ඇය වඩාත් ජනප්‍රිය වුණේ් නිරූපිකාවක් විදිහට. නමුත් මේ වෙද්දී ඇය රූ රැජනක් ලෙස වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ජනප්‍රියත්වයට පත්වී හමාරයි... ඇය නමින් ටීනා ෂනෙල්....
දිගටම shooting වගේ..
ඔව්.. ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ දේදුනු ආකාසේ සෙකප එකේ ප්‍රධාන චරිතයකට ඇරයුම් ලැබුණා. ඒකෙ වැඩ පටන් ගත්තා. ඉතිං මේ දවස්වල ඒ වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ.
teledrama වලට ආරධනා ලැබුණේ නැද්ද?
teledrama වලට හුගක් ආරාධනා ලැබුණා. ඒත් මගේ වැඩි කැමැත්තක් නෑ. මං කැමති වැඩිපුර සෙකපි වලට දායක වෙන්න. ඉස්සරහට බලමු ඉතිං... මොකද මේ වෙද්දී තව film එකකටත් ආරධනා ලැබිලා තියෙනවා. කල්පනා කරලා බලන්න ඕන...
වේදිකා නාට්‍ය වලට සම්බන්ධ නොවෙන්නේ?
ඇත්තටම ඒ ගැන ලොකු කැමැත්තක් නෑ. මහ හුගක් ආරාධනා ලැබුණෙත් නෑ. film එකේ වැඩ ටික හරියට කරගන්න එක තමයි බලාපොරොත්තුව.
ප්‍රධාන චරිත ලැබුණට පස්සේ නිරූපණ කටයුතු අත්ඇරියද?
අපෝ නෑ..... මං කැමතිම දේ ඒක. අනික ඒ මගේ වෘත්තීය. මං ක්ෂේත්රයට එන්නේ නිරූපිකාවක් විදිහට. ඒ නිසා නිරූපණ ක්ෂේත්රය අත් අරින්නේ නෑ මං.
ඔබේ පවුලේ කවුද මේ ක්ෂේත්රයට සම්බන්ධ?
මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. එක අක්කා කෙනෙක් නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.
කවුද ඒ?
මිෂෙල්
ෂේන් ඔබේ කව්ද?
කව්රුත් නෙමෙයි.
බොරු...
ඇත්ත.
එතකොට මේ කට කතාවක් විතරක්ද?
මොකක්ද?
ෂේන් ඔබේ පෙම්වතා කියන එක?
ඇත්තටම ඒක බොරුවක්. ෂේන් මට අයියා කෙනෙක්, සහෝදරයෙක් වගේ. එතනින් එහාට කිසි දෙයක් නෑ..
ඔබ වැඩිපුර දකින්න ලැඛෙන්නේ ෂේන්ගේ music video වල කියලා කිව්වොත්?
music video වල ඉන්නවා තමයි. ඉතිං මං ශිහාන් ගේ music video වලත් ඉන්නවනේ. එයා බැඳලා.. ඉතිං ෂේනුත් බැඳලා. අනේ මන්දා. ඇයි එහෙම කියන්නේ කියලා...
සමහරු නං කියන්නේ ටීනා ෂේන් එක්ක පාටි වලට එහෙම යනවා එනවා කියලා..
බොරු අනේ.. කව්ද කියන්නේ.... අපි එකම ක්ෂේත්රයේ. ඉතිං උත්සව අවස්ථාවල එකිනෙකාට හම්බවෙනවා. නමුත් අපි දෙන්න කලින් දන්නේ නෑ අපි දෙන්නටම ආරාධනා ලැබිලා කියලවත්. මං කවදාවත් ෂේන් එක්ක කොහෙවත් ගිහින් නෑ, පාටි එකකටවත්. ඔය ඔක්කොම බොරු.
ඔයාට නම කියන්නම්... හැබැයිboy friend කෙනෙක් ඉන්නවා කියලා විතරක් ලියන්න. පස්සේ විස්තර හැමෝටම කියන්නම්කො...
කවදද wedding එක?
ඒ ගැන කිසිම plan එකක් මගේ හිතේ නෑ. මොකද ඇත්තටම boy friend කෙනෙක් හිටියට මං තාම විවාහය ගැන හිතලා නෑ..
ඇයි ඒ?
මේ වෙලාවේ මං මුල් තැන දෙන්නේ රැකියාවට
මිස්. ග්ලෝබ්.... මොකද උනේ?
ලංකාවෙන් ඒ pagent එකට select වෙලා ඉන්නේ මාව. ඒක turky වල ප්‍රශ්නයක් නිසා මැයි වලට කල් ගිහින් තියෙනවා. ඒ සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මොනවද අනාගත බලාපොරොත්තු?
ජාත්‍යන්තරයට යන්න පුළුවන් නං නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් විදිහට ඒ තමයි මගේ බලාපොරොත්තුව. ඇත්තටම මට ඕන දක්ෂ හොඳ නිරූපිකාවක් වෙන්න.
ක්ෂේත්රයේ ප්‍රශ්න නැද්ද ඔබට?
නිරූපිකාවක් විදිහට මං හැම දේටම යන්නේ නෑ. මගේ වටිනාකමක් තියෙනවා.. ඒ හැම දෙයක් ගැනම හිතලයි මං වැඩ භාරගන්නේ. ඉතිං ප්‍රශ්න නෑ. model කෙනෙක් විදිහට අද මෙහෙම ඉන්නේ ලොකු කට්ටක් කාල ඇවිත්. නමුත් අද එක photoshoot එකක් කරලා සමහරු හිතනවා හොඳ model කෙනෙක් කියලා. ඒත් ඒ විදිහට එන එන හැමෝටම මේ ක්ෂේත්රයේ වැඩිකල් රැඬෙන්න බෑ.
0 comments:
Post a Comment