තවත් ගූගල් බැලුන් තුනක් ලංකාවේ අහසට

කුළුණු රහිතව සංඥාවන් සහිත බැලූනයක් ගුව‍නේ සැරිසැරීම මඟින් අධීවේගී අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීම ‍සඳහා ක්‍රියාත්මක ගූගල් ලූන් නියමු ව්‍යාපෘතිය යට‍තේ අත්හදාබැලීමට ස්ථාපිත කෙරුණු ගූගල් බැලූනය ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයට පසුගියදා ගොඩ බස්වා තිබුණි.

ගොඩබැස්වීමට ප්‍රථම ගූගල් සමාගම විසින් එම බැලුමේ අඩංගු දත්ත දුරස්ථ පාලන උපකරණ මගින් ලබාගෙන තිබේ. එය බැලුනය ගොඩබැස්වීමක්ද නැතහොත් කදාවටිමක්ද යන්න පිලිබඳ මේවනවිටත් විවිධ මත පලවෙමින් පවතී. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු පවසන ආකාරයට ගූගල් බැලුනය නියමිත පරිදි එහි ඇති හීලියම් වාතය අඩු කරමින් ගොඩ බෑමේදී අවසන් මොහතේදී හීලියම් වාතය වේගයෙන් පොළවට පතිත වීම නිසා ප්‍රදේශවාසීන්ට එය කඩාවැටීමක් ලෙස පෙනී ඇති බවයි. 

 නමුත් ගූගල් ලූන් ව්‍යාපෘතියේ වෙබ් අඩවියට අනුව සැලසුම් කර බැලුනයක් ගොඩ බස්වන්නේ නම් කරුණු කිහිපයක් සපුරාලිය යුතුවේ. පහසුවෙන් ලන්ගාවීමේ හැකියාව තිබීම, ජන ශුන්‍ය හා ආරක්ෂාකාරී ප්‍රදේශයක් වීම ඒ අතුරින් ප්‍රධාන වේ. එවැනි ගොඩ බැස්වීමකදී ගූගල් සමාගමේ විශේෂඥයන් සහභාගී වන අතර ඔවුන් එම බැලුනය ආරක්ෂාකාරීව ඉවත්කරනු ලබන්නේ යළි භාවිතා කිරීමට හැකි වන පරිදිය. තවත් ගූගල් බැලුන් තුනක් ගූගල් ලූන් ව්‍යාපෘතිය මගින් ගුවනට එක්කොට ඇති අතර ඉන් එක බැලුනයක් තවත් දින කිහිපයක් ඇතුලතදී ලංකාවට ඇතුලත් විමට නියමිත අතර අනෙක් බැලුන් දෙක දින 13 ක් ඇතුලත ලඟා වීමට නියමිතයි.

0 comments:

Post a Comment