දමිතාගේ විවාහය මේ වසරේ
ක්ෂේත්රයේ ඉන්න කුහකයෝ හින්දා දවස කියන්නේ නෑලු...
දමිතා මේ දවස්වල පේන්න ඉන්නේ අඩුවෙන් ඒ ඇයි?
මේ දවස්වල සල් සපු නා ටෙලි නාට්‍යයේ වැඩ. ඒ වගේම රවීන්ද්‍ර විෙජ්රත්න මහත්මයාගේ අනන්ත ටෙලි ඩ්‍රාමා එකේ වැඩ. ලෙබනන්වල ටුවර් එකක් යන්නත් ලෑස්ති වෙනවා. කුටු කුටු මාමා ඇතුළු නාට්‍ය හතරක් ප්‍රචාරය වුණා. ඉතින් නොපෙනී හිටියෙ නෑ.මේ මාසෙ හෝ මේ මාසෙ අවසන් වුණාම නැවතත් නිර්මාණ තුළින් දකින්න ලැබේවි.
චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද?
තවම තිරගත නොවූ ස්වර සහ ජූලි හතයි චිත්‍රපටවල මම රඟපෑවා. දිගු පෝලිමක් තිඛෙන නිසා මේවා කවදා තිරගත වෙයිද කියලා දන්නේ නෑ. දැන්වත් අපේ මෙම කර්මාන්තයට යහපතක් වෙනවා නම් හොඳයි.
දැන් ටෙලි කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?
ඒත් පෙනෙන විදියට හැම තැනකම පරණ සෙවණැලි තමයි ඉන්නේ. ඒ සෙවණැලි තවම ඒ තැන්වල රජ කරනවා. ක්ෂේත්රයේ මෙන්ම ටී.වී. චැනල්වල පවා ඒ වංචාකාර දූෂිත සෙවණැලි රජ කරනවා. ඒ දේවල් මෙහෙයවනවා. ඇතැම් අය ඒ ක්ෂේත්රවලින් ඉවත් වෙලා. ඒත් තවමත් ක්ෂේත්රයේ දූෂිත වැඩ ඒ විදියටම කරගෙන යනවා.
මෑතකදී ෂූට් එකකදී අතපය බැඳලා දාලා හිටියා කියන්නෙ ඇත්තද?
ඒක හර්ෂ උඩකන්ද කළ චිත්‍රපටයක්. නම උලත් එකයි පිළත් එකයි. පුතාට ඇක්ට් කළේ රොෂාන් රණවන. මේක විනෝදබර චිත්‍රපටයක්. ඒකෙ ගහක ගැටගහලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ෂූටින් කරනකොට සැරින් සැරේ ගැට ගහනවා ලෙහනවා. අතපය සීරෙනවා. අන්තිමට මම කීවා දර්ශනය නිමාවනතුරුම ගැටගහලා තියන්න
කියලා. මොකද ඒක ලේසියි.
හැබැයි අපිට නම් ආරංචි එහෙම නෙමෙයි.. දමිතා කලින් යන නිසා ගැට ගහලා තිබ්බා කියලා?
එහෙම වුණේ නෑ.
සම්මාන ලැබුණට පස්සේ ටෙලි නාට්‍ය ගැන උනන්දුව අඩුද?
මට ක්ෂේත්රය තුළින් ලැඛෙන්න තියෙන දේ ඉහළින්ම ලැබුණා. එකී මෙකී නොකී හැම සම්මානයක්ම ලැබුණා. හිතේ අඩුපාඩුවක් නෑ. ක්ෂේත්රය පිළිබඳ මම තෘප්තිමත්. දැන් හොඳ වැඩක් දෙකක් ගැළපෙන දෙයක් කරගෙන ඉන්නවා. දැන් භාර ගන්න බැරි තරමට වැඩ. ටෙලි නාට්‍ය තුනකට බෑ කිව්වා දින නැති නිසා.
රියැලිටි තරගවල දමිතව පේන්න නැත්තේ ඉල්ලන ගාණ නොලැඛෙන නිසාද?
මට ආරාධනා කළා හැම රියැලිටි වැඩසටහනකින්ම. ඒ අවස්ථාවලදී මම මට විතරක් නොවේ හැම කලාකරුවෙක් වෙනුවෙන්ම මුදලක් කිව්වා. මොකද ඒ අය එක වැඩසටහනකින් මුළු සීරීස් එකේම සල්ලි උපයනවා. මොකද ප්‍රසිද්ධ අයගේ දේවල් බලන්න මිනිස්සු කැමැතියි. මගෙ ගාණ ගැන ප්‍රශ්න නැතිවම නෙමෙයි කලින් තිබුණ වැඩසටහන් නිසා මම කලකිරීමෙන් ඉන්නෙ. මොකද ඔවුන් තවමත් මට රියැලිටි වැඩසටහනකින් ගෙවිය යුතු මුදල ගෙව්වෙ නෑ.
අද වෙනවා හෙට වෙනවා කියලා කියන දමිතගෙ විවාහයට බාලගිරි දෝෂයද?
මේ වසරේ විවාහය සිදු වෙනවා. ඒ සඳහා දින වකවානු දාගෙන ඉන්නේ. ඒත් ඒවා පස්සෙ කියන්නම්. මොකද රසික රසිකාවියන් නිසා නෙවෙයි පස්සෙ කියන්නම් කියලා කීවේ. මේ ක්ෂේත්රයේ කුහකකම් තියාගෙන ඉන්න අය ඉන්නවා. දැන් උත්තර දුන්නොත් ඒ අයට පුදුම විදියේ ප්‍රශ්න තියෙන්නේ. මට අවශ්‍ය නෑ ඔවුන්ට පිළිතුරු දෙන්න.
කරන වෙලාවට හරියටම කියන්නම්.
අතගහපු ව්‍යාපාරයට මොකද වුණේ?
ව්‍යාපාරය තවම තියෙනවා. ප්‍රශ්නයක් නෑ. වැඩකරන, උපකරණ ගත්ත මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න බෑ. ලක්ෂ 40 ගාණක් තියෙනවා ණය අයකර ගන්න. ඒත් තාම ඒවා ඔවුන් ගෙවලා නෑ. අද මම ඒ මුදල් ගැන අහනකොට ඔවුන්ට මාව හතුරෙක් වගේ පේනවා. ඒ කාලේ නම් ළඟට ඇවිල්ලා නංගි සල්ලි මෙච්චරයි තියෙන්නේ මේ ගාණට උපකරණ
දෙන්න කිය කියා ඉල්ලූවා. එතකොට මාව ඔවුන්ට දෙවියෙක් වගේ පෙනෙන්න ඇති. ඒත් මම දැන් ඒ ණය ඉල්ලීම අත්හැරලා තියෙන්නේ. ඒ අය කරන කියන දේවල ප්‍රතිඵල ඔවුන්ට තියෙයි.
0 comments:
Post a Comment