නොබෝ දිනකින් ගූගල් බැලුන් ව්‍යාපෘතිය මෙරටදී ආරම්භ වන බව - ඇමති හරින් කියයි
ලොව ප්‍රතම ගූගල් බැලුන් ව්‍යාපෘතිය තව නොබෝ දිනකින් මෙරටදී ආරම්භ කරන බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ නිසා මුලු ලෝකයේම අවධානය මේ කාලයේදී මෙරටට යොමු වී ඇතැයිද ප්‍රනාන්දු මහතා පවසයි.
තොරතුරු සන්නිවේදනයේ ලොව දැවැන්තයන් එක්වන ඩිජිටල් සමුළුවක්ද ජුනි මාසයේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ. තොරතුරු සන්නිවේදන ව්‍යාපෘති රාශියක්ද මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඉන් සංවර්ධන ඉල්ලක ජය ගැනීම වඩාත් පහසු වන බවද ඇමැතිවරයා පෙන්වා දෙනවා.
ඇමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ(01) නාරාහේන්පිට ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන නියෝජිත ආයතනයේ (ෂකඔA) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කළ සංචාරයකදී කළ සාකච්ඡා හේතුවෙන් තොරතුරු සංනිවේදනයේ දැවැන්තයන් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කළ බවද මෙහිදී පැවසුවා. ගූගල් බැලුන් ව්‍යාපෘතියෙන් ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බවද පෙන්වා දුන් ඇමැතිවරයා ලෝකයේ ප්‍රධාන කෝටිපතියන් වන ගූගල් ආයතනයේ සම නිර්මාතෘ සර්ජි බ්‍රින් වැනි අය මෙරට ආයෝජනයට කැමැත්ත පළ කිරීමම රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නා
0 comments:
Post a Comment