චන්න පෙරේරා වගේම ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් ලැයිස්තුවේ ඉන්න ජනප්‍රිය තරු දෙකක්. ඒ දෙපළගේ දූවරුන් දෙන්නා කලාවට සම්බන්ධ නොවුණත් දෙමාපියන් නිසා ජනතාව ඔවුන්ට සමීපයි කියලා අපට හිතුණා. ඒ නිසා මෙවර රිවිසරසි කතාබහකට චන්න ගයාත්රිගේ වැඩිමහල් දියණිය මල්ෂා පෙරේරාවත්, කනිටු දියණිය දුවාෂා පෙරේරාවත් එකතු කරගත්තා. අක්ක නගෝ දෙන්නා ප්‍රථම වරට පුවත්පත් සාකච්ඡාවකට සම්බන්ධ වුණේ මේ විදිහටයි.
මල්ෂා කියන්නේ චන්නගේත්, ගයත්රිගේත් දියණිය කියල දැන ගත්තාට මල්ෂා මොනවද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැනේ… ඒ නිසා මල්ෂා ගැන කියන්න?
මම ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මම සාමාන්‍ය පෙළ විභාගය කළා. මේ දවස්වල තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා.
මල්ෂා කැමැති නැද්ද අම්මයි, තාත්තයි වගේ ජනප්‍රිය වෙන්න රඟපාන්න?
ඇත්තටම මම රඟපාන්න කැමැති නැහැ. මම වෘත්තිය නිළියක් වෙන්න නම් කැමැති නැහැ. ඒ වගේම ජනප්‍රිය චරිතයක් විදිහට පෙනී ඉන්නත් හරිම අකැමැතියි.
ඒ කියන්නේ මල්ෂා රංගනයෙන් දකින්න ලැඛෙන්නේ නැහැ..,?
වෘත්තීය මට්ටමෙන් රඟපෑවේ නැති වුණාට ඉඳහිටලා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. ඒත් ඒ අදහස දැන්ම ක්‍රියාත්මක වෙයිද කියන්න නම් දන්නේ නැහැ.
දෙමාපියන් ජනප්‍රිය සංස්කෘතියට අයිති දෙන්නෙක් නිසා මල්ෂාට රංගනයට ඇරයුම් ලැඛෙනවා ඇති නේද?
ආරාධනා නම් පහුගිය කාලයේ ලැබිලා තියෙනවා. ඒත් අධ්‍යාපන වැඩකටයුතු නිසා ඒවා ප්‍රතික්ෂේප කළා.
රංගනයට පිවිසෙන්න දෙමාපියන්ගේ බලපෑම කොයි වගේද?
අම්මයි, තාත්තයි දෙන්නා රඟපාන්න කියලා බල කරන්නේ නැහැ. ඒත් තාත්තා නම් කැමැතියි මම රඟපානවට. ඒත් මට ඕන පරිගණක විෂය සම්බන්ධයෙන් උපාධියක් ලබාගන්න. මම ඒ වැඩකටයුතුවලට මුල් තැන දීලා තාත්තාගේ කැමැත්තටත් ඉඩ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් කවදාවත් අම්මයි, තාත්තයි වගේ නම් මම වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නේ නැහැ. ඒ ජීවිතේ හරිම අපහසු ජීවිතයක්. මට ඕන නිදහසේ ජීවත් වෙන්න.
කවදා හරි දවසක චන්න පෙරේරා වගේ මල්ෂා පෙරේරාවත් සිනමා අධ්‍යක්ෂණයෙන් දකින්න ලැඛෙයිද?
ඒ රාජකාරියට මම තවම පුංචි වැඩියි. ඒත් ලොකු කැමැත්තක් තියෙනවා සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න. තාත්තා මට කියලා තියෙන්නේ ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ ඒ ගැන පොඩ්ඩ පොඩ්ඩ කියලා දෙන්නම් කියලා. තාත්තා උදව් කළොත් කවදා හරි දවසක මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙයි.
ජනප්‍රිය චරිත නිසා වැජඹෙන දූ දරුවන් ඉන්නවා. මල්ෂා කියන්නෙත් ඒ වගේ චරිතයක්ද?
ඉස්කෝලෙදි මට ලොකු පිළිගැනීමක් තියෙනවා. හැමෝම වගේ දන්නවා මගේ අම්මා කව්ද, තාත්තා කව්ද කියලා. ඒත් මම ඒ දේ කියලා නෙවෙයි, ඇත්තටම කිව්වොත් ඒ පිළිගැනීම මට කරදරයක්. අම්මයි, තාත්තයි එක්ක පිටට ගියොත් හුඟදෙනෙක් මටයි, නංගිටයි ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා නිදහස සීමාවෙලා කියලයි මම හිතන්නේ. මිනිස්සු අපට ආදරය කරන එක හොඳයි. ඒක වාසනාවක්. ඒත් මම ඒ දේට කැමැති නැහැ. මම අම්මා තාත්තාගෙන් බැබළෙන්න උත්සාහ කරන කෙනෙකුත් නෙවෙයි.
චන්න පෙරේරා හා ගයාත්‍රි ඩයස් කියන චරිත දෙකෙන් වඩාත් දක්ෂ කවුද කියලා ඇහුවොත් මල්ෂා දෙන උත්තරය මොකක්ද?
අම්මයි තාත්තයි දෙන්නම දක්ෂයි. දක්ෂතා දෙවිදිහක්. ඒ නිසා තමයි ඒ දෙන්නා කලා ක්ෂේත්රයේ ඉදිරියෙන් ඉන්නේ.
ඒ දෙන්නාගෙන් ඔබ වඩාත් කැමැති කලා නිර්මාණ මොනවද?
