තමන්ගේම ශුක්‍රාණු දීලා iPhone 6S එකක් ගන්න පුලුවන් ක්‍රමයක් මෙන්න


නවතම iPhone ජංගම දුරකථනයක් හිමිකර ගැනීම බොහෝ තරුණයින්ගේ සිහිනයක්. ඒ අතර චීනයේ තරුණයන් iPhone වලට දක්වන්නේ දැඩි කැමැත්තක්. පසුගිය කාලයේ 0000 එකක් වෙනුවෙන් ශරීරයේ කොටස් පවා විකුණු චීන තරුණයන් ගැන අහන්නට ලැබුණා.
චීන තරුණයන්ගේ මේ iPhone සිහිනය සෑබෑ කර දෙන්න ෂංග්හයි ශුක්‍රාණු බැංකුව චීනයේ ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් හරහා දැන්වීමක් පළකරමන් කියා සිටියේ දැන් ඔබට වකුගඩු විකි”මට අවශ්‍ය වන්නේ නෑ. ෂංග්හයි ශුක්‍රාණු බැංකුව ඔබේ iPhone සිහිනය සැබෑකරන්න සුදානම යනුවෙනුයි. බැංකුව විසින් මෙලෙස ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන් අතරින් තෝරාගත් තරුණයින්ට iPhone නවතම ජංගම දුරකථනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දී තිඛෙනවා.

iPhone උන්මාදයෙන් සිටින චීන තරුණයන් අතර මෙම දැන්වීම ඉතා වේගයෙන් පැතිරී ගිය අතර බොහෝ තරුණයින් මේ සදහා දැඩි උනන්දුවක් දක්වා තිබුණා. ඒ අතරින් ශුක්‍රාණු දායක කරගැනිම සදහා තේරීපත් වුණ අයට ලංකා මුදලින් රු. 130,000 ක පමණ මුදලක් ලබා දීමට ශුක්‍රාණු බැංකුව සුදානම්. එය iPhone දුරකථනයක් ලබා ගැනිමට සෑහෙන තරම් මුදලක්.

මේ කටයුත්ත ඉතා සාර්ථක ලෙස සිදුවන බව ෂංග්හයි ශ්‍රක්‍රාණු බැංකුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කල අතර ඔවුන්ට මෙවැන්නකට යොමු වීමට සිදුවු හේතුවත් පැහැදිලි කලා. ඔහු පවසන ආකාරයට චීනයේ ජෝඩු iPhone කින් 10 දෙනෙක්ම නිසරු බවෙන් පෙළෙන අතර ඔවුන්ගේ අවශ්‍යතාවයට තරම් බැංකුවල ඇති ශුක්‍රාණු සංචිත ප්‍රමාණවත් නොවන්නේ, තරුණයින් ශුක්‍රාණු දායක කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන නිසා බවයි. ඒ නිසා සමාජජාල වෙබ් අඩවි තුලින් තරුණයන් මේ සදහා පොළඔවා ගැනිමට ඔවුන්ට සිදුවු බවයි ඔහු පැවසුවේ.

0 comments:

Post a Comment