ප්‍රතිභා වගේ බිරියක් ලබන්න ගොඩක් වාසනාවන්ත විය යුතුයි

ප්‍රතිභා වගේ බිරියක් ලබන්න ගොඩක් වාසනාවන්ත විය යුතුයි

අලුත් අවුරුද්දේ සොඳුරු අසිරිය තවමත් පහවගොස් නැත. නගරයේ වුවත් සතර දෙසින්ම කොහාගේ කොවුල් නාදය තවමත් ඇසෙයි. මේ හැමදේම අතරින් අපි රාජගිරියට පිය මැන්නේ තවත් සොඳුරු කැදැල්ලක අසිරිය ඔබවෙත ගෙන එන්නයි. ඒ නව පරපුරේ ජනප්‍රිය නිළියක වන ප්‍රතිභා හෙට්ටිආරච්චි සහ වෙනුර වල්පිටගේ සොඳුරු නිවහනටයි.


ප්‍රතිභා ලැබූ අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
ගොඩක් හොදයි. බොහොම සතුටින් ගත කළා. පුතත් ඉන්න නිසා චාරිත්‍රවාරිත්‍ර හොඳින්ම ඉටුකළා. අම්මල,තාත්තල,අයිය එක්ක තමයි අවුරුදු සැමරුවේ. තවමත් නෑදෑයින්ගේ සහ හිත මිතුරන්ගේ ගෙවල්වල යනවා. ඔවුන් අපේ ගෙදර එනවා.


කලා නිර්මාණවලට දායක වුණේ නැද්ද?
පසුගිය දවස්වල නම් මම රගපාපු නාට්‍ය කිහිපයක්ම විකාශය වී අවසන් වුණා. මේ දවස්වල නම් කිසිම කලා නිර්මාණයකට දායක වුණේ නැහැ. දැන් පුතාට මාස නමයයි. තවම පුතා පොඩි නිසා මගේ කාලයෙන් වැඩි වෙලාවක් එයා වෙනුවෙන් තමයි යොදවා තිඛෙන්නේ.

ඉක්මනින්ම මවක් වීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක් සතුටුයි. මව් පදවිය තමයි ලෝකේ තිඛෙන උතුම්ම පදවිය. වගකීම් වැඩියි. නමුත් මමත් හිතාගෙන ඉන්නේ මගේ අම්මා මාවයි අයියවයි හදපු විදිහටම මගේ පුතාවත් ඒ මාර්ගයේ යවමින් ඇති දැඩි කරන්නයි.

පුතාගේ වැඩ කටයුතු සිදුවෙන්නේ ප්‍රතිභා අතින්මද?

මට ඉඩ ලැඛෙන හැම මොහොතෙම මම පුතා එක්ක තමයි කාලය ගත කරන්නේ. නමුත් රැකියාවේ වැඩ කටයුතු නිසා පුතාව බලාගන්නේ මගේ අම්මා. ඒ වගේම ඒ වැඩකටයුතුවලට සහායට කෙනෙකුත් ඉන්නවා. පුතා බලා ගන්න ඕන නිසාම අම්මා ගුරුවෘත්තියෙන් කලින්ම විශ්‍රාම ගත්තා. අම්මගෙනුයි තාත්තගෙනුයි ලැඛෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ.

ප්‍රතිභා ඔබ වෘත්තියෙන් කවුරුන්ද?

මම තොරතුරු තාක්ෂණ ආයතනයේ අලෙවිකරණය පිළබඳ ඉගැන්වීම් සිදු කරනවා. රංගනය කියන දේ අපේ උරුමය. එය අපේ ජීවිතවලින් කවදාවත් ඈත් කරන්න බැහැ. එනිසා කාලවේලාව ලැඛෙන ආකාරය අනුව වේදිකාවේ වගේම ටෙලිනාට්‍යවලටත් මම රංගනයෙන් දායක වෙනවා. අනෙක මම රගපාන්න ඕන නිසා රගපාන කෙනෙක් නෙමෙයි. මට හොඳ පිටපතක් ලැබුණොත් එයින් යමක් සමාජයට ලබා දෙන්න පුළුවන් නම් මම එය බාරගන්නවා.

ප්‍රතිභා ටිකෙන් ටික ඔබ කලාවෙන් දුරස් වෙයිද?

එහෙම නම් කවදාවත් වෙන්නේ නැහැ. වෙන්නත් බැහැ. දවස පුරාම අපේ ගෙදර තියෙන්නේ කලා පරිසරයක්. කතාබහ වෙන්නේ කතා කරන්නේ කලාව, කලාකරුවන් ගැන.

