ජනිත් කොහොමද තරගයෙන් පස්සේ ලැඛෙන ප්‍රතිචාර?
අඩුවක් නැහැ. එදා ලැබුණු ප්‍රතිචාර ඒ විදිහටම අදත් ලැඛෙනවා.
සමහර තරු රසිකයින් අතරින් ගිලිහුණු අවස්ථාත් නැතුවා නොවෙයි?
මම හිතනවා එහෙම ජනතා අප්‍රසාදයක් ලබන තැනට මම වැඩකරලා නැහැ කියලා. ඒ නිසා ඒ රසික ආදරය ප්‍රසාදය තවමත් එහෙමමයි.
දැන් කොහෙද පදිංචිය?
චෙද්ය්් සුදුසිංහ කියලා ගල්කිස්ස පැත්තේ මහත්තයෙකුගේ ගෙදරක් ලැබුණා මාස හයක් පදිංචි වෙලා ඉන්න. අම්මා තාත්තා එක්ක මේ දවස්වල ඉන්නේ ඒ ගෙදර.
සංගීතයටද පාසල් අධ්‍යාපනයටද වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ?
දෙකම සමබරව කරගෙන යන්න ලැබුණු කාලයක්. උසස් පෙළ විභාගෙ ලබන අගෝස්තුවේ. ඒ වගේම නවක ගායකයෙක් ලෙසට ජනප්රියවේගෙන එන කාලයක්.
සංගීත කටයුතු උ.පෙළට බාධාවක් නෙමෙයිද?
මියුසික් අත්හැරියොත් මේතාක් ආපු ගමනින් වැඩක් නැතිව යනවා. ඒ හා සමානව විභාගයත් මට වටිනවා. උත්සාහ ගන්නවා වසරක් ජීවිතේ ආපස්සට නොයොදා විභාගෙන් එකවරම සමත්වෙන්න.
තමන්ගේම ගීතයක් ගයලා රසිකයින් අතරෙ වෙනසක් කරන්න හිතුවේ නැද්ද?
ඒකට පළමු අඩිතාලම දෙරණ පවුල තුළින්ම මට නිර්මාණය කර දුන්නා.
ඔබේ රසිකයින්ට එය සුබ ආරංචියක් වේවි?
මග හැරුණු හීනේ කුමාරි... තමයි මගේ පළමු ගීතය. මේ ගීතය සඳහා පද රචනයත්, සංගීතයත් නිර්මාණය කළේ දෙරණ පවුලෙම අමිල නුවන් අයියයි නිමේෂ් කුලසිංහ අයියයි.
හිතනවද මේ ගීතය ඔබේ ගායන දිවියේ වෙනසක් ඇතිකරයි කියලා?
රැල්ලට බිහිවුණු ගීතවලින් මිදුණු ගීතයක් කියලා හිතනවා. මගේ හඬ පරාසය තුළ මගේ අනන්‍යතාව රසිකයන් අතරට ගෙනයන්න පුළුවන් හොඳ ගීතයක් වෙයි.
ඒ කියන්නේ අනාගතයේදී ජනිත්ගේ හඬ අවදිවන්නේ ඔබේ ගීත සඳහා පමණයි?
මගේ බලාපොරොත්තුවත් අප්‍රේල් මාසෙන් පස්සේ මගේම ගීත හතරක් විතර වේදිකාව මත ගයන්න. මේ දවස්වල ඒ ගීතවල පටිගත කිරීම් සිද්ධ වෙනවා.
විෂුවල් එකක් නැතිව ගීත ජනප්‍රිය වෙයිද?
ගීතයේ වචනවලින් චිත්තරූප මැවෙනවනම් විෂුවල් එකක් අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ.
නමුත් ගීත ජනප්‍රිය වෙන්න කාලයක් ගත වෙයි නේද?
සමහර විට. නමුත් සමාජය පිළිගනී. චෝදනා අහන්න ලැඛෙන එකක් නැහැ. ඒ මගේම ගීත නිසා ඒවා ජනප්‍රිය වුණත් නැතත් ඒක මට සතුටක්.
රියෑලටි කලාවෙන් ආපු සමහරු වගේ ජනිතුත් කාලයක් යද්දි නොපෙනී යයිද?
ලැබුණු ප්‍රතිඵලය සාර්ථක කරගන්න නම් අපේ නිර්මාණ බිහිකළ යුතුයි. එහෙම වැඩ කළොත් තමයි ක්ෂේත්රයේ රැඳිලා ඉන්න අවස්ථාව ලැඛෙන්නේ. දැනටමත් මගේ නිර්මාණ කිහිපයක් සඳහා මූලික අඩිතාලම දාලා තියෙන නිසා මම හිතනවා මාව කාටවත් අමතක නොවෙයි කියලා.
ජනප්‍රිය ගීත ගායලා ඔබට චෝදනා එල්ලවුණේ නැද්ද?
ඇත්තටම ජනප්‍රිය ගීතයක් කියනනේ ලොකු වෙහෙසක් දරලා උපයාගත්ත දේපළක් . ඒ නිසා දිගින් දිගටම ඒ ගීත ගයලා මුදල් උපයන එකට මමත් විරුද්ධයි. මට එවැනි චෝදනාවක අත්දැකීමක් නම් තාම නැහැ.
ඇත්තද ගෑනු ළමයින්ගෙන් ජනිත්ට වැඩි ප්‍රසාදයක් ලැඛෙනවා කියන්නේ?
පොඩි වෙනසක් තියෙනවා.
ඒ අතරේ විශේෂ කෙනෙක් එහෙම ඉන්නවද?
සංගීතයත් අධ්‍යාපනයත් අතරට තුන්වැන්නෙක් ගැන හිතුවොත් එකක්වත් කරගන්න බැරිවෙයි. තව ලොකු ගමනක් යන්න තියෙනවා. ඔය ප්‍රශ්නෙට උත්තරයක් තව අවුරුදු පහකින් විතර දෙන්නම්.
සංගීත කණ්ඩායමක් පටන් ගත්තා කියලා ආරංචියක් ලැබුණා?
ඔව්. ලසංක්රාන්ත්ල නමින් මගේම කියලා එකෝස්ටික් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඊට අමතරව මගේ පොඩි අයියත් සම්බන්ධ කරගෙන ලස්ටේඡ් වන්ල කියලා බීඩ් බෑන්ඩ් එකක් පටන්ගත්තා.
ජනිත් මුළු පවුලම එගොඩ කරන්නද හදන්නේ?
අනිවාර්යෙන්ම. මං ගැන හිතන්න කලින් එයාලා එක්කම ජීවිතේ දිනන්න තමයි බලාපොරොත්තුව.
අනාගතය කොයි විදිහටද සැලසුම් කරලා තියෙන්නේ?
මේ දවස්වල ටිකක් වැඩිපුර විභාගෙ ගැන හිතනවා. මොකද අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත දේ මට මාස හයකින් කරන්න වෙලා තියෙනවා. අරමුණ තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන එක.
0 comments:
Post a Comment