නව පරපුරේ නළුවෙක්‌ දුලානිගේ ආදරය පතාගෙන එනවානේද?


නව පරපුරේ නළුවෙක්‌ දුලානිගේ ආදරය පතාගෙන එනවානේද?
ඓතිහාසික චරිත රඟපාමින් සිනමාවෙන් කරළියට පිවිසුනු දුලානි අනුරාධා ගැන මේ දවස්‌වල අමුතු අමුතු කතා පැතිරෙනවා. ඒ අතරේ දුලානිගේ ආදරය ඉල්ලගෙන නවපරපුරේ රංගන ශිල්පියෙක්‌ ඇය පසුපසින් එනවලූ‍. ඒ වගේම ඇය පෙම්වතියක්‌ කියලත් සමහරු කියනවා. මේ කතාවල ඇත්ත නැත්ත ඇය පුවත්පතකට කියලා තියෙන්නේ මෙහෙමයි.


මොනවද අලූ‍ත් තොරතුරු?
අලූ‍ත් කියලා කියන්න තරම් වැඩකට මේ කාලේ මුල පුරලා නැහැ.

රඟපෑම එපා වෙලාද?
හිතට එකඟව රඟපාන්න පුළුවන් නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ.

මුල් කාලේ වගේ දැන් පේන්න නැත්තේ ඒ නිසාද?
ඒකත් එක හේතුවක්‌. ගිය අවුරුද්දෙ නම් අධ්‍යාපන කටයුතුත් එක්‌ක වැඩ වැඩිවුණා. ඒ කොහොම වුණත් මගේ තෝරාබේරා ගැනීම තමයි ආරාධනා ලැබුණත් ගොඩක්‌ නිර්මාණ ප්‍රතික්‌ෂේප කරන්න හේතුව.


ඒ කියන්නේ දැන් දුලානිගේ කාලේ ඉවරද?
මම ඕනවට එපාවට රඟපාන කෙනෙක්‌ නෙමෙයි. මගේ කාලේ ගැන කාටත් වඩා හොඳින් දන්නේ මම. එක එක්‌කෙනා එක එක මතවල ඉඳන්න එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් මම උත්සාහ කරන්නේ වෙනසක්‌ සමග චරිතයක්‌ තුළ යමක්‌ කරන්න තියෙන එකනිර්මාණයක හෝ අවුරුද්දට රඟපාන්න.


චක්‍රත් එවැනි නිර්මාණයක්‌ද?
ඔව්. ඇත්තටම හරිම වෙහෙස කාරී පරිසරයක්‌ තුළ කරපු ටෙලිනාට්‍යයක්‌. දැනටත් විටින් විට තවත් කොටස්‌ කීපයක රූපගත කිරීම් වලට සම්බන්ධ වෙනවා.

සිනමාවෙන්වත් ඇරයුම් ලැබුණේ නැද්ද?
චිත්‍රපට දෙකක්‌ ගැන මේ දවස්‌වල සාකච්ඡා මටිටමේ පවතිනවා.

වර්තමානයේ ඔබ වැඩි කාලයක්‌ වෙන්කරලා තියෙන්නේ ගුරු වෘත්තියටද?
පාසල් පැවැත්වෙන කාලය නර්තන ගුරුවරියක්‌ හැටියට දරුවන් වෙනුවන් තමයි උපරිම කැපවීමක්‌ කරන්නේ.

ගුරු වෘත්තියට වැඩි නැඹුරුවක්‌ දක්‌වලා රංගනය අත්හරීවිද?
කොහෙත්ම නැහැ. මට හෙට මගේ සීමාවන්ට යටත්වන යම් නිර්මාණයක පිටපතක්‌ ලැබුණොත් ඉතා කැමැත්තෙන් ඒක බාරගන්නවා.

නිර්මාණ අතරේ නිතර දකින්න නොලැබීම ගැන දුකක්‌ දැනෙන්නේ නැද්ද?
මම සම්බන්ධ වෙන නිර්මාණ ප්‍රමාණය නෙමෙයි මම රඟපාන චරිතය තමයි මට වැදගත්. කිසියම් දුරකට යම් විවිධත්වයක්‌ තියෙනවනම් මට සුදුසුනම් මම කරන්න අකමැති සීමාවට අදාල නැත්නම් රඟපෑවට පස්‌සේ සතුටක්‌ ලැබන්න පුළුවන්නම් අවුරුද්දකට එකක්‌ ලැබුණත් මට ඇති.

