වර්තමානයේ සිටි තරුණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් අතර ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා සිටින ඩිනක්ෂි ප්‍රියසාද් අංශ කිහිපයකින් ම දක්ෂතා දක්වන්නියකි. උපතින්ම කලා පවුලක උපන් ඕ මේ දිනවල නියැළෙන නිර්මාණ පිළිබඳත්, සිය කලා ජීවිතය පිළිබඳත් අපි කතා කරමු
මේ දිනවල ඔබ ටෙලි නාට්‍යවල වැඩිය දකින්න ලැඛෙන්නේ නැහැ. ඒ ඇයි?
මේ දවස්වල මා රගපෑ ඪඪෂඡ ටෙලි නාට්‍යය සතියේ ම ටීවී 1 එකේ විකාශය වෙනවා. එහි රූගත කිරීම් දිගට ම කෙරෙනවා. ඒ වගේ ම දෙරණ ස්ටාර් සිටි කියන රියැලිටි වැඩසටහනට සහභාගි වෙලා ඉන්නවා. ඊට අමතරව පසුගිය කාලයේ ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වුණා. ඒ වගේ ම ටෙලි නාට්‍ය කිහිපයක රංගන කටයුතු සඳහා ආරාධනා ලැබිලා අවසන්. ඉන් කිහිපයක ම වගේ රූගත කිරීම් ආරම්භ කරලයි තිඛෙන්නේ. ඒ අතර හිරු රූපවාහිනියේ ‘කවුන්ඩවුන්’ කියන ගීත වැඩසටහනේ නිවේදන කටයුතුත් කරනවා. මේ කටයුතුත් සමග දවස ගතවන නිසා කාලය ගත වෙනවා නොදැනෙන තරම්.
අද රංගන ක්ෂේත්‍රයේ නළු - නිළියන් වැහි වැහැලා. ඒ අයත් එක්ක ඩිනක්ෂිට තරගයක් තියෙනව ද?
රූපවාහිනිය දැම්මට පස්සේ අලුත් මුහුණු රැසක් තිඛෙන වග පෙනෙනවා. ඔවුන් අලුත් වගේ ම බොහොම හොඳට රගපාන බවකුයි පෙනෙන්නේ. ඒ ඔස්සේ මා දැක්ක විශේෂ ම දේ ඒකයි. මුලදි රගපෑම් කටයුතු කරන අවස්ථාවලදි මට ඒ සඳහා පුරුදු පුහුණු වෙන්න කාලයක් ගියා. නමුත් අලුත් අය පළමු නිර්මාණයේ ම හොඳට රගපාන බව පෙනෙනවා. ඒක සතුටට කාරණයක්. ඒ අය හොඳට රගපානවා කියන්නේ ඒක අභියෝගයක්. එවැනි අභියෝගයක් එල්ල වන එකත් එක වෙලාවකට හොඳයි. එහෙම වුණාමයි අපටත් වඩාත් හොඳට රගපාන්න සිතෙන්නේ. ඒ අභියෝගය වෘත්තිය මට්ටමේ එකක් මිසක් පෞද්ගලික මට්ටමේ නම් නොවෙයි.
ඔබට ලැඛෙන චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොම ?
මම නිතර ම උත්සාහ කරන්නේ අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවුණු චරිතය ම රගපාන්නටයි. එහිදී මගේ අතින් සිදුවුණු සාධාරණත්වය අනුවයි ඒ චරිතය නරඹන්නන් අතර ජනප්‍රිය වන්නේ. ඉඳහිට එහෙම නොවුණු නිර්මාණත් තිබුණා. නිතර ම මම රගපෑම් කටයුතු කරන විට උපරිම කැපවීමෙනුයි ඒ කටයුත්තේ නියැළෙන්නේ.
ඒ චරිත ගැන ඔබ යම් අධ්‍යයන කටයුත්තක් කරන්නේ නැද්ද?
