යාළුකම් ගැන කතා කරන්න මම නං කැමැති නෑ - මේනකා

මේනකා මධුවන්ති කියන නම රංගන ශිල්පිණියක් ලෙස හඳුනාගෙන තිබුණත් දැන් ඇය වැඩිපුරම කාලය ගතකරන්නේ ව්‍යාපාරික ලෝකයේ කිව්වොත් නිවැරදියි. පසුගිය කාලයේ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් මැවුණු පුවත්වලත් අතරින් පතර මේනකාගේ නම කියැවුණත් මෑතක තිබුණු නිහැඩියාව බිඳලා ඇයත් සමග කතාබහකට අපි හිතුවා.

මේ දවස්වල මොකද වෙන්නේ මේනකා?

චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ මාසේ ඒවායේ රූගත කිරීම් පටන්ගන්නවා. ඒ චරිත දෙකම ගොඩක් වෙනස් චරිත දෙකක්. මගේ රසිකයන්ට වෙනස්ම රංගනයක් මගෙන් දකින්න ලැඛෙයි. ඊට අමතරව ව්‍යාපාර කටයුතුත් කරගෙන ඉන්නවා.

එතකොට මේනකා පටන්ගන්නවා කියලා තිබුණ නැටුම් පන්තිය?

නැටුම් පන්තිය පටන්ගත්ත සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහා ස්ටුඩියෝ එකත් හදලයි තියෙන්නේ. ඒත් පන්තිය පටන්ගන්න වෙලාවක් නැතිවයි ඉන්නේ. මම ව්‍යාපාරික කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි.

මේනකාගේ ආදරේ?


ආදරේ ඉතින් සුන්දරයි. සුන්දර ආදරයක් ලැබුණොත් සුන්දරයි.

ඒ කියන්නේ තාමත් ලැබුණේ නැද්ද එහෙම එකක්?

අවංකවම තාම ලැබිලා නැහැ. ලැබුණොත් ඉතින් කියනවානේ.

ඒත් ඉතින් කලවයසත් හරි නේද දැන්?

කලවයසත් හරියටම හරි තමයි.

කොහොම කෙනෙක්ද සහකරුවා විදිහට බලා‍පොරොත්තු වෙන්නේ?

මට ආදරේ කරන අවංක කෙනෙක් තමයි ඉතින්.

ඒ කෙනා කලාවට සම්බන්ධ කෙනෙක් වෙනවට කැමැතිද?

ආදරේ ඇති වෙනකොට කොහේ කෙනෙක්ද කියලා දන්නේ නෑනේ.

විවාහයෙන් පස්සේ මේනකාට රගපෑමෙන් ඉවත්වෙන්න වුණොත්?

මම ලැඛෙන ලැඛෙන හැම චරිතයම රගපාන කෙනෙක් නමෛයි. හොඳ චරිතයක් ලැබුණොත් කරනවා. කරන එක චරිතේ හරි හොඳට කරන කෙනෙක් මම. දිගටම රංගනයේ ඉන්නවද කියලා තීරණය කරන්නේ මම නමෛයි. මාව තියාගන්නකල් ක්‍ෂේත්‍රයේ ඉන්නවා.

තවම කරන්න නොලැබුණු ඒත් කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?

මං ආසයි වෙනස් වෙනස් චරිත කරන්න. හම්බවෙන හැම චරිතෙම අත්හදා බලන්න කැමැතියි මම.

ළගදී තිබුණ ආක්ෂගේ උපන්දින උත්සවේට ගිහින් හිටියා නේද?

මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ඒක අපේ පෞද්ගලික ජීවිතේ.

අපි හිතුවා උපන්දින උත්සවේට ගියේ දෙන්නා ආයේ යාළු වුණ නිසා කියලයි.

තරහක් නෑ

එහෙනම් ඇයි ඒ ගැන කතාකරන්න අකැමැති?

මම කැමැතියි මිනිස්සු අපිට සාමාන්‍ය විදිහට සලකනවානම්. අපි දෙයක් කිව්වම ඒක තව කෙනෙක්ට මාතෘකාවක් වෙනවට මං කැමැති නැහැ.

මේනකාගේ උපන්දින උත්සවේ කොහොම තියේවිද?

මම ඇත්තටම බර්ත්ඩේ පාටිවලට කැමැති නැහැ. 21 වැනි උපන්දිනේ නම් උත්සවයක් අරන් සැමරුවා. ගිය අවුරුද්දේ පවු‍ලේ අයයි යාළුවොයි සර්ප්‍රයිස් පාටි එකක් දුන්නා. මම නම් බර්ත්ඩේ පාටි ගන්න අයටත් කියන්නේ එපා කියලයි.

සමහරු උපන්දිනේට පින් වැඩකරන්නේ. මේනකා එහෙම දෙයක්වත් කරන්නේ නැද්ද?

මම ඕනේතරම් පින් වැඩකරලා තියෙනවා. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. ඒත් ඉතින් පින් කළා කියලා ෆොටෝස් දාන්න ඕන නැහැනේ.







0 comments:

Post a Comment