අංජලී ලියනගේ මෙතෙක් කළ පෙළහර පෑවේ පුංචි තිරයේ හා රිදී තිරයේය. එහෙත් පසුගියදා වේදිකාවටත් ඇය ගොඩ වැදුණහ. ඒ ගැන විස්තර දැන ගන්නට ඇය හමුවීමු.
අංජලී නෝනාවරු සමග මහත්වරු එක්ක වේදිකාවට ගොඩ වැදුණාය කියලා ආරංචියි?

ඔබට ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද?
මම කොහොමත් වේදිකාවට ආස බව හැමෝම දැනගෙන හිටියා. දවසක් ප්‍රියන්ත සමරකෝන් මහතා මාව හමුවෙලා ඇහුවා නාට්‍යයක පොඩි කොටසක් තියෙනවා, කරන්න කැමතිද කියලා. පොඩියි කියපු නිසාත්, වේදිකා රංගනයට දැඩි ආසාවක් තිබුණ නිසාත් මම කැමති වුණා.
පොඩි චරිතෙ හොඳට කළාද?
පොඩි? හොඳ පොඩි තමයි. ප්‍රධාන චරිතයට සමගාමීව යන චරිතයක් මට දීලා තිබුණෙ. මට පුහුණුවෙන්න තිබුණෙ එකම දවසයි. ඊට පස්සෙ ෂෝ එක වේදිකා ගත කළා. පුහුණු වීම් ගියාම මට උතුර දකුණ මාරු වුණා. මම ආපහු හැරිලා එන්න ආවා. ඒත් ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වුණු ප්‍රවීණයින් මාව ධෛර්යමත් කරලා මාව කොහොම හරි වැඩේ ගොඩදාන තැනට යොමු කළා.
කවුද ඒ ප්‍රවීණ ශිල්පීන්?
මම ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ ජනක කුඹුකගේ, මොරීන් චාරුනි සහ අවන්ති අපොන්දු කියන ප්‍රවීණ ශිල්පීන්. ඔවුන්ගේ අනුබලය හා උනන්දුව නොවන්නට මම තාම ඒ නාට්‍ය දාලා දුවනවා.
ඒ නාට්‍යය කී සැරයක් වේදිකා ගත කළාද?
නෝනාවරු සමග මහත්වරු දැනට 5 වරක් වේදිකාගත කරලා තියෙනවා. ඉදිරියේදී ඉල්ලීම් තියෙනවා. ඒ අත්දැකීම මට කෝටියක් වටිනවා.
ඇඩ්රස් නෑ චිත්‍රපටයෙන් පස්සෙ කළ රගපෑම් මොනවාද?
ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ආදර”ය කථාවක් චිත්‍රපටයේ රගපෑවා. ඒකත් ළගදීම තිරගත වෙන්න නියමිතයි.
ටෙලි නාට්‍ය වැඩ කටයුතු කොහොමද?
මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ලබව චක්රල හා ලකුරුලු පිහාටුල ටෙලි නිර්මාණ විකාශය වෙනවා. ලැඛෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳයි. මේ දිනවල රූගත කෙරෙන ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායක වෙනවා.
ඉදිරියේදී පිටපත් රචනය හෝ අධ්‍යක්ෂණය වගේ පැතිකඩ සඳහා යොමුවන්නට අදහසක් නැද්ද?
0 comments:
Post a Comment