ඒ කියන්නේ දුලානි ජනප්‍රියත්වය පස්‌සේ හඹාගෙන යන්නේ නැහැ?
මම කවදාවත් ජනප්‍රියත්වය පතාගෙන වැඩ කරලත් නැහැ කරන්නෙත් නැහැ. අසාව හැකියාව මතතමයි මම වැඩ කරන්නේ. ජනප්‍රියත්වයට ලංවීම පසුවට ලැඛෙන ප්‍රතිඵලයක්‌.

අනෙක්‌ අයවගේ ඔබ රැකියාවට වඩා රංගනය ගැන හිතුවෙ නැත්තේ?
රංගනයට යොමුවුණාට පොඩි කාලේ ඉඳලා මගේ ආසාව තිබුණේ නර්ථන ගුරුවරියක්‌ වෙන්න. ඒ අරමුණ මත ඉඳලා තමයි මම වැඩ කළේ.

මේ දේවල්වගේම අනාගතය ගැනත් දැන් තීරණයක්‌ ගනන් කාලය හරිනේද?
මගේ කාලය තීරණය කරනේ මම. මටත් උරුම වුණු ජීවිතයක්‌ තියෙනවානේ. හොඳ කාලේ ආවාහම හැමදේටම විසඳුම් ලැඛෙයි.

ඇත්තද මේ නවපරපුරේ නළුවක්‌ දුලානිගේ ආදරය ඉල්ලන් එනවා කියන්නේ?
ඇත්තම හිනායන කතාවක්‌. මාධ්‍ය තමයි ඒකට උත්තරෙ දන්නේ.

ඒ කියන්නේ මේ කතාව බොරුවක්‌ ද?
මමත් ඔය කතාව දැක්‌කේ පුවත්පතකින්. හැබැයි ඒක මම කියපු දෙයක්‌ නෙමෙයි.

ගින්නක්‌ නැතිව දුමක්‌ නගින්නේ නැහැනේද?
නිවිලා තියෙන දේවල් අවුස්‌සන එක මාධ්‍යයේ වැඩක්‌නේ. එහෙම දුමක්‌ දැම්මා කියලා අනිත් අය කළබල වෙන්න ඕනේ නැහැ.

එහෙනම් එහෙම කතාවක්‌ පැතිරෙන්න හේතුව මොකකද?
ආදරය ඉල්ලන් එනවා කියන එක හරි අමුතු කතාවක්‌. නමුත් නිළියක්‌ හැටියට ආදර යෝජනානම් එනවා. ඒක හරි සාමාන්‍ය කාරණයක්‌. එහෙම නැතිව පැතිරෙන කතාගැන හොයන්න මට වෙලාවක්‌ නැහැ.

විවාහයක්‌ කරගත්තනම් මෙහෙම කතා පැතිරෙන්නේ නැහැනේද?
එක එක්‌කෙනාට බයවෙලා මගේ ජීවිතේ වෙනස්‌ කරගන්න මට බැහැ.මම ජීවත්වෙන්නේ මට ඕන විදිහට. එහෙම නැතිව සමාජය කියන විදිහට නෙමෙයි.

කොහොමද අවුරුදු?
මගේ ගෙදර අයත් එක්‌ක සාමාන්‍ය විදිහට මෙවර අවුරුද්දත් ගත කරන්න බලාපොරොත්තුවෙනවා. මගෙ එකම අයියත් ඉන්නේ විදේශ ගතවෙලා. ඉතිං යාළුවෝ නෑදැයින් එක්‌ක සතුටින් අවුරුදු සමරනවා.

Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Actress dulani anuradha, Dulani, Dulani anuradha, Dulani anuradha Gossip, Dulani anuradha new, Dulani anuradha photo shoot, Dulani anuradha Photos, Hot Gossips, Interviews,

0 comments:

Post a Comment