අභිෂේකා විමලවීර කලකට ඉහතදී පෞරුෂය තුළින් මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් හඳුනාගත් චරිතයක් වුවත් ඇය අද දක්ෂ ගායිකාවක්. ගායනයට හැකියාව තිබුණත් නිවේදිකාවක් වීම නිසා ගායනයට පිවිසීමේ මාර්ගයේ ඇතිවූ බාධක හේතුවෙන් ඈ ගායිකාවක් වීම ප්‍රමාද වූවා. මේ සියලූ තොරතුරු අතරේ ඇගේ වර්තමාන කලා ජීවිතේ තතු සොයා බලන්න අපි ඇයව ඇමතුවා.
ඉතිං කොහොමද අභිෂේකා?
ඉතාමත් කාර්යබහුල කාලයක් කිව්වොත් හරි.
මොකක්ද හේතුව?
මියුසික් මාස්ටර්ස් ඩිග්රි එකෙයි කොළඹ වෛද්‍ය සභාවේ ආයුර්වේද වෛද්‍ය චර්ම විශේෂඥ විභාගෙයි අන්තිම අවුරුද්ද නිසා වැඩි කාලයක් ගතවෙන්නේ අධ්‍යාපන වැඩත් එක්ක. මේ අතරේ අලූතින් ස්පා ආයතනයක් පටන් ගන්නත් අතගහලා තියෙනවා.
මේ ගායනයෙන් දුරස් වුණු කාල පරාසයක්ද?
කොහොමත් මම වෘත්තීීමය ගායිකාවක් නෙමෙයි. සැලොන් එකෙයි, බ්‍රයිඩල් වැඩයි, අධ්‍යාපන කටයුතුයි, ගෙදර වැඩයි, දුවගේ වැඩයි මේ සියල්ල අතරේ තමයි විනෝදාංශයක් හැටියට ඉඩක් ලැබුණොත් අලූත් ගීතයක් ගායනා කරන්නේ.
අභිෂේකාට ප්‍රසිද්ධ වේදිකාව තහනම්ද?
අනේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව මගේ කම්මැළිකම. අනික මම නිදිවරන්න කැමැති නැහැ.
සංගීත ප්‍රසංග මගහැරීම අවාසියක් නොවේද?
ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවෙන නිසා එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ.
ගායන දිවියේ මේ යන ගමනේ අනාගතයක් තියේවිද?
මට හම්බකරන් කන්න ව්‍යාපාරයක් තියෙනවා. අනික මට ඉන්නේ දුවෙක්. දවල් දවසත් ව්‍යාපාර කටයුතුවලටයි අධ්‍යාපනයටයි වැයකරලා රෑ කාලයත් දරුවගෙන් උදුරගන්න බැහැ.
ඔබ ගායිකාවක් වුණේ රැල්ලටද?
නැහැ. පුංචි කාලේ ඉඳන්ම මට හැකියාව තිබුණේ ගායනයට. නමුත් නිවේදිකාවක් වීම නිසා ගායිකාවක් වීම ප්‍රමාද වුණා.
නිවේදිකාවක් වීම ජනප්රියවීමට මග පෑදුවා කිව්වොත්?
නිවේදිකාවක් වීම නිසා ගායිකාවක් හැටියට ගීතයක් ගායනා කළත් ඒ ගීත ප්‍රචාරය කරගැනීම සඳහා නාලිකා අතර යම් අවහිර කිරීම් සිදුවුණා. ඒ නිසා සම්පූර්ණයෙන්ම නිවේදනයෙන් ඈත්වුණා.
නිවේදනයෙන් ඈත් වීම මුල අමතක කිරීමක් නොවෙයිද?
හැකියාව තියෙන්නේ ගායනයටනේ. ඒ නිසා පසුතැවීමක් නැහැ.
අභිෂේකාට ජනප්‍රිය ගායිකාවක් වීම ඇත්තටම අභියෝගයක් වුණේ නැද්ද?
කොහෙත්ම නැහැ. ජනප්‍රියත්වය කියන්නේ ජනයා අතර ප්‍රිය වීම ඒක මම පොඩි කාලේ ඉඳලම පුදුමාකාර විදිහට විඳපු කෙනෙක්. ඒ නිසා ප්‍රසිද්ධ වෙන්න කියලා මගෙ ආත්මයට හානිවෙන දෙයක් කරලා නැහැ.
අද ගීතයක් ජනප්‍රිය කරවීමට විෂුවල් එකක් අවශ්‍යමද?
මම හිතන්නේ හදවතට දැනෙන දෙයක් කිරීම තමයි ජනප්‍රියත්වය කියන්නේ. එවැනි නිර්මාණයකදි විෂුවල් එක අවාසියක් වෙන්නත් පුළුවන්.
ඒ් කියන්නේ ඔබේ ගීත රසිකයින්ට දැනෙන්නේ නැද්ද?
ඒකට හොඳම උදාහරණේ තමයි රසික රසිකාවියන්ගෙන් ලැඛෙන ප්‍රතිචාර.
ඇයි එහෙනම් ඔබේ ගීත සඳහා විෂුවල් එක්කළේ?
යුගයේ අවශ්‍යතාවත් එක්ක එහෙම කරන්න සිදුවුණා.
ගීත එකතුවක් එළිදක්වන්න හිතුවේ නැද්ද?
සංයුක්ත තැටි සංස්කෘතිය ගිලිහිලා අන්තර්ජාලය තමයි අද ගීත ජනප්‍රිය කරවීමේ මාකට් එක වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම බලාපොරොත්තුවක් නැහැ.
ගායිකාවක් වුණාට ඔබේ අනාගත ඉලක්කය තිබුණේ වෙන තැනක නේද?
ඔව්. ආයුර්වේද වෛද්‍ය චර්ම විශේෂඥවරියක් වීම තමයි මූලික අරමුණ. මේ වසර අවසානයේදී හරි ලබන වසරේ දී හරි අනිවාර්යෙන්ම ඒ ඉලක්කය සපුරා ගන්නවා.
මේ දේවල් අතරේ රංගනයට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබිලා තියෙනවා. චිත්‍රපටියක රඟපාන්න ආසාවක් තිබුණා. නිළියක් දිහා අද සමාජය බලන ආකල්පයත් එක්ක ඒ අදහස අත්හැරියා.
අභිෂේකා අනාගතයේ ව්‍යාපාරිකාවක් කියන තැන පමණක් රැෙඳයිද?
ගායිකාවක් ලෙසට ඔපමට්ටම් වෙමින් ව්‍යාපාරිකාවක් ලෙසට ස්වාධීන ගැහැනියක් හැටියට නැඟී සිටීම තමයි අරමුණ. ඒ ගමනට සැමියගෙන් ලැඛෙන සහයත් උපරිමයි.
සමාජයේ තියෙන වැරදි ආකල්ප නිසා නිළියක් වීමේ ආසාව අත්හැරියා
0 comments:
Post a Comment