වෙබ් අඩවි මාව කිම් කාඩිෂන්ට සමාන කළා
මම ජිම් යන්නේ ඇග හැඩකරගන්න - නතාෂා රත්නායක
නතාෂා රත්නායක ගැන පසුගිය කාලය පුරාවට කතාබහටවුණා. විශේෂයෙන් ජිම් එකක සිදුකළ වීඩියෝවක් හින්දා අන්තර්ජාලය හරහාද ඇය වැඩිපුර කතාබහට ලක්වුණා. මේ නිසාම අපි ඇයත් සමග පුංචි පිළිසඳරක යෙදුණා.
නතාෂා ගායිකාවක් විදිහට ජනප්‍රියයි කියලා හිතනවාද?
මම මෙතැනට එන්න ගොඩක් මහන්සි වුණා. අද වෙනකොට මිනිස්සු මාව ගායිකාවක් විදිහට පිළිගෙන තිඛෙනවා. මම හරි ආඩම්බර වෙනවා මේ තැනට එන්න ලැබීම ගැන. ඒ වගේම මම ඉන්න තැන පිළිබඳ ඇත්තටම සතුටුයි.
ඔබව ගොඩක් දකින්න ලැඛෙන්නේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවලදී විතරයි නේද?
එහෙම නැහැ. මට ප්‍රසංගවලට ආරාධනා ලැඛෙනවා.
එළිමහන් ප්‍රසංගවලට ආරාධනා ලැඛෙන්නේ නැතිද?
ආරාධනා ලැඛෙනවා. නමුත් හැම වැඩක්ම භාරගන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි භාරගන්නේ. මගේ සංගීත ශෛලිය හැමෝම පිළිගන්නේ නැහැ. බටහිර ශෛලියේ ගීතවලට එතරම් පිළිගැනීමක් නැති හින්දා කොළඹින් පිට ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ.
නතාෂා කියන්නේ විදේශීය කාන්තාවක්ද?
මම මිශ්‍ර කාන්තාවක්. මගේ පරම්පරාව ජාතීන් හතරක් නියෝජනය කරනවා. සිංහල, දෙමළ, මැලේ සහ බර්ගර් කියන ජාතීන් හතරම මගේ පවුල නියෝජනය කරනවා.
අද ඔබ ඉන්න තැනට ආවේ කොහොමද?
මම අවුරුදු දහසයේදී දාහතේදී අපාර්ට්මන්ට් එකක් හෙව්වා පදිංචිවෙන්න. ඒක මට ලබාදුන්න කාන්තාව සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියා. එම කාන්තාව මට යෝජනාවක් කළා ඇයගේ සංගීත කණ්ඩායමට ප්‍රධාන ගායිකාවක් හොයලා දෙන්න කියලා. ඒ වෙලාවේ මම ඇහුවා වෙන කෙනෙක් සොයන වෙලාවේ මාව සම්බන්ධ කරගන්න බැරිද කියලා. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. ඒ සංගීත කණ්ඩායමත් සමග මම අවුරුදු දෙකක් විතර ගීත ගායනා කළා. ඊට පසුව මගේම ශෛලියෙන් තනිවම ගීත ගායනා කරන්න පෙළඹුණා.
ඔබ බ්‍රිට්නි ස්පියර්, ජෙනිද්යර් ලෝපස් කොපිකරනවා නේද?
අපොයි නැහැ. මම හිතන්නේ ලංකාවේ ගොඩක් අය බටහිර ගායික ගායිකාවන් අනුකරණය කරනවා. හැබැයි බටහිර ගායනය කියන්නේ ලංකාවට හුරු දෙයක් නෙමෙයි. ඉතිං ඒ ආභාසය ලබන ගායක ගායිකාවන්ව අනුකරණය කරනවා කියන එක නවත්වන්න බැහැ. හැබැයි කොපි කරන්නේ නැහැ.
සමාජ වෙබ් අඩවි අතරේත් ඔබ හරි ජනප්‍රියයි ?
