මඩ කියන දේවල් හැමදාම මට වැදෙනවා

මඩ කියන දේවල් හැමදාම මට වැදෙනවා

ගයේෂා ආයෙම රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් විදියට පේන්න අරගෙන?
ඔව්. පසුගිය කාලේ මම නිර්මාණ භාරගත්තේ හරිම අඩුවෙන්. ඒත් දැන් කලා නිර්මාණ කිහිපයක්ම භාර අරගෙන වැඩ කරනවා. ඒ නිසා කලාව පැත්තෙන් විශේෂයක් වෙයි.


නිහැර්ඩියාවක ඉඳලා කලා ශිල්පිනියක් විදියට පේන්න ගත්තම ප්‍රතිචාරවල වෙනසක් දැනෙනවද?
ලැඛෙන ප්‍රතිචාර කිසිම අඩුවක් වෙලා නැහැ. කලාව දෙවියන්ගේ දෙයක් නිසා කලාවට බොහෝ දෙනෙක් ආදරෙයි. ඉතින් මට හිතාගන්නවත් බැරි තරමේ ප්‍රතිචාර ලැඛෙනවා.

ගයේෂා කලා කටයුතුවලින් නිහඬ වෙලා හිටියේ කලාවට තිබ්බ ආදරේ නැති වෙලාවත්ද?
කලාවට ආදරේ නැති නිසා නෙමෙයි. එක කාලයක් රැල්ලකට නිර්මාණ ආවා. ඒ පදනමක් නැති නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට ඕන වුණේ නැහැ. ඒකයි මම කලා නිර්මාණවලට සම්බන්ධ වීමේ පසුබෑමක් තිබ්බේ. හොඳ නිර්මාණවලට දායක වෙන්න මම කැමැතියි. හොඳ නිර්මාණ ලැඛෙද්දි සියයට සියයක් මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි මට දැන් ලැබිලා තියෙන නිර්මාණ එක්ක වැඩ කරන්න ආසාව වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා කලාව පැත්තෙන් මම දකින්න පුළුවන්.

ඒ කියන්නේ ගයේෂට කලා කටයුතු පැත්තෙන් මේ ලබලා තියෙන්නේ හොඳ කාලයක්ද?
ඔව්. කලා කටයුතු පැත්තෙන් මේ හොඳ කාලයක් වෙයි. මම සම්බන්ධ වුණ සඳවතියේ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. තවත් ටෙලි නාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනවා. ඒ අතරින් අරලිය අරණ වගේම රජවත්ත ටෙලි නාට්‍ය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. පැරෂුට් සහ බඹර වසන්තේ කියන චිත්‍රපට දෙක තිරගත වෙන්නත් තියෙනවා. තවත් හොඳ චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ වගේම සනත් අබේසේකරයන්ගේ පින් වඩන බුද්ධ භූමි වන්දනා චිත්‍රපටයටත් පසුගිය කාලේ සම්බන්ධ වුණා.

සිනමාව තුළ ගයේෂට වටිනාකමක් හැදිලා තියෙනවද?
සිනමාව පැත්තෙන් තාම නැහැ. මගේ දක්‍ෂතාව පෙන්වන්න චිත්‍රපට ලැබුණා අඩුයි. බඹර වසන්තේ සහ පැරෂුට් කියන චිත්‍රපටවලින් හොඳ ප්‍රතිචාර ලැඛෙයි කියලා හිතනවා. සනත් අබේසේකරයන්ගේ ඛ්ධ්ච් ෆයිල් නයින්ටි නයින් චිත්‍රපටයෙනුත් මගේ රංගන දක්‍ෂතාවය දකින්න පුළුවන් වෙයි.

