Mar 21, 2016

ජනප්‍රිය නිලි රොහාණි වීරසිංහට මහ රෑ කරදරයක් වෙලා...

ජනප්‍රිය නිලි රොහාණි  වීරසිංහට
මහ රෑ කරදරයක් වෙලා...


‍රොහාණි පහුගිය දින වල කරදරයක් උනා කියල ආරංච්යි, ඇත්තටම මොකද උනේ?

ඔවු අනේ පොඩි ඇක්සිඩන්ටි එකක් උනානෙ.
මට එදා රෑ වෙනකමි සිහින විමන් ටෙලිඩ්‍රාම එකේ ෂූටින් තිබුන. මට පොඩි නිදි මතකුත් තිබ්බ එතකොට රෑ එකට විතර ඇති  ඒත් ටිකදුරයිනෙ කියල මම වාහනේ ඩ්‍රයිව්‍ කරගෙන ගියා. යන්න යන්න නිදිමත වැඩි උනා පොඩ්ඩක් වාහනේ අයිනට දාල නිදාගත්ත . මම තනියම හිටිය නිසා මට ඉන්න බය හිතුන තව පොඩ්ඩයිනෙ කියල මම යන්න ගියා ඇහැරිලා බලන කොට වාහනේ ඇක්සිඩන්ට් වෙලා.

හැබැයි අපිය ආරන්චි විදියට වම් පැත්තෙ ගිය ඔයා දකුණුපැත්තෙ ඉදල තියෙන්නෙ ඇත්තද ඒ?

සිනාසෙමින් ....ඔවු  ඔවු , ඉතින් ඔයාල ඔක්කොම හොයාගෙනනෙ මට කතාකරල තියෙන්නෙ 

තව එකක් ඇත්තද මේ කානුවෙ තිබ්බ වාහනේ ස්ටාට් කරල යන්න හැදුව කියන්නේ?

ඔවු ඇත්තටම මට හිතාගන්න බැරිවුනා මොකද උනේ කියල.
මට එකපාරටම ඇහැරැනා මම හිතුවෙ වාහනේ නැවතුනා කියල මම ස්ටාට් කරල යන්න හැදුව ඒත් වාහනේ යන්නෙ නෑ ,
පස්සෙ තමා දන්නෙ වාහනේ කානුවේ කියල.

ඉතින් ඊටපස්සෙ මොකද කරේ?
මගේ ඔලුවත් රිදෙන්න වගේ ගත්ත . මේක උනේ මාලබේ පිට්ටුගලදි 
ඒ කිටිටුව හිටපු මිනිසුසු මාව හොස්පිටල් එකට එක්කගෙන ගියා 
මම නම් දන්නෙ නෑ ඒත් ගොඩක් ස්තූති වෙන්න ඕනෙ මට ඒ වෙලාවෙ උදවු කරපු හැමෝටම


No comments:

Post a Comment