ප්‍රතිභා ඔබ දවස සැලැසුම් කර ගන්නේ කොහොමද?

මමත් මගේ මහත්තයා වෙනුර දෙදෙනාම රැකියාවට යන නිසා කොහොමත් සතියේ දිනවල මම පාන්දර පහ වන විට නැගිටිනවා. අපි දෙන්නම උදේට ගෙනියන ආහාර සූදානම් කරගෙන මගේ මහගෙදරට පුතාව දීලා අපි දෙන්නම රැකියාවට යනවා. නැවත වැඩ ඇරිලා මහගෙදරට එනවා. අම්මා බොහෝවිට රෑ කෑම සුදානම් කර තියනවා.

ප්‍රතිභා - වෙනුර හමුවීම සිදු වුණේ කොහොමද? මම අසල සිටින වෙනුරගෙන් විමසුවෙමි.

අපි හමුවුණේ යෝජිත විවාහයකින්. නමුත් මම ප්‍රතිභාව මිතුරියක් විදිහට හඳුනනවා. අපේ පවුල් දෙකත් හඳුනනවා.මව්පියන් ගේ යෝජනාවක් අනුව තමයි අපේ විවාහය සිදු වුණේ.

2014 ජූලි අපි විවාහ වුණා. ලොකු කාලයක් ආශ්‍රය කරන්න නොලැබුණත් අපි ආශ්‍රය කරපු කාලයේ අපි දෙදෙනා හොඳින්ම ගැළපෙන බව අපිට දැනුණා. අදටත් අපි දෙන්නා බොහොම සතුටින් ජීවිතය ගත කරනවා.
වෙනුරගෙන් ලැඛෙන සහයෝගය කොහොමද?

ගෙදර දොර ජීවිතය වගේම කලා කටයුතුවලටත් වෙනුරගෙන් මට ලොකු සහයෝගයක් ලැඛෙනවා. පුතාව නාවන තැන ඉඳල හැමදේටම ඔහුගෙන් විශාල සහයෝගයක් ලැඛෙනවා.

වෙනුර නෙස්ලේ ආයතනයේ කළමනාකරුවෙක් ලෙස සේවය කරනවා. මම හිතන්නේ මට හැම අතින්ම ගැළපෙනම කෙනා ඔහු තමයි. වෙනුරගේ ගතිගුණත් සියයට සියයක්ම මගේ තාත්තගේ ගතිගුණ වගෙයි.

ප්‍රතිභා වැනි බිරියක් ලැබීම ගැන මොකද හිතන්නේ? සිනහ මුවින් සිටින වෙනුරගෙන් ඇසුවෙමි.

ප්‍රතිභා කියන්නේ හැම අතින්ම සාර්ථක හැමදේම සමබරව පවත්වාගෙන යන්න දක්ෂ බිරියක්. ඇය බිරියක් මවක් විදිහට ඇයට පැවරුණු වගකීම් නිසිලෙස ඉටුකරනවා. මම හිතන්නේ ප්‍රතිභා වගේ බිරියක් ලබන්න ගොඩක් වාසනාවන්ත විය යුතුයි.

නිවාඩුවක් ලැබුණම ඔබ දෙදෙනා ඇවිදින්න යන්නේ නැත්ද?

මොකද නැත්තේ? මමත් වෙනුරත් වැඩියෙන්ම යන්න කැමැති ගාලු කොටුවට. ගාලුකොටුවේ තිඛෙන පරිසරයට අපි ගොඩක් ආසයි. අම්මලත් එක්ක පුතාවත් අරගෙන අපි නිතරම ගාලු යනවා. එහෙම නැතිනම් කොළඹ අවට ඇවිදින්න යනවා.

ප්‍රතිභා අතින් සැකසෙන රසවත් කෑමබීම මොනවාද?

මගේ අතින් හැදෙන චිකන් කරි එකට වෙනුර ගොඩක් ආසයි. කොහොමත් එයාට ඕන කෑමබීම මට කියලා හදව ගන්නවා. එක එක දවසට වෙනස් වෙනස් කෑම බීම මගේ අතින් සැකසෙනවා.



Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Prathibha hettiarachchi, Prathibha hettiarachchi gossip, Prathibha hettiarachchi, Prathibha hettiarachchi hot gossip, Prathibha hettiarachchi new, Prathibha hettiarachchi photos, Prathibha hettiarachchi photoshoot, Actress Pathiba, Hot Gossips,

0 comments:

Post a Comment