සන්තෝසයි. හැබැයි ගොඩක් සමාජ ජාල වෙබ් අඩවි පළ කරන ගොසිප් කතා මට නවත්වන්න බැහැ. මේවා කියවන අය එතකොට මා ගැන වැරදි විදිහට හිතන්න පුළුවන්. මේ කතා පළ කිරීමෙන් මට සිදුවන්නේ හානියක්. හැබැයි මේවා කියවන අය සිහිබුද්ධියෙන් කියවිය යුතුයි. මොකද ඒ පළවන කතා සියල්ල පළකරන්නේ මගෙන් මොකුත් අහලා නෙමෙයි. ඔහේ තමන්ට හිතෙන දේ තමයි ලියන්නේ. මට ඒ ගැන මොකුත් කියන්නත් බැහැ. වළක්වන්නත් බැහැ.
සමාජ වෙබ් අඩවි ඔබව කිම් කාඩිෂන්ට සමාන කරලත් තියෙනවා නේද?
අන්තර්ජාලයේ තියෙන සමාජ වෙබ් අඩවි මාව කිම් කාඩිෂන්ට සමාන කරලත් තියෙනවා. දෙවියන්වහන්සේ මට සුන්දර සිරුරක් ලබාදීලා තියෙනවා. ඒ සිරුර ජිම් එකට ගිහිං තවදුරටත් වැඩිදියුණු කරගෙන තියෙනවා. මම ව්‍යායාම කරන්නේ මගේ ශරීර සෞඛ්‍ය සම්පන්නව තියාගන්නයි. අනික් කාරණාව මම වේදිකාවේ දුවලා පැනලා වැඩකරන චරිතයක්. ඒ සඳහා හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕනෑ.
ඔබට මෙහෙම නමකින් හැඳින්වීම ගැන දුක් වෙනවාද?
ඇත්තටම දුක්වෙනවා. මොකද මට අම්මයි තාත්තයි නමක් දීලා තියෙනවා. ඒ නමට මම ගොඩක් ගෞරව කරනවා වගේම ආඩම්බරයි. ඒ නම හින්දා ලංකාවේ මාව ගොඩක් දෙනෙක් අඳුරගත්තා. අනික කාගෙවත් නමක් මගේ නමට ඈ¹ගන්න ඕනෑ නැහැ.
ඇයි මේ සිරුර හැඩට තියාගන්න මේ තරම් මහන්සි වෙන්නේ ?
ගොඩක් දෙනෙක් හිතන්නේ මම ජිම් යන්නේ යූටියුබ් දාන්න කියලා. නැහැ මම ව්‍යායාම් කරන්නේ මගේ ශරීර සෞඛ්‍යය හොඳින් තියාගන්න. ඒ වගේම මගේ ජීම් යන වීඩියෝ මෙහි පළකරලා මම බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙකුට එවැනි ව්‍යායාම් සිදුකරන්න කියලා පණිවුඩයක් ලබාදෙන්න.
මේ වීඩියෝවෙන් පසුව හැමෝම ජිම් ගිහිං වීඩියෝ පළකරන්න ගත්තා. මේකත් දැන් රැල්ලක් බවට පත්වෙලා?
මම තමයි පළමුවෙන්ම මේක පටන්ගත්තේ. දැන් හැමෝම වගේ ජිම් ගිහිං ව්‍යායාම් කරලා ශරීර සෞඛ්‍යය හොඳට තියාගන්න උත්සාහ කරනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ව්‍යායාම් කිරීමෙන් ශරීරයට සිදුවන්නේ හොඳක්නේ. මගේ අරමුණ ඉටුවුණා කියලයි හිතන්නේ.
ඔබ ගැන පළවන ගොසිප් ගැන මොකද හිතන්නේ ?
වෙබ් අඩවි ඕනෑදෙයක් කියපුවා දෙන් මම ඒවා නිවැරදි කරන්න යන්නේ නැහැ. මොකද මගෙත් එක්ක වැඩකරලා තියෙන මිනිස්සු මම කවුද කියන්න දන්නවා. අනික ගොසිප් කියන්නේ ගොසිප්වලටනේ. ගොසිප් ලියන්නේ වැඩ නැති මිනිස්සු. ඒවා කියවන අය සිහිබුද්ධියෙන් කියවිය යුතුයි.
0 comments:
Post a Comment