එහේ සනී ලියෝන්ට වගේ මෙහේ අපට සැලකිලි නෑ - මැණික් විජේවර්ධන

මැණික් විජේවර්ධන ආන්දෝලනයක් එක්ක ටිකක් වැඩිපුර කතාබහට ලක්වුණු කෙනෙක්. මැණික් ගැන ඇහෙන කතාවල තාමත් අඩුවක් නැහැ. අනිත්‍යා චිත්‍රපටයෙන් ගොඩක් දෙනා අතර කතාබහට ලක්වුණු මැණික්.


අඩුවෙන් වැඩකරන එක මැණික්ගේ පුරුද්දක්ද?
මම වැඩිපුර කැමති නිදහසේ ඉන්න වැඩ ගොඩක් ඔළුවෙ තියාගෙන අමාරුවෙන් ජීවත් වෙන්න මම ආසා නැහැ. හරියටම කිව්වොත් ගෙදරට වෙලා නිදාගන්න තියෙනවා නම් මට ඊට වඩා දෙයක් නැහැ.

වැඩක් නොකර ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ?
කරන්න භාරගන්න වැඩවලට තමන්ට උවමනා මුදල අය කළාම හැමදාම පුංචි පුංචි වැඩ කර කර සල්ලි ටික ටික හොයන්න ඕන නැහැ. මම කරන වැඩේ හරියට කරලා මගේ මුදල ගන්නවා. ඒක මට ඇති. අනික මගේ තාත්තාගේ ව්‍යාපාරය තියෙනවා. මම ඒකටත් උදව් වෙනවා.

ඒ කියන්නේ මැණික් හරි ගණන්?
මැණික් කොහොමත් ගණන්නේ. මාත් ගණං. ඒත් ඒ ගාන අසාධාරණ නැහැ. මම මට හදාගත්තු වටිනාකමක් තියෙනවා. ඒ ගාන හම්බවෙන්නේ නැත්නම් මගේ වටිනාකම අඩුවෙනවා.

ඉහළ මුදල් අය කරන්නේ නම් වෘත්තීය නළු නිළියෝ?
මම වෘත්තීය නිළියක් නමෛයි තමයි. වෘත්තීය නිළියක් වෙන්න මම කැමතිත් නැහැ. මම රඟපාන්නේ ආසාවට. විනෝදයට. එහෙමයි කියලා මම ලාභ නිළියක් වෙන්න ඕන නැහැනේ.

ගාණ වැඩි නිසා මැණික්ව එපා කියපු අය නැද්ද?
නැත්තෙත් නැහැ. හැබැයි මාව එපා කියපු අය හිටියට මගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මට පාඩු වෙන්නෙත් නැහැ. මාව ඕනමයි කියලා හිතුණොත් තමාගේ වැඩේ වෙනුවෙන් මගේ ගාණ ගෙවන අය ඉන්නවා.

මැණික්ගේ ගාණ වැඩි වුණේ ‘අනිත්‍යා’ නිසාද?
අනිත්‍යා නිසා ගාණ වැඩි වුණා නමෛයි. මම රඟපෑම භාරගන්නේ අඩුවෙන් වුණාට කරන චරිතයට හොඳටම සාධාරණයක් කරනවා. අනිත්‍යා නිසා ගොඩක් අය මගේ හැකියාව දැක්කා. මට වටිනාකමක් හැදෙන්න අනිත්‍යාත් හේතුවක් තමයි.

චරිතයට සාධාරණයක් කිරීම වෙනුවෙන් ඕනම දෙයක් කරනවාද?
රගපාද්දි මම ජීවත් වෙන්නේ මගේ ඇත්ත ජීවිතේ නමෛයි. ඒ නිසා චරිතය වෙනුවෙන් මම කළ යුතු දේ මම කරනවා. බලන අය ඒක කොහොම තේරුම් ගත්තත් මට වැඩක් නැහැ.

අපේ සමාජ සම්මතයෙන් එහා ගිය දේවල් වුණත් කරනවා?
අපේ මිනිස්සු හිතන විදියෙයි වරද තියෙන්නේ. ලංකාවේ නිළියක් නිරුවත් වුණොත්, කොටට ඇන්දොත් අනේ අ‍පොයි කියනවා. හැබැයි බොලිවුඩ් හොලිවුඩ් නිළියෝ ඒ දේවල් කරද්දි නියමයි කිය කිය බලනවා. හැමදේම විවෘත මනසකින් රසවිඳින්න බැරිකමයි ඒකට හේතුව.

