බ‍්‍රසීලය ප‍්‍රමුඛ ලතින් අමෙරිකානු රටවල සීග‍්‍රයෙන් පැතිරී යන සීකා වෛරසය, මදුරුවන්ට අමතරව අමතරව ලිංගික සංසර්ගයෙන් ද බෝවන බව නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ලිංගික සංසර්ගයේ යෙදීම හේතුවෙන් ටෙක්සාස් ප‍්‍රාන්තයෙන් මෙම රෝගී තත්ත්වය වාර්තා වන්නේ පළමු වතාවටයි.
ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවරින් ද සිකා වැළදුණූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.
බ‍්‍රසීලයේ කුඩා දරුවන් 3670ක් සිකා රෝගය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන්ගෙන් 404 දෙනෙකුට සිකා රෝගය වැලදී ඇති බවට තහවුරු කරගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරන්නේ.
0 comments:
Post a Comment