ජනප්‍රිය නිළි අංජලී ලියනගේ මහින්දට මගුල් කතාවක් කියලා

අංජලී ලියනගේ ගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 29 වැනිදාටය. එදින හිමිදිරියේම අංජලීට සිය ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබේ. ඇයට මේ ඇමතුම ලැබී ඇත්තේ කාන්තාවකගෙනි, එම කාන්තාව අංජලීට පවසා ඇත්තේ ඇයට ජනපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ඇති බවයි.
මේ ඇමතුමත් සමඟ අන්ද මන්ද වූ අංජලී, මෙය ටක්කයටම සිය සහෝදර රංගන ශිල්පියකුගේ ලණුවක් යැයි සිතා “ ආ දෙන්නකෝ ජනාධිපති තුමාට” යැයි පවසා තිබේ. ටික වේලාවකින් පිරිමි කටහඬක් මතුවී තිබේ.
සුබ උදෑසනක් අංජලී මම ජනාධිපති තුමා යැයි ඒ පුද්ගලයාද පවසා ඇත.
කටකාර අංජලී ගත් කටටම පවසා ඇත්තේ, “ අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියන්කෝ” යනුවෙනි.
ඉන් පසුව ටික වේලාවකින් අංජලීට මේ ඇමතුම ලබාදුන් අය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව හඳුනා ගැනීමට හැකිව තිබේ.
කෙසේවුවද, හිටපු ජනපතිවරයා අංජලීගේ උපන්දිනයට සුභ පතා, ඇමතුම විසන්ධි කරන්නට පෙර පවසා ඇත්තෙ “ අපි විහිළු කරන්නේ නෑ” යනුවෙනි.






0 comments:

Post a Comment