවේදියා, ලෝප්‍රකට ශිල්පීන් මුණගස්වා, දේශන, සම්මන්ත්රණ, වැඩමුලු පවත්වනවා. ඒ හරහා අපට ලැඛෙන අනාවරණය විශාල පිටුවහලක් වෙනවා.
ඔබ සිරි පැරකුම් චිත්‍රපටයෙන් පස්සෙ නැවත රංගනයට ආවෙ වසර දෙකකට පසුවයි නේද?
ඔව්. මගේ දෙවෙනි බබා ටිකක් ලොකු වෙනකං ඒ කාලය තුළ විවේකීව හිටියා. ඊට පසු ආරාධනයක් ලැබුණෙ රෝයිද සිල්වා මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයේ රගපාන්න. ඒකෙ ජගත් චමිල සහ සාරංග දිසාසේකර එක්ක මම රගපාන්නෙ. අමෙරිකාවේ පදිංචි නිෂ්පාදක කීත් රංග මේකෙ ප්‍රධාන චරිතයක් රගපානවා. මේ චිත්‍රපටය රූගත කළේ අමෙරිකාවෙ. රෝයිද සිල්වා ප්‍රවීණ සිනමාකරුවා සමඟ මම වැඩකළේ පළවෙනි වතාවට. ඒක සුන්දර අත්දැකීමක්. ඉන් පස්සෙ නලින් මාපිටියගෙ අලුත් චිත්‍රපටයෙත් වැඩ නිම කළා.
0 comments:
Post a Comment