සමහර අවස්ථාවලදි අධ්‍යයනයක් සමග කළ යුතු චරිත රගපාන්න මට ලැබිලා තිබුණා. ඇත්තම කතාව කිව්වොත් නිර්මාණ කරන විදියයි, ඒ සඳහා ලැබිලා තිඛෙන කාලයත් සමග අධ්‍යයන කටයුතු කරන්න තරම කාලයක් අපට ලැඛෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් සමහර චරිතවලට එහෙම අධ්‍යයනයක් කළ යුතු ම අවස්ථාත් තිඛෙනවා. ඒ විදියට මට ලැබුණු චරිතයක් නම් පියවි ටෙලි නාට්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පිනියකගේ චරිතයයි. ඒ චරිතය රගපාන්නට පෙර මා ඒ ගැන අධ්‍යයනයක් කළා. නැත්නම් සමහර අවස්ථාවලදි මට ලැඛෙන චරිතය මට දැනෙන අයුරෙන් වෙනස්කම් රැසක් කළ අවස්ථා ඕනෑ තරම් තිඛෙනවා. ඒත් එවැනි කටයුත්තක් කරන්නේ අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම ඇතිවයි. නැවතත් අලුතින් ම ලැබුණු ටෙලි නාට්‍යයක චරිතයක් සඳහා මට පැවරිලා තිඛෙන්නේ එවැනි කාර්යයක්. ඒ ත්‍රී රෝද රථයක් පදවන යුවතියකගේ චරිතයක්. ඒ නිසා මේ දවස්වල මම ත්‍රී රෝද රථයක් පදවන්න පුරුදු පුහුණු වෙනවා. ඒ නිර්මාණයේ කටයුතු අලුත් අවුරුද්ද අවසානයේ ආරම්භ කරන්නයි සිතාගෙන සිටින්නේ.
කලා පවුලකින් පැවත ගෙන එන නිසා ඔබගේ නිර්මාණ කටයුතුවලට ලැඛෙන සහයෝගය මොන වගේ ද?
තාත්තා, අම්මා ඇතුළු පවුලේ අයගෙනුයි පළමුව මගේ රංගන කටයුතුවලට සහයෝගය, විවේචන, විචාර ලැඛෙන්නේ. ඒකයි මට තිඛෙන ලොකු ම හයිය වන්නේ. ඔවුන් කිසිම දිනෙක මේ මේ චරිත පමණක් කරන්නැයි කියමින් නීති දමා නැහැ. එහෙත් යම්
නිර්මාණයක් භාර ගන්නවා නම් ඒ ගැන කිහිපවරක් සිතන්න කියන කාරණය පමණයි ඔවුන් මට පවසලා තිඛෙන්නේ. අම්මා නම් මම රගපාන සියලු ම නිර්මාණ නරඹන්න අමතක කරන්නේ නැහැ.
මේ විවාහ වෙන්න හොඳ ම කාලය නේද?
ගෙදරින් නම් ඒ අදහස ගැන කිව්වා. ඒත් තවමත් මගේ සිත විවාහ වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අම්මා ගිය අවුරුද්දේ කිව්වේ විවාහ වෙන්න කාලය අවුරුද්දක් දෙන්නම් කියලා. ඒත් එක්කම මම ඇගෙන් තවත් අවුරුද්දක් කල් ගත්තා.
වෘත්තියට තිඛෙන ආදරය නිසා ද විවාහය පමා කරන්නේ?
මම කරන දේවල් එක්ක රංගන වෘත්තියට කැමැතියි. ඉක්මනින් විවාහ වෙන්න වුණොත් ඒ කටයුතු නවත්වන්න වේවි කියලා සිතෙනවා. එහෙම වුණොත් මට දුකක් ඇතිවේවි. ඒ නිසා විවාහ වෙන්න තවම කල් තිඛෙන නිසා නිදහසේ රංගන කටයුතු තවත් ටික කාලයක් කරගෙන යනවා.
0 comments:
Post a Comment