මැණික්ට ‘අනිත්‍යා’ නිසා ඇලවුණු ‍ලේබලය දැන් ගැලවිලාද?
අනිත්‍යා චිත්‍රපටයට රැගුම් පාලක මණ්ඩලයෙන් අවසර ලැබුණේ පවු‍ලේ චිත්‍රපටයක් විදිහට. ඒත් සී.ඩී එක වි
කුණපු කෙනා අනිත්‍යා ‘වැඩිහිටියන්ට පමණයි’ කළා. එහෙම කළේ චිත්‍රපටය විකුණාගන්න. ඒකෙන් ‍ලේබල් වැදුණෙ මට. අපේ රටේ ඒ වගේ ‍ලේබලයක් ඇලවුණාම ගලවගන්න අමාරුයි.

මැණික් ජනප්‍රිය වෙන්න ආස නිසා අනිත්‍යා රඟපෑවා නමෛයිද?
මම කවදාවත් ජනප්‍රිය වෙන්න ආස නැහැ. මම කැමති පාඩුවේ ජීවත් වෙන්න. ඒ නිසා තමයි ටෙලි නාට්‍යයක්වත් මම භාර නොගන්නේ. අනිත්‍යා අමුතුවෙන් ජනප්‍රිය වෙන්න තරම් අමුතු දේවල් තිබුණ චරිතයක් නමෛයි. ඔය කියන වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් දේවල් එකක්වත් ඒ චිත්‍රපටයේ තිබුණේ නැහැ.

කෙනෙක් මැණික්ගේ සැබෑ ජීවිතේ අනිත්‍යාගෙන් මැනගත්තා නම් මොකද වෙන්නේ?
මට කමක් නැහැ. මොකද ඒ මම නමෛයි. මම මගේ සීමාව දැනගෙනයි රඟපෑවේ. මගේ සතුටට. සල්ලිවලට වත් ජනප්‍රියත්වයටවත් නමෛයි. මිනිස්සු කලාකාරයින්ගේ ජීවිතවලට එඛෙනවා වැඩියි. ඒ නිසයි රඟපාන චරිතය ඒ කෙනාගේ ඇත්ත චරිතයට ගළපන්න හදන්නේ.

මැණික්ගේ හැකියාවෙන් ලංකාවේ වැඩ කරන්න අමාරුද?
ලංකාවේ වැඩ කරන්න අමාරුයි කියනවාට වඩා පිටරටවල වැඩ කරන්න ‍ලේසියි කිව්වොත් තමයි හරි. සනී ලියෝන් දිහා බලන විදියට නමෛයිනේ අපේ රටේ මිනිස්සු අපි දිහා බලන්නේ. සනී ලියෝන්ගේ රඟපෑමෙන් කලාව දකින අය අපේ නිළියන්ට අලවන්නේ වෙන වෙන ‍ලේබල්.

නිළියක් වුණේ අපරාදේ කියලා දැන් හිතෙනවාද?
අපේ වැරදි හොය හොයා මඩගහන්න හදන මිනිස්සු නිසා සමහර වෙලාවට එහෙමත් හිතෙනවා. රටේ මිනිස්සු මොනදේ කළත් නළු නිළියන්ගේ වැරදිම දකින අය ඉන්නවානේ.

ඒ කියන්නේ මැණික්ව ඉස්සරහට දකින්නම බැරිවේද?
මම කොහොමත් වැඩිපුර පේන්න නැහැනේ. දැනට නම් අලුත් චිත්‍රපට දෙකකට කැමැති වෙලා ඉන්නේ. තාත්තාගේ ව්‍යාපාරත් තියෙනවා. ඉස්සරහට මම මගේ ව්‍යාපාරයකුත් පටන් ගන්නවා. එතකොට ඉතිං තවත් අඩුවෙන් තමයි රඟපෑම්වලට එන්නේ.

විවාහයක් ගැනත් මැණික්ගේ හිතේ තියෙනවාලු?
හිතේ තියෙනවා. ඒත් තාම හරි ගිහින් නැහැ. කොහොමත් කාපු බූට් ගැන හිතනවට වඩා එහෙම හිතන එක හොඳයිනේ.

0 comments:

Post a Comment