Feb 19, 2016

21 කෙල්ල ගෙදර ඉඳළා කරපු සෙල්ලම් සියල්ල පිටවෙයි


නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය කාන්තාවක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රටකින් ගෙන්වන ලද කොකේන් සහ විශේෂ හතු වර්ගයකින් සකස් කරන බවට සැකකළ හැකි ඖෂධයක්
නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක ඇති බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව සඳහන්ය.
එම නිවසේ තිබී මැජික් මෂ්රූම් නැමැති අන්තරාදායක ඖෂධ පැකට් 07ක්, ප්‍රොපලීස් නැමැති අන්තරාදායක ඖෂධ  අඩංගු බෝතල් 42ක්, කංසා ශාකයෙන් ලබාගන්නා හෑෂ් ග්‍රෑම් 16ක් සොයාගෙන තිබේ.

සැකකාරියගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාළ හතු වර්ගය අමෙරිකාවේ සිට මෙරටට පැමිණෙන විදේශීය කාන්තාවන් හරහා චොක්ලට් ලෙසට මෙරටට ගෙන්වන බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම අන්තරාදායක ඖෂධ හදුනාගත් පුද්ගලයින් අතර ඉතා රහසිගතව අලෙවි වන බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 21 හැවිරිදි අයෙකු වන අතර ඇය වැඩිදුර විමර්ශන සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානයට භාර දී ඇත.

No comments:

Post a Comment