ලබන මාර්තු 5 වැනිදා තමා විවාහවන බව හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනියක හා නිළියක වන උපෙක්ෂා ස්වර්ණමාලි (පබා) කියයි.
ව්‍යාපාරිකයකු වන සමන්ත පෙරේරා සමඟ තමා නැවත විවාහ වන බව පවසන ඇය සිය විවාහ මංගල්‍ය කිංග්ස්බරී හෝටලයේ පැවැත්වෙන බවද කියා සිටී.ඇයව එදිනට ධනංජය බණ්ඩාර විසින් හැඩකරන අතර ස්ටුඩියෝ 3000 ඇගේ ඡායාරූප ඇල්බමය සකස්කරදීමට නියමිත බවද පැවසේ.
මීට පෙර උපේක්ෂා පසුගිය 24 වැනිදා විවාහවීමට සියල්ල සූදානම් කරගෙන සිටියද ඇගේ මවට ඇතිවූ හදිස්සි අසනීප තත්ත්වයක් හේතුවෙන් එය කල් ගියේය.
පබා සිය මනමාලයා ගැන මෙසේද කියා සිටී.
එයා මට වඩා අවුරුදු 8 ක් වැඩිමල්. මට වඩා උසයි. මට වඩා චුට්ටක් කළුයි. රථවාහන සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නේ. පදිංචිය කඳානේ. දෙන්නම එකම ආගමේ. අපි 2011 ඉඳන් අඳුනනවා. ඒත් අපි පෙම්වතුන් වුණේ 2015 ඔක්තෝබර් 03. ප්‍රේම සම්බන්ධයක් වුණත් මේ විවාහය සිද්ධ වෙන්නේ යෝජිත විවාහයක් විදියට. අපි ආදරය කරන්නේ විවාහයෙන් පස්සේ.
0 comments:
Post a Comment