නාළිකාවක ප්‍රධානියෙක් සමග විනූ අනග රැගුම් පානවා කියල කතාවක් හැදිල...

කලා ලොකයේ කා අතරත් බොහොම ජප්‍රය චරිතයක් තමයි විනු උදානි කියන්නේ විනු තමන්ගේ අලුත් විස්තර වගෙම එල්ලවන චොදනාවකට පිළිතුරු විදියකට හරි අපුරු විස්තර ටිකක් කියලා තිබුනා මේ විදියට මව්බිම පුවත්පත හා පිළිසදරකට එක්වේලා.


මේ දවස්වල විනූව අල්ල ගන්නවත් බෑනේ?

ෂූටින් යන නිසා කාර්යබහුලයි ඒකයි අල්ලගන්න බෑ කියලා හිතෙනවා ඇත්තේ.

රගපෑමට වඩා නිවේදන කටයුතුවලට හිත ගිහින් වගේ?

එහෙමත් ම නෑ. දෙරණ ටී පාට් කරනවා. නෙහාරා ගියහම ඒ වැඩසටහන මට ලැබුණා. මං ගොඩක් ආසයි ඒ වැඩසටහන කරන්න.

රගපෑමයි නිවේදනයයි එක්කත් වැඩ පැටලෙන්නෙ නැද්ද?

එහෙම වෙන්නෙ නෑ. ඊට අමතරව මේ මාසේ ීදමඑය ණදරු් වල ප්‍රසංගවලට යන්න නියමිතව ඉන්නවා.

ප්‍රසංගවලට යන්න ඇඩ්වාන්ස් එහෙමත් ලැබුණ හින්දා සල්ලි ගොඩක් ඇති?

තාම ඇඩ්වාන්ස් කළේ නෑ. ලොකු සල්ලියක් ළග නෑ. මට වැඩිදුර පිටරට ප්‍රසංග ලැඛෙන්නෙ නෑ.

විනුට පිටරට ප්‍රසංග ලැඛෙන්නෙ නැත්තෙ ඇයි?

ප්‍රසංගවලට යන්නෙ අම්මා එක්ක ඒ හින්දා ටිකට්වලට ලොකු වියදමක් යන නිසා ආරාධනා අඩුයි.

ජනප්‍රිය රූපවාහිනි නාළිකාවක අධ්‍යක්‍ෂකවරයෙක් එක්ක අනග රැගුම් පානවා කියන්නේ ඇත්තද?

කවුද කියන්නේ. එහෙම දෙයක් නෑ. මාධ්‍ය තමා ඔය බොරු පතුරවන්නෙ.

ඒ මාධ්‍ය නාළිකාවේ අධ්‍යක්‍ෂවරයට කියලා විනූ සමහර ආටිස්ට්ලට නාළිකාවට යන්න තියෙන චාන්ස් එක නැති කරලා තියෙන්නේ කියන කතාවත් බොරුවක්ද?

ඕකත් බොරුවක්. මගේ එහෙම සම්බන්ධයකුත් නෑ.

ඒ වගේ වැඩක් මම කරලත් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් මං ඒ චැනල් ඒකේනේ වැඩ කරන්න ඕන. දැන් ප්‍රශ්න අහලා ඉවර ඇති නේද?
නෑ තාම ඉවර නෑ. ඇයි මේ කලබලවෙලා?

කලබලයක් නෑ.

මියුසික් වීඩියෝවලට කතා කරද්දි එකපාරටම ගණන් උස්සනවා කියන්නේ ඇත්තද?

එහෙම නෑ. හැබැයි එක දිගට මියුසික් වීඩියෝවල ඉන්න කැමැති නෑ. පසුගිය කාලේ නම් වීඩියෝ දෙකකට තුනකට සම්බන්ධ වුණා.

විනූගේ බජට් එකට හරියන්න වැඩ ලැඛෙන්නේ නැති නිසාද ලැඛෙන වැඩ අතහරින්නේ?

මගේ බජට් එකට හරියනවා නම් තමයි මම කොහොමත් වැඩ භාරගන්නේ. ප්‍රේක්‍ෂකයන්ගේ ඉල්ලීම් නිසා තමයි කලින් වැඩවලට සම්බන්ධ වුණේ.

ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් ගතවුණත් තාම හොඳ චරිතයක්, එක්ක සිනමා නිළියක් වෙන්න බැරිවුණා නේද?

ඔව්. හැබැයි. ඒකත් හැබෑවෙනවා. ළගදීම. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පන්තිනි චිත්‍රපටයෙ මණිමේඛලාගෙ චරිතයෙන් මාව දකින්න පුළුවන්.

මණිමේඛලාගෙ එක අවධියක හිස මුඩු කරනවනේ. චරිතය වෙනුවෙන් විනුත් හිස මුඩු කළාද?

මම ඒකට අකැමැති වුණා. ඊට පස්සෙ අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න චරිතෙ ඒ විදියට වෙනස් කළා. ඔහුට අවශ්‍ය වුණා මාව ඒ චරිතයටම ගන්න.

කොණ්ඩෙ කැපුවනං හොඳ ගාණක් ගන්න තිබුණද?

මම හිතුවෙ ඒ දවස්වල භාරගන්න අනෙක් වැඩ ගැන. කොණ්ඩෙ කැපුවා නම් ඒවා නැතිව යනවා. එහෙම වුණා කියලා චරිතෙට බලපෑමක් නෑ.

මේ වගේ චරිත කරන්න ගොඩක් කැප වෙන්න වෙනවනෙ?
මමත් ඒ කැපවීම කළා. චරිතෙ වෙනුවෙන් මාස තුනක් මස් මාළු නොකා පේවිලා හිටියා.

0 comments:

Post a Comment