අතුල සමිතා යළි එක්‌වෙයිද?

සමිතා කියන්නේ මගේ මුල්ම දරු දෙන්නාගේ අම්මා
අතුල ගැන පසුගිය කාලය පුරාවටම කතාබහ වුණා. ඒ වෙන හේතුවක්‌ නිසා නෙමෙයි, අමායා මාධ්‍ය ඉදිරියට ඇවිත් අතුල ගැන කළ කී දෑ හේතුවෙනි. මේ හින්දාම අතුලගේ දුරකථනයට නිවාඩුපාඩුවක්‌ ලැබුණේම නැහැ. ඒ මේ සිදුවීම ගැන ඔහුගෙන් විමසීමටය. අමායා මාධ්‍යයට පැවසුවා පුළුවන් නම් අතුල මාධ්‍ය ඉදිරියට ඇවිත්
මේ දේවල්වලට උත්තර දෙන්න කියලා. නිහැඬියාව බිඳිමින් දිගු කලකට පසුව ඔන්න අතුල මුල් වරට මීවිත අපි අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා.

මේ දවස්‌වල මොනවද කරන්නේ ?
ඩී්‍රම් ස්‌ටාර් අවසන් වුණා. සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගිවීම සඳහා විදෙස්‌ගතවීමට සූදානමින් සිටිනවා. ඒ වගේම මගේ අලුත් සංගීත කණ්‌ඩායමේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. තව මාසයකින් ඇතුළත ඒ පිළිබඳව ඉදිරියේදී මගේ රසිකයන්ට දැනගන්න ලැබේවි. 

අලුත් ගීත එකතුවක්‌ කරන්න අදහසක්‌ නැතිද?

පසුගිය දිනවල ගීත තුනක්‌ විතර කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැඛෙනවා. ඉදිරියේදී අලුත් ගීත එකතුවක්‌ කරන්න බලමු. 

මේ දිනවල ඔබේ සංගීත කටයුතුවලට වඩා පුද්ගලික ජීවිතය ගැන මාධ්‍ය හරියට විමසනවා නේද?

ඒ කතාව නම් ඇත්ත තමයි. පසුගිය දවස්‌වල මම කරපු ගීත ගැන අහන්න එක මාධ්‍ය ආයතනයක්‌වත් මට කතා කළේ නැහැ. නමුත් මගේ පුද්ගලික තොරතුරු අහන්න නිතර දෙවේලේ කතා කරනවා. විද්යුත් මාධ්‍යවලට ගොඩක්‌ වටින්නේ සින්දුනේ. නමුත් සමහර විද්යුත් මාධ්‍ය කරන්නේ මට මඩගහන එකයි. ඔබ දන්නේ නැහැනේ ඇයි එහෙම කරන්නේ කියලා. 

අමායා ඔබ ගැන මාධ්‍යයට කියපු දේවල් ගැන මොකද හිතන්නේ ?

ගොසිප් කියන දේවල් ලෝකයේ ඕනෑතරම් තියෙනවා. ඒවා ගණන් ගන්න නරකයි. මාධ්‍ය ඉස්‌සරහට බලෙන් ගිහින් කාගෙවත් පුද්ගලික ජීවිතයකට මඩගහන්න තරම් පහත් තත්ත්වයකට මම වැටිලා නැහැ. මං ගැන කවුරු මොනවා කිව්වත් මම ගණන් ගන්නෙත් නැහැ. මොකද ඇත්ත තත්ත්වය මම දන්නවා. 

එතකොට අමායා මාධ්‍ය ඉදිරියේදී ඔබ ගැන පැවසුවේ බොරුද?

ඔව්. ඒවා සත්‍ය නෙමෙයි. එයාගේ වටේ ඉන්න අය කියන දේවල් තමයි දැන් එයා ඔය කරන්නේ. ඇත්ත විස්‌තරය දන්නේ මමයි, එයයි විතරයි. ඒ විස්‌තර මාධ්‍යයට කියලා ජනප්‍රියවෙන්න මට වුවමනා නැහැ. 

ඒ කියන්නේ ඔබ ගැන බොරු විස්‌තර මාධ්‍යයට කියලා අමායා ජනප්‍රිය වෙන්න හදනවා?

ඔව්. ඒක තමයි ඇත්ත තත්ත්වය. මම කවදාවත් ගෑණු බදාගෙන ජනප්‍රිය වෙච්ච චරිතයක්‌ නෙමෙයි. මම මගේ වෘත්තිය අකුරටම කරන පුද්ගලයෙක්‌. ඒක නිසා විශාල රසිකයෝ පිරිසක්‌ මට හැමදාම ඉන්නවා.

අමායාව අවුරුද්දකින් විතර බලන්න ගියේ නැහැ කියලා ඇය කියනවා. ඒක ඇත්තද?
එයා මාධ්‍ය හරහා නොයෙක්‌ ප්‍රචාර මා ගැන පළ කරනවානේ. ඇත්තටම අමායයි, මමයි දැන් එකට නෙමෙයි ජීවත්වෙන්නේ. 

ඉදිරියේදී මොකක්‌ද කරන්න හිතාගෙන ඉන්නේ ?
තවම ඒ ගැන හිතලා නැහැ. 

ඇය ඔබට කිසිදාක වරදක්‌ කරලා නැතිලු. එතකොට වරද කරලා තියෙන්නේ ඔබද?

වරද කළේ කවුද කියලා හොඳටම දන්නේ අපි දෙන්නා විතරයි. ඒ ගැන මාධ්‍යය කියලා මට ජනප්‍රියවෙන්න වුවමනා නැහැ. 

ජීවිතයේ ඔබ ගත්ත සමහර තීන්දු තීරණ ගැන අද ඔබ දුක්‌වෙනවාද?

කිසිසේත්ම නැහැ. මම ගොඩක්‌ වෙනස්‌ පුද්ගලයෙක්‌. මට හොඳයි කියලා හිතෙන දේ මම කරනවා. ඒකට මම කාගෙන්වත් අවසර ගන්නේ නැහැ. ජීවත්වෙලා ඉන්න කාලය තුළ මොනදේ වුණත් මම සතුටින් ඉන්නවා.

කතාවක්‌ තියෙනවා සමිතා එක්‌ක ඔබ අලුත් ජීවිතයක්‌ පටන්ගන්නවා කියලා?

සමිතා එක්‌ක කවදාවත් මගේ තරහක්‌ තිබුණේ නැහැ. අපි දෙන්නා දික්‌කසාද වුණත් කවදාවත් තරහාවෙලා හිටියේ නැහැ.

ඒ කියන්නේ ඔබ තවමත් සමිතාට ආදරෙයි ?

සමිතා කියන්නේ මගේ මුල්ම දරු දෙන්නාගේ අම්මා. ඒක නිසා අපි අතර ලොකු සම්බන්ධයක්‌ තියෙනවා. 

නැවත සමිතාව කසාද බඳින්න අදහසක්‌ නැතිද?

ඒ ගැන දැන්ම මට කිසි දෙයක්‌ කියන්න බැහැ. 

0 comments:

Post a Comment