May 16, 2016

නව පරපුරේ සොඳුරු රුවැත්තියක වන අංජලී තාම රගපෑම ඉගෙන ගන්නවාලු

නව පරපුරේ සොඳුරු රුවැත්තියක වන අංජලී තාම රගපෑම ඉගෙන ගන්නවාලු

අංජලී ලියනගේ මෙතෙක් කළ පෙළහර පෑවේ පුංචි තිරයේ හා රිදී තිරයේය. එහෙත් පසුගියදා වේදිකාවටත් ඇය ගොඩ වැදුණහ. ඒ ගැන විස්තර දැන ගන්නට ඇය හමුවීමු.

අංජලී නෝනාවරු සමග මහත්වරු එක්ක වේදිකාවට ගොඩ වැදුණාය කියලා ආරංචියි?

අනේ ඔව් මගේ කලා ජීවිතේ සිදුවණු වාසනාවන්තම දේ තමයි ඒක. අපේ රටේ ඉන්න සුපිරිතම නළු නිළියන් රුසක් පන්නරය ලබා තිබුණෙ වේදිකාවෙන්. විනය, ඉවසීම, කැපකිරීම වැනි ගුණාංග රුසක් වේදිකාව තුළින් උකහා ගන්න පුළුවන් වෙනවා.

ඔබට ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද?

මම කොහොමත් වේදිකාවට ආස බව හැමෝම දැනගෙන හිටියා. දවසක් ප්‍රියන්ත සමරකෝන් මහතා මාව හමුවෙලා ඇහුවා නාට්‍යයක පොඩි කොටසක් තියෙනවා, කරන්න කැමතිද කියලා. පොඩියි කියපු නිසාත්, වේදිකා රංගනයට දැඩි ආසාවක් තිබුණ නිසාත් මම කැමති වුණා.

පොඩි චරිතෙ හොඳට කළාද?

පොඩි? හොඳ පොඩි තමයි. ප්‍රධාන චරිතයට සමගාමීව යන චරිතයක් මට දීලා තිබුණෙ. මට පුහුණුවෙන්න තිබුණෙ එකම දවසයි. ඊට පස්සෙ ෂෝ එක වේදිකා ගත කළා. පුහුණු වීම් ගියාම මට උතුර දකුණ මාරු වුණා. මම ආපහු හැරිලා එන්න ආවා. ඒත් ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වුණු ප්‍රවීණයින් මාව ධෛර්යමත් කරලා මාව කොහොම හරි වැඩේ ගොඩදාන තැනට යොමු කළා.

කවුද ඒ ප්‍රවීණ ශිල්පීන්?

මම ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ ජනක කුඹුකගේ, මොරීන් චාරුනි සහ අවන්ති අපොන්දු කියන ප්‍රවීණ ශිල්පීන්. ඔවුන්ගේ අනුබලය හා උනන්දුව නොවන්නට මම තාම ඒ නාට්‍ය දාලා දුවනවා.

ඒ නාට්‍යය කී සැරයක් වේදිකා ගත කළාද?

නෝනාවරු සමග මහත්වරු දැනට 5 වරක් වේදිකාගත කරලා තියෙනවා. ඉදිරියේදී ඉල්ලීම් තියෙනවා. ඒ අත්දැකීම මට කෝටියක් වටිනවා.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙන් පස්සෙ කළ රගපෑම් මොනවාද?

ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ආදර”ය කථාවක් චිත්‍රපටයේ රගපෑවා. ඒකත් ළගදීම තිරගත වෙන්න නියමිතයි.

ටෙලි නාට්‍ය වැඩ කටයුතු කොහොමද?

මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ලබව චක්‍රල හා ලකුරුලු පිහාටුල ටෙලි නිර්මාණ විකාශය වෙනවා. ලැඛෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් හොඳයි. මේ දිනවල රූගත කෙරෙන ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායක වෙනවා.

ඉදිරියේදී පිටපත් රචනය හෝ අධ්‍යක්‍ෂණය වගේ පැතිකඩ සඳහා යොමුවන්නට අදහසක් නැද්ද?

අනේ එහෙම කිසිම අදහසක් නැහැ. මම ඒ තැනට ඇවිත් නැහැ. මම තාම රගපෑම ඉගෙන ගන්නවා. අපි මේ ක්‍ෂේත්‍රයේ හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා.


Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Actress anjali, Anjali Liyanage, Anjali Liyanage Birthday, Anjali Liyanage Birthday Wish, Anjali Liyanage gossip, Anjali Liyanage photos, Anjali, Hot Gossips,

No comments:

Post a Comment