අනුෂා දමයන්ති කියන්නේ වත්මන් පරපුරේ නමක් දිනූ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඉදිරි මාස කිහිපයකදීම ඇය විදේශ සංචාර කිහිපයකටම සූදානම් වන බව අපට දැනගන්න ලැබුණා. ඒ සංචාරයේ වගතුග අපි ඇයගෙන්ම අහලා බැලුවා.

ලාල් වීරසිංහ අධ්‍යක්ෂවරයාගේ ~සිංග මචං චාලි~ චිත්‍රපටයේ රූපගත කිරීම් නිසා පසුගිය දිනවල ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් හොඳයි. සරල, විනෝදාස්වාදාත්මක චිත්‍රපටයක්. චමි කියන තරුණ ගැහැනු ළමයකුගේ චරිතයක් තමයි මම රඟපාන්නේ.
සංජය නිර්මාල් අධ්‍යක්ෂවරයාගේ ~චක්‍ර~ ටෙලි නාට්‍ය රූපගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. මේ කතාබහ අතරතුරේදී අධිවේගී මාර්ගයේදී ඇයට අත්විඳින්නට සිදු වූ සංවේදී අවස්ථාවක් මේ කතාබහට එකතු කළා.
පසුගිය නත්තල් සමයේදී නත්තල් වැඩසටහනකට මීගමුව ඇවෙන්රා හොටෙල් එකට ගියා. වැඩසටහන ඉවර වෙලා මම ආපහු ආවේ කටුනායක - කොළඹ හයිවේ එකේ. පෑලියගොඩ හරියෙදි මම දැක්කා පාරේ පරවියෙක් වැටිලා ඉන්නවා. හැබැයි එයාට ටිකක් පණ තිබුණා වගේ මම දැක්කා. මම පරවියා පහු කරලා ටිකක් දුර ගියා. ඒත් මගේ හිතට හරි නෑ. මොනවා වුණත් කමක් නැහැ කියලා වාහනේ කිලෝමීටරයක් විතර ආපස්සට ඇවිත් ඩබල් සිග්නල් දාලා වාහනේ නැවැත්තුවා. පරවියට පණ තිබුණා. මම ඌව අතට අරගෙන තටු දෙක අත ගෑවා. ඊට පස්සේ ඌ ඉගිලිලා ගියා. මට ඒ වෙලාවේ දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.
0 comments:
Post a Comment