Mar 1, 2016

සිංහරාජයෙන් හමුවුණු අමුතු සතාගේ වතගොත මෙන්න (PHOTOS)

සිංහරාජ වනාන්තරයෙන් අමුතු සතෙකු හමුවීමේ පුවතක් ඊයේ (29) වාර්තා වුණා. එම සත්වයා හඳුනාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව මහජන සහය පතන බවද ඇතැම් මාධ්‍ය වාරාතා කළා. කෙසේ වෙතත් මෙම සත්වයා මෙතෙක් හඳුනා නොගත් අමුතු සත්වයෙකුයැයි පැවසීම නිවැරදි නොවන බවයි 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අප හා පැවසූවේ. “මේ සතා අමුතු සතෙක් කියල කීම මුසාවක්. හෝතඹු හෝ උගුඩු පවුලට අයත් සතෙක් වගෙයි බැලූ බැල්මට පේන්නෙ. හැබැයි මෙයාගෙ වලිගය පේන්න නැහැ. ඒත් වලිගය තිබුණ බවට සලකුණු තිබෙනව. කුඩා කාලයේදී මේ සතාගෙ වලිගය කැඩිල වෙන්නත් පුළුවන්. වලිගය නැතුවම උපන්න වෙන්නත් පුළුවන්. 

ඒක එක්ස් රේ පරීක්ෂණයකින් නිවැරදිව හඳුනාගන්න පුළුවන්. එහෙම නැත්නම් අංග විකලව ඉපදිච්ච සතෙක් වෙන්නත් පුළුවන්. ජාන විකෘතියක් නිසා මේ සතාගෙ වර්ණය සහ පෙනුම යම් තරමක් වෙනසක් වෙලා මෙහෙම වෙන්න ඇති කියලත් විශ්වාස කරන්න පුළුවන්.






No comments:

Post a Comment