දුෂ්‍යන්තගේ පෙම්වතිය ස්ටෙෆනිලූ ඇගේ උපන්දිනයට තැඹිලි ඛෙදලා විඩීයෝත් කරලා...
ගොඩක් නළු නිළියෝ ප්‍රේම කරන්නේ හොරෙන්ලූ. ඒත් මේ අයට හැමදාම මෙහෙම හැංගි හැංගි පෙම් කරන්න බෑ. කොහොම හරි එළියට එනවා. දුෂ්‍යන්ත වීරමන් කියන්නේ තාරුණ්‍යයේ ජනප්‍රිය තරුවක්. කලක් ඔහුගේ නම ගෑවුණේ හෂිනි ගෝනගලත් එක්ක. ඒත්...
දුෂ්‍යන්තගේ ප්‍රේමවන්තිය කවුද කියලා දැන් හෙළිවෙලා. ඒ දුෂ්‍යන්ත තමන්ගේ පෙම්වතියව සතුටු කරන්න දුන්නු උපන්දින තෑග්ගකින්. ඉතින් කවුද මේ පෙම්වතිය. රූ රැජනක් වගේම නිරූපණ ශිල්පි‚යක් වන ස්ටෙෆනි සිරිවර්ධන. අපි මේ ගැන දුෂ්යන්තගෙන් අහලා බලමු.
මොකද මේ පාරවල් ගානේ තැඹිලි ඛෙදනවා කියන්නේ ?
ස්ටෙෆනිගේ උපන්දිනය වෙනුවෙන් ඒ දේ කළේ. එයා ලංකාවෙත් නැති නිසා එයා ආසම කරන තැඹිලි වගේම බැදපු මාළු එක්ක කෑම පාර්සල් මම අසරණ අයට ගිහින් දුන්නා.
ස්ටෙෆනිගේ උපන්දිනය දුෂ්යන්තටත් විශේෂයි වගේ ?
ඔව්. ඇය මගේ පෙම්වතිය. දැන් අවුරුදු දෙකක ඉඳන් අපි ආදරය කරනවා.
සාමාන්‍යයෙන් උපන්දිනයට තැඹිලි දෙන කතාවක් අපි අහලා නෑනේ ?
ඇත්තටම ස්ටෙෆනි හරි කැමැතියි තැඹිලි බොන්න. කොහේ හරි යනකොට තැඹිලි විකුණන තැනක් දැක්කොත් අන්න තැඹිලි කියලා ඉක්මනටම වාහනය නවත්වලා තැඹිලි අරගෙන බොනවා. එයා තැඹිලි ගැන සිංදුවකුත් හදලා තියෙනවා.
ඉතිං කවදාද තැඹිලි ඛෙදුවේ ?
ස්ටෙෆනිගේ පසුගිය උපන්දිනය දවසේදී. ඒත් එයා ලංකාවේ හිටියේ නැහැ. මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන පාකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඇත්තටම ලංකාවටත් ඒක ලොකු ගෞරවයක්. මේ අවුරුද්දේ උපන්දිනය සමරන්න ලංකාවේ නැති එක ගැන එයා දුකෙන් හිටියේ.
ඒ දුක නැති කරන්නද තැඹිලි ඛෙදුවේ ?
නෑ. ඇත්තටම ස්ටෙෆනි මගේ ඔෆිස් එකට ඇවිත් හරිම දුකෙන් කිව්වා, එයා පාරෙදි දැක්ක පෝලියේ හැදුනු තරුණයෙක් හරිම අමාරුවෙන් පාරේ හිඟමන් යදිනවා. එතකොට පාරේ තැඹිලි විකුණන කෙනෙක් අර තරුණයාට තැඹිලි ගොඩේ තිබුණ පොඩි තැඹිලි ගෙඩියක් දුන්නාලූ. ඒක අරගෙන බොහොම අමාරුවෙන් අල්ලාගෙන තනි අතින් එයා මුලින්ම දෙවියන්ට පින්දීලා තැඹිලි විකුණන කෙනාට ස්තූති කරලාලූ ඒක බිව්වේ. ඒක ස්ටෙෆනිට තදින්ම හිතට වැදිලා අපිට කොච්චර සල්ලි තිබුණත් අපි එහෙම කරන්නේ නෑනේ කියලා එයා දුකින් මට සිද්ධිය කිව්වා කඳුළු පුරවාගෙන.
ඊට දින දෙකකට පස්සේ තමයි එයා රට ගියේ. ඒ දවස් ටිකේ දුකින් හිටපු නිසා මට හිතුනා එයා ආසම කරන දෙයක් කරන්න ඕනෑ කියලා.
ඉතිං මම තැඹිලි විතරක් නෙමෙයි එයා ආසම බැදපු මාළු තියෙන කෑම පර්සලූත් ඛෙදුවා. තව යාළුවෝ දෙන්න තුන්දෙනෙකුත් හවුල් කරගෙන.
කාටද තැඹිලි දුන්නේ ?
පැපිලියානේ, බොරැල්ලේ, දෙහිවල, මොරටුව, ගල්කිස්ස වගේ පැතිවලට ගිහින් අසරණ අයට කෑමයි, තැඹිලියි දුන්නා. කුලී වැඩකරන අයටත් කෑම පාර්සල් ඛෙදුවා.
ඒ ගමන්ම වීඩියෝත් කළා?
ඔව්. වීඩියෝ කරලා ස්ටෙෆනිට යෑව්වා. එයාට ගොඩක් සතුටුයි. මටත් සතුටුයි. එයාට සතුට වැඩිකමට ඇ ුවා. පස්සේ මේ වීඩියෝ එක එයා ෆෙස්බුක් දාලාත් තිබුණා.
එතකොට ආදරවන්තයන්ගේ දිනයට දෙන්නා රටවල් දෙකක නේද?
නෑ. මමත් පකිස්තානයට යන්න හිතාගෙන ඉන්නේ.
අන්තිමේදී හංගාගෙන හිටපු ආදරය හෙළිවුණානේද?
ඔව්. ඒකනම් ඇත්ත. දැන් ඉතිං හංගන්න දෙයක් නැහැ.
මොනවාද අනාගත සැලසුම් ?
ලොකු සැලසුම් නැහැ. වෙඩින් එකක් ගැන නම් තවම ලොකුවට හිතලා නැහැ.
ලබන මාර්තු 06 වැනිදා දේදුන්න වාගේ කියලා මගේ ලයිව් ෂෝ එකක් තියෙනවා මියුසියස් විද්‍යාලයේදී. සවස හතට. මම වගේම භාතිය සන්තුෂ්, උමාරියා, රයිනිත් එදාට ප්‍රසංගයට සහභාගිවෙනවා.
ඒ වගේම මම ඩී ස්ටාර් (ඩාන්සින් ස්ටාර්) කියලා මගේම බෑන්ඩ් එකකුත් හදාගත්තා. අපේ බෑන්ඩ් එකේ පළමුවැනි ෂෝ එක තමයි මේ. මෙච්චර කල් මම වෙන බෑන්ඩ්වල අයත් එක්ක තමයි සින්දු කිව්වේ. එතකොට නියම දුෂ්‍යන්තගේ හ ආවේ නැහැ. නමුත් දැන් ඔරිජිනල් දුෂ්‍යන්තගේ හ ඇසේවි.
0 comments:
Post a Comment