බිරිඳ හා ළාබාල තරුණික් සමග එකගෙයි කන්න හැදූ දොස්තර, බිරිඳ අතින් මරුට


කලක් ශ්‍රී ලංකාවේ වාසය කර පසුව බටහිර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අඹු සැමි යුවළකට එහිදී මුහුණ දෙන්නට සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.


 මෙම යුවළ එරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අතර වෛද්‍යවරයා වයස අවුරුදු 17ක තරුණියක් සමඟ අනියම් ඇසුරක්ද පවත්වා තිබෙනවා. ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් දැනගෙන ඇති අතර, අනතුරුව තිදෙනාම එකට ජීවත් වෙමුයැයි වෛද්‍යවරයා යෝජනා කර තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් බිරිඳ වන වෛද්‍යවරිය කැමැත්තක් පළකර නැති අතර පසුව දෙදෙනා අතර යම් විරසක ඇතිව තිබෙනවා.

 වෛද්‍යවරයා යම් යම් අවස්ථාවල අයුතු යෝජනා කරමින් තිදෙනාම එකට නිදියහනේ ගත කරමුයි යෝජනා කර ඇතිබවද සඳහන්. ඇතැම් අවස්ථාවල මෙම වෛද්‍යවරයා බිරිඳ සමඟින් ලිංගික සබඳතා පවත්වන අවස්ථා වීඩියෝ කිරීමටද පුරුදුව ඇති අතර මේ සම්බන්ධයෙන්ද බිරිඳ දැඩි මානසික පීඩනයකින් පසුව තිබෙනවා.

 සිය සැමියා අනියම් ඇසුරක් පැවත්වීම තවදුරටත් දරාගත නොහැකි තැන ඇය මිටියක් ගෙන ස්වාමි පුරුෂයාට පහරදී කාමරය තුලදීම ඔහුව ඝාතනය කර ඇතැයි සඳහන්.

 2014 වසරේදී වූ මෙම සිදුවීම සම්බන්දයෙන් මේ වන විට ඕස්ට්‍රේලියානු අධිකරණයක නඩුවක් විභාග වනවා. එහිදී නඩුවට කැඳවා තිබූ 17 හැවිරිදි තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර තිබෙනවා. සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරිය මේ වන විට සිරභාරයේ පසුවන අතර 17 හැවිරිදි තරුණිය පවසා ඇත්තේ ඇය එලෙස සිරගෙයි සිටීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවයි.




0 comments:

Post a Comment