සිනමාවෙන් වටිනාකමක් හදාගන්න බැරි වුණා කිව්වට ගයේෂා සම්බන්ධ වෙන නිර්මාණවලින් කතාබහට නම් ලක්වෙනවා නේද?
මම මොන දේ කළත් කතාබහට ලක්වෙනවා. ගයේෂා පෙරේරව විකුණන්න පුළුවන් නිසා තමයි කලා නිර්මාණවලට සම්බන්ධ කරගන්නේ. නිර්මාණවලට ගයේෂා පෙරේරව ගන්නේ ප්‍රසිද්ධියට.

ප්‍රසිද්ධිය මිසක් ගයේෂගේ රංගනයෙන් නිර්මාණවලට වැඩක් වෙන්නේ නැද්ද?
ගයේෂට නටන්න, රගපාන්න වගේම ර්ථීභඡතඪජඪබර තියෙනවා කියලා අධ්‍යක්‍ෂවරු හිතනවා. දෙයක් කරනවා වගේම විකුණගන්න පැත්තෙනුත් හිතන එක හොඳයි. සියලු දේ එකම වහලක් යටින් ගන්න පුළුවන් නිසා තමයි මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නේ.

ගයේෂට මඩ පාරවල් නම් හරියට වැදෙනවා නේද?
මඩ කියන දේවල් හැමදාම මට වදිනවා. ඒවා මගේ ජීවිතය තුළ කතාබහ නොවුණා නම් කිසි රහක් නෑ.

ජීවිතේ ඒ රහ වෙනුවෙන් මඩ ගහගන්නේ කැමැත්තෙන්මද?
මම හිතාමතා මඩ ගහගන්නේ නෑ. මගේ නිර්මාණ ගැන කතා නොකළත් මං ගැන කතා කරන, මගේ නම කියන වාරයක් ගාණේ වටිනාකමක් තියෙන නිසානේ එක එක දේවල්වලට මං ගැන කතා කරන්නේ කියලා හිතෙනවා. නිර්මාණයක් කියන්නේ අපි සම්බන්ධ වෙන චරිතයක්. ඒක අපේ පෞද්ගලික ජීවිතය නෙමෙයි. ඒක තේරුම් ගන්නයි ඕනේ.

ගයේෂා කොල්ලෝ දෙන්නෙක්ට පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරනවා නේද?
ඒ මම සම්බන්ධ වන අලුත්ම චිත්‍රපටයේ දර්ශනයක්.

ඇත්තටම ගයේෂා චණ්ඩිකාරයිද?
මම අයිතිවාසිකම් වෙනුවෙන් අසාධාරණකම් වෙනුවෙන් කතා කරනවා. කාටවත් බය නෑ. කෙළින් කතා කරනවා. ඒක චණ්ඩිකාරකමක් නම් ඔව් මම චණ්ඩිකාරියක්.

දැන් නර්තනයෙනුත් අනිත් අයට අභියෝගයක් වෙන්නද ලෑස්ති වෙන්නේ?

මම එහෙම කිසිම කෙනෙක්ට අභියෝගයක් වෙන්න හදන්නේ නෑ. මම ඒ නර්තන තරගයේ කලා ශිල්පීන් හැමෝම එක්ක සුහදව වැඩ කරනවා.

වෙන කිසිම දේකත් ගයේෂා අභියෝගාත්මක චරිතයක් වෙන්න උත්සාහ කරන්නේ නැද්ද?

මට කාටවත් අභියෝගයක් වෙන්න ඕනේ නෑ. මට ඕන මගේ දක්‍ෂතාව පෙන්වන්න විතරයි. අභියෝගයක් කියලා තව කෙනෙක්ගේ දෙයක් මට ගන්නවත් මගේ දෙයක් වෙන කාටවත් ගන්නවත් බැහැනේ. ප්‍රේක්‍ෂකයෝ හදා ගන්න නම් අභියෝගයක් නොවී දක්‍ෂතාව පෙන්නුවහම ඇති.

නිර්මාණ කටයුත්තකට අත ගහන්න හිටියා නේද? ඒ අදහසට මොකද වුණේ?
මේ අවුරුද්දේ බොහෝදුරට නිර්මාණයක නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙනවා



0 comments:

Post a Comment