තාත්තා අධ්‍යක්ෂණය කළ අංජලිකා චිත්‍රපටයට මම හුඟක් ආසයි. ඒක අධ්‍යක්ෂණය කරනකොට මම හුඟක් පුංචියි. ඒත් මම ඒ චිත්‍රපටයට හුඟක් ආසයි. අම්මගේ විශේෂ කැමැත්තක් තියෙන නිර්මාණ නැහැ. ඇත්තටම කිව්වොත් මම ඒ දෙන්නා රඟපාන ටෙලි නාට්‍ය බලන්නේ නැහැ. විශේෂ දෙයක් තිබ්බොත් විතරයි බලන්නේ.
මල්ෂාට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් කියලා ආරංචියි?
මම පොත්පත් කියවන්න ආසයි වගේම නර්තනයේ යෙදෙන්නත් ආසයි. ඒ වගේම මම සංගීතයට හුඟක් ලැදි කෙනෙක්. මට ආසාවක් තියෙනවා මටම කියලා සිංදුවක් කරන්න. මේ දවස්වල මම කටහඬ පුහුණුවීම්වලටත් යනවා. තව ටික කාලයකින් ලස්සන සිංදුවක් රූප රචනාවක් එක්ක එළි දක්වන්න කැමැත්තෙන් ඉන්නවා.
මල්ෂාගේ දෙමාපියෝ සාමාන්‍ය දෙමාපියන්ට වඩා වෙනස් ජීවිතයක් ගතකරන අය. ඒ අයගේ කාර්යබහුල ජීවිතේ එක්ක ළමා කාලය මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
අම්මයි, තාත්තයි දැන් හුඟක් කාර්යබහුලයි. ඒත් මම පුංචි කාලේ ඒ දෙන්නගේ ආදරේ, ආරක්ෂාව මට වෙන ළමයින්ට ලැඛෙනවා වගේම ලැබුණා. අදටත් ඒ දෙන්නගේ ආදරයේ වෙනසක් වෙලා නැහැ. ඒත් ළඟ රැඬෙන කාලය ටිකක් අඩුවෙලා.
අම්මා වැඩිපුර නිර්මාණවලට සම්බන්ධ වුණේ නංගි ලැබුණට පස්සේ. ඒ දෙන්නා ළඟ රැඬෙන කාලය අඩු වුණේ නංගිට. ඒ නිසා නංගිට දැනෙනවා ඇති වෙනසක්. දැන් නම් අපිට හුරුයි, මේ ජීවිතේ. ඒත් සමහර වෙලාවට අම්මයි, තාත්තයි ළඟ නැති අඩුව පාළුව දැනෙනවා. කොහොම හරි අපි වෙනුවෙන් අම්මයි, තාත්තයි කාලය වෙන්කරගන්න නිසා ලොකු දුකක් නැහැ.
මල්ෂාගේ කතාබහෙන් අනතුරුව දුවාෂා එක්ක කතා කළා. මල්ෂා තරම් කතාවට දුවාෂා තවම කටකාර නැහැ. ඇය ඒතරම් පුංචියි. ඒ නිසා දුවාෂාගෙන් මුලින්ම ඇහුවේ කොහොමද කියලා. ඇය හුරතල් විදිහට හොඳයි, හොඳින් ඉන්නවා කියලා අපට උත්තර දුන්නා. දුවාෂාව ළඟදීම රිදීතිරයෙන් දැකගන්න ලැඛෙනවා. ඒ චන්න පෙරේරාගේ අලුත්ම සිනමා සිත්තමකින්.
දුවාෂා දැන් පුංචි නිළියක් නේද?
මම තාත්තාගේ ෆිල්ම් එකක ඉන්නවා. චරිතේ නම මලිති.
කැමරාව ඉස්සරහා රඟපාන්න බය හිතුණේ නැද්ද?
මම කැමරාවට බය වුණේ නැහැ. මම රඟපාන්න ආස නැහැ ටිකක්වත්. තාත්තා කතා කරපු නිසා ගියා.
දුවාෂා ලොකු වුණාම රඟපාන්නේ නැද්ද?
මම රඟපාන්න ආස නැහැ. මට ඕන ඩොක්ටර් කෙනෙක් වෙන්න. එතකොට මට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්.
එතකොට දුවාෂා වැඩිපුරම ආදරේ අම්මටද, තාත්තටද?
වැඩිපුරම ආදරේ දෙන්නටම. අම්මටත් ආදරෙයි, තාත්තටත් ආදරෙයි.
අක්කට ආදරේ නැද්ද?
අක්කට නම් ආදරේ නැහැ. එයා හරිම නපුරුයිනේ.
දුවාෂාට ඉස්කෝලේ ළමයි හුගක් ආදරේ ඇති නේද? අම්මයි තාත්තයි ජනප්‍රිය නිසා?
හුඟක් අය කතා කරනවා. අම්මයි, තාත්තයි රඟපානවා නේද කියලා අහනවා. එයාලව ටීවී එකෙන් දකිනවා කියනවා.
එ
තකොට දුවාෂාට මොකද හිතෙන්නේ?
මට සතුටුයි ඉතිං…
දුවාෂා ඉස්කෝලෙදී වැඩිපුරම ආස මොන වගේ දේවල්වලටද?
ඉස්කෝලේ යන්නේ රෝයල් ජාත්‍යන්තර පාසලට. පහ වසරේ ඉගෙන ගන්නේ. ඉස්කෝලේදී ස්විමිංවලට යනවා.
ටෙලි නාට්‍ය බලනවද?
මම ටෙලි නාට්‍ය බලන්න ආස නැහැ. ඒ නිසා බලනවා අඩුයි.
0 comments:
Post a Comment