මං ආඩම්බරයි කියන එක වැරදියි - උමයංගනා


 මං ආඩම්බරයි කියන එක වැරදියි - උමයංගනා

උමයංගනාට අවුරුදු ජයයි වගේ?

මම හැමදාමත් හිතේ සැනසීමෙන් ජීවත්වෙන්න උත්සාහ කරන කෙනෙක්. මේපාර සිංහල අවුරුද්ද ලොකුවට සමරන්න බලා‍පොරොත්තුවක් නැහැ. මොකද මගේ අම්මා මීට ටික කාලෙකට කලින් අන්ත්‍රා වුණු නිසා. අම්මා නැතිව මට කවදා කිරි උතුරාවිද කියන්න මම දන්නේ නැහැ. නමුත් අවබෝධයෙන්, සැනසීමෙන් හැමදාම ජීවත්වෙන්න උත්සාහ ගන්නවා.

අවුරුදු දවසේ විශේෂ සැලසුමක් තිඛෙන බව ආරංචියි?

ඔව්. අවුරුදු දවසේ විදේශගත වෙන්න සිද්ධවෙලා තියෙනවා. පිටරට අවුරුදු උත්සවයකට මම විශේෂ අමුත්තෙක් විදියට සහභාගී වෙන්න සූදානම් වෙලා ඉන්නවා.

අලුත් අවුරුද්දේ හීනය හොඳම නිළිය විදියට ඇගයුම් ලැබිමද? ජනප්‍රියම නිළිය විදියට ඇගයීම් ලැබිමද?

ඔය ඇගයීම් සම්මාන කිහිපයක් ළගටම මම පහුගිය කාලයේ ගියා. හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඇගයීමක් ලැබුණොත් හරිම කැමැත්තෙන් භාරගන්නවා මිසක් සම්මාන ඉලක්ක කරගෙන රගපාන්නේ නැහැ.

වේදිකා නාට්‍ය තුළ අපි ඔබේ අපූරු හැකියාවක් දකිනවා?

ඔව්. පහුගිය කා‍ලේ වේදිකා නාට්‍ය දෙකකට සහභාගිවුණා. එකක්, මාරක ළිඳේ සවාරියක් නාට්‍යය. අනික, රජා මං වහලා නාට්‍යය. මේ නාට්‍ය දෙකම රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ අවසන් වටයට තේරුණා.

ඒ වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම් ගොන්නකුත් කළා. විශේෂයෙන්ම නාට්‍ය පෙර පුහුණුවීම්වලට හුගාක් මහන්සි වුණා. දර්ශන වෙනුවෙන් රට වටේ යන්නත් සිද්ධ වුණා. නමුත් ඉහළ ප්‍රතිචාර ලැඛෙන නිසා මහන්සිය ගැන දුකක් නෑ.

කොහොම නමුත් රංගනය වෙනුවෙන් කරන මේ මහන්සියට තාම නිසි ඇගයීම ලැබුණේ නෑ නේද?

ඒක අවස්ථා කිහිපයකදීම මගහැරුණා කියලා මටත් හිතෙනවා. ඇත්තටම හරි ඇගයීම ලැබුණා නම් කොච්චර හොඳද කියලා හිතුණු අවස්ථාත් නැතිවා නොවෙයි. නමුත් ඉතිං සම්මානයකට නිර්දේශ වීමත් ඇගයීමකට සමානයි. ඒ නිසා ලද දේවල්වලින් සතුටුවෙනවා.

මේ අවුරුද්දටම විශේෂ ඉලක්ක නැද්ද එතකොට?

මම මගේ මල්ලි සහ තවත් යාළුවෙක් සම්බන්ධ කරගෙන පධඤභජබඪධද ඩ්ධභඵඥ එකක වැඩ ආරම්භ කළා. දැනට හෙමින් හෙමින් අපි වැඩ කරගෙන යනවා. ඉදිරියේදී තවදුරටත් ර්භඵඪජ වීඩියෝ, වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය කරන්න බලා‍පොරොත්තු වෙනවා.

තමන්ම එහෙම ආයතනයක් පටන්ගත්තේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ අඩුපාඩුවක් දැකලද?

නැහැ. මම කොහොමත් කැමරාකරණය, ආලෝකකරණය වගේ විෂයන් ඉගෙන ගන්න හරි ආසයි. කැමරාවක් ඉදිරිපිට රගපෑවත් මම ඒ තාක්ෂණික කාරණා ගැනත් ලොකු අවබෝධයකින් ඉන්න ආස කරනවා. ඒක හරිම ලොකු තෘප්තියක් තියෙන දෙයක්. ඒවගේම ආර්ථිකයටත් හොඳ නිසා ව්‍යාපාරයක් විදියට වැඩ පටන් ගත්තා.

‍පොත් කියවන්න, වෙනත් විනෝදාංශවල නියැළෙන්න දැන් උමයංගනාට වෙලාවක් නැද්ද?

වෙලාව හොයාගැනීමේ ලොකු අමාරුකමක් තියෙනවා. ඒත් බෞද්ධ දර්ශනයට අදාළ ‍පොත් කියවන්න මම හරිම උනන්දුයි. ඒ වගේම කලා විෂය ගැන ‍පොත් කියවනවා. නවකතා නම් කියවනවා හරිම අඩුයි.

වේදිකාව නිසා පුංචි තිරයට එන කාලය අඩුවීම ගැන පසුතැවීමක් නැද්ද?

නැහැ. වේදිකා නාට්‍ය නිසා මට ලොකු ආත්ම තෘප්තියක් තියෙනවා. ඇත්තටම පහුගිය කා‍ලේ මම දීර්ඝ ටෙලිනාට්‍ය 05ක් විතරම ප්‍රතික්ෂේප කළා. කාලය ගැන ගැටලුවක් තියෙන නිසා.

හැම නිතරම කාර්ය බහුලයි කියන නිසා අපි හිතුවේ උමයංගනා ආඩම්බරකාරියක් කියලයි.?

එහෙම නැහැ. දුරකථනයෙන් මාව සම්බන්ධ කරගන්න හුගක් අයට අමාරුයි. මොකද මම වැඩක ඉන්නවා නම් මම දුරකථනයට එන්නේ හරිම අඩුවෙන්. මම හැම නිතරම වැඩේට මුල්තැන දීලා කරන වැඩේ ගැන අවධානයෙන් ඉන්නේ. ඉතින් එහෙම කැපවෙනකොට මං ආඩම්බරයි කියන එක වැරදියි නේද?

මම බොහොම සුහද කෙනෙක්. ඒත් මං හිතන්නේ වැඩේට සාධාරණය ඉෂ්ට වෙන්නේ මං එහෙම හරියට වැඩ කළොත් තමයි කියලයි.



Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Umayangana Wickramasinghe, Umayangana gossip, Umayangana new, Umayangana hot news, Umayangana photos, Umayangana photoshoot, Umayangana tele drama, Actress umayangana, Hot News,

0 comments:

Post a Comment