පුද්ගලයකු ඡායාරූපයකට පෙනී සිටින ඉරියව් විවිධයි. එම ඉරියව් කෙබඳු විය යුතු දැයි නිගමනයක් නැතත් එම ස්වභාවය නිරීක්ෂණයෙන් පුද්ගලයාගේ ගති ලක්ෂණ කෙබඳු දැයි කිව හැකිය. ඇතැමෙක් ඡායාරූපයකට පෙනී සිටිද්දී නිකටට අත තබයි. ඇතැමෙක් දෙඅත් බැඳගනියි. මෙය ඡායාරූප ශිල්පියා කියන නිසා සිටින ඉරියව්වක් නොව බොහෝදුරට එම පුද්ගලයා ඉබේම සිටින ඉරියව්වකි.
මෙම ඡායාරූපයේ දිස්වන ආකාරයට කමල් අද්දරආරච්චි නම් රංගන ශිල්පියා සිටින්නේ නිකටට අත තබාගෙන, ඈත බලාගත් ගැඹුරු ඉරියව්වකිනි. තම ජනප්‍රිය බවේ දෝලනයන් පිළිබඳ නිතර සිතනු ලබන ඔහු ඒ පිළිබඳ ඇතැම් අවස්ථාවල කනගාටු වන බව පෙනේ.
තම ජීවිතයට එන අභියෝග, ප්‍රශ්න හමුවේ පන්නරය ලැබූවත් ඒ පිළිබඳ සංවේදීවීමේ ගති ලක්ෂණ ඔහුගේ දිවිය පුරාම රැඳී තිබේ. විටෙක අනාගතය පිළිබඳ ඕනෑවටත් වඩා සිතන්නට පෙලඹේ. ඒ නිසාම හිත අනවශ්‍ය කරදර ගොඩකට මැදිකර ගනි. ඒ ආකූල බව ඇතැම් අවස්ථාවල මුහුණින් පිළිබිඹු කෙරේ.
තමන් අභිමුවට එන අවස්ථා මෙන්ම, ඉදිරියේ කරන්නට ඇති කටයුතු පිළිබඳ විටෙක කරදර වෙයි. එදා හා අද සැසඳීමේ පුරුද්දක් ඔහු තුළ වෙයි. ඔහුගේ මැද ඇඟිලි දෙකෙහිම උඩ පුරුක් සුළැගිල්ල දෙසට නැමීමේ ලක්ෂණයක් තිඛෙන්නට ඉඩ ඇත. ජනප්‍රිය බව වර්ධනය වෙමින් එන ගමනක් පෙන්නුම් කළ ද වරින් වර ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවීම නිසා බොහෝ දුරට හිත කරදරයෙන් කාලය ගෙවීමට සිදුවන කාල පරිච්ජේද බොහොමයක් පසුකර තිබූ බව අපි කවුරුත් දනිමු.
මොහුගේ නළලේ ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් කිව හැක්කේ දීර්ඝායුෂ අත්විඳීමට වාසනාව තිඛෙන බවයි. එහෙත් ජීවිතයට එන අභියෝග හමුවේ විටෙක පසුපසට ගියත් යළි නැගී සිටීමේ ශක්තිය ද තමන් වෙතින්ම පැන නැගේ.
නරක කාලය උදා වූ විට අප කියන්නේ විෂ්ණු දෙවියන්ට ද බටකොළ කෑමට සිදු වූ බවයි.
තම ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්නට පවුලේ අය පිළිබඳ වැඩිපුර සොයා බලන්නට සිදුවන කාල වකවානුවකි. ඉක්මන් නොවී කල්පනාකාරීව තීරණ ගැනීම මෙහි දී වැදගත්ය.
ඕනෑම දෙයක් කරද්දී දුරදිග බැලීම වැදගත් අතර ඉක්මන් තීරණ ගැනීම මත නොයෙකුත් කරදරවලට අතවැනීමක් දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවල අන් අය කියන දෙයකට ඇහුම්කන් දීමට මැළිකමක් දක්වන චරිතයකි.
ඉදිරියේ දී කලා කෘතිවලට සම්බන්ධ වීමේ බාධක ද පවතී. ඒ ගැන කල්පනාකාරී වීම අවශ්‍යයි. ඔහු සිනමාවට, වේදිකාවට, ටෙලි නාට්‍යයට පැමිණි අති දක්ෂ රංගනවේදියෙකි. ඔහුගෙන් කලාවට තව තවත් ප්‍රයෝජන ගත හැකිය. තමන් හමුවට එන අභියෝගය කවරාකාර ද? එයට සාර්ථකව මුහුණ දීමේ අවකාශය ඒ පිළිබඳව කලින් දැනුවත් වීම මගින් ඇති වේ.
කලාකරුවකු ලෙස ලැබූ ජනප්‍රියතාවට බාධක ඇතිවීමේ සහ ඉදිරි නිර්මාණයන්ට අවස්ථා මගහැරෙන්නට තම විරුද්ධවාදීන්ගේ අදහස් හා මතවාද ද හේතුවක් වන බව කිව හැකිය. මෙම තත්ත්වය ගැන කල්පනාකාරී විය යුතු අතරම ඇසුරු කරන්නන් ගැන ද කල්පනාකාරී වීම වැදගත්ය.
ශරීර සෞඛ්‍යය ගැන උනන්දු වීමෙන් සහ තම සිතට පැමිණෙන කරදරකාරී සිතුවිලි ගැන මධ්‍යස්ථාව සිතා අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණ දෙන්නේ යැයි සිතීමෙන් තම අරමුණු හා රැඬෙන්නට ශක්තිය ඇතිකරගත හැකිය.
0 comments:
Post a Comment