මේ දවස්වල මම ලංකාව වටේ ම යනවා. පසුගිය දවස්වල ගාලු ගියා. ඉන් පස්සෙ යාපනයේ. පහුගිය දින ටිකේ හිටියේ ඇඹිලිපිටියේ. මේ විදිහට ලංකාවේ සෑම නගරයක ම පාහේ මම දැන් නිතර ම මගේ රසිකයන්ට දැක ගන්න ලැබේවි. ඒ මම සමාගම් තුනක භාණ්ඩ හතක ‘බ්‍රෑන්ඩ් එම්බසඩර්’ (සන්නාම තානාපති) ලෙස කටයුතු කරන නිසයි. ඒවාහි වෙළෙඳ කටයුතු, වෙළෙඳ ප්‍රදර්ශනාගාර විවෘත කිරීම් උදෙසා මම සම්බන්ධ වෙනවා. එනිසා තමයි රට වටේ ම සංචාරය කරන්න රසික රසිකාවියන් සමඟ සතුටු වෙන්න අවස්ථාව ලැබී තිඛෙන්නේ. එය සතුටක්. කලා කටයුතුවලට වගේ ම මේ සඳහාත් මම කැපවී මගේ දායකත්වය ලබා දෙනවා.”
No comments:
Post a Comment