ගයාන් වික්‍රමසිංහ චතුරිකා පීරිස් කියන්නෙ පසුගිය කාලෙ විවිධ කතා මවපු දෙන්නෙක්. දැන් මේ දෙන්නා ගැන ආයෙමත් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ සහේලි ටෙලි නාට්‍යයත් එක්ක.මේ පුවත් පතකට චතුරිකා පැවසු ඇයගේ වර්තමාන විස්තර ටිකකි
චතුරිකා මොනවද මේ දවස්වල ඔයාගෙ පුද්ගලික ජීවිතේ අලූත් තොරතුරු?
මගෙ අම්මා කාලෙක පටන් රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙක්නෙ. ඒ නිසා මම අම්මත් එක්ක එකතුවෙලා තලවතුගොඩ බොබී බ්රයිඞ්ස් කියලා රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළා. මම තමයි එතන මැනේජ්මන්ට් කටයුතු කරන්නෙ ඒ නිසා රූපගත කිරීම්වලින් පස්සෙ මම නිතරම ඉන්නෙ එතනයි.
චතුරිකා. මේ දවස්වල ඔයා එක්ක කතා කෙරුවත් ගයාන් එක්ක කතා කෙරුවත් ඔයාල දෙන්නගෙන්ම හැමෝම දැනගන්න උනන්දුවෙන කාරණයක් තියෙනවා ඒ තමයි ඔයාල දෙන්නගෙ විවාහය ගැන?
ඔව් ඒක ඇත්ත, දැන් අපේ ගෙවල්වලිනුත් අපිට බේරිල්ලක් නෑ. මේ 2016 අවුරුද්දෙ අපේ විවාහය සිද්ධවෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා.
හිරු තනිවෙලා, ආත්මා, සහේලි, මේ හැම ටෙලි නාට්‍යයකම ගයාන් - චතුරිකා, මේ උත්සාහය පුංචි තිරයට ගයාන් චතුරිකා යුගයක් ඇති කරන්නද?
ඒ විදිහෙ අදහසක් නම් නෑ. ඒත් අපි දෙන්නාම එකට රඟපාන එකේ අපි දෙන්නට පහසුවක් වගේම අපි දෙන්නා සම්බන්ධ කර ගන්න එකෙන් ඒ සම්බන්ධ කරගන්න අයටත් පහසුවක් වගේම වාසියකුත් තියෙනවා. ඒ මොකද රඟපාන දින ප්‍රශ්න එන්නෙ නෑ. ට්‍රාන්ස්පෝට්වලට යන වියදම් අඩුකරගන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවනෙ
ඉදිරියෙදී ඔයා රඟපාන්නෙ ගයාන් එක්ක විතරයි. ගයාන් රඟපාන්න ඕනෙ ඔයා එක්ක විතරයි කියලා තීරණයකද දැන් ඉන්නෙ?
නෑ. එහෙම තීරණයක් නෑ. ගයාන් අජාසත්ත˜චිත්‍රපටයෙ රඟපෑවේ මාත් එක්ක නොවෙයිනෙ පසුගිය දවස්වල මම ටිකිරි රත්නායකගෙ ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒ ගයාන් එක්ක නෙමෙයි
0 comments:
Post a Comment