උපේක්‍ෂාගේ විවාහය කල් ගිය හේතුව මෙන්න

උපේක්‍ෂාගේ විවාහය කල් ගිය හේතුව මෙන්න - අම්මාට හාට් ඇටෑක් එකක්

උපේක්‍ෂාට කරදර පිට කරදර...?

කියලා වැඩක් නෑ... කරදර එනකොට වැල නොකැඩී එනවා.

විවාහයත් කල් ගියාලු නේද?

ඔව්... දින නියමයක් නැතුව කල් ගියා... අම්මා අසනීප වුණා... මට ඉන්නෙත් අම්මා විතරයි. අම්මා අසනීපයෙන් ඉන්නකොට මට උත්සව ගන්න බෑනේ.


හිටපු හැටියේ අම්මාට මොකද වුණේ...?

හාට් ඇටෑක් එකක් ආවා...

දැන් රෝහලේද?

ඔව්... ඔයා මේ කතා කරන මොහොතෙත් අම්මා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නවා.

තාමත් සුවයක් නැද්ද?

සුවවෙමින් ඉන්නේ.... ඒත් අඩමානෙට වැඩ කරන්න බෑනේ... මට හැමදේටම වඩා අම්මා වටිනවා.

විවාහ මංගල්‍යයක් කල්දානවා කියන්නේ ලේසි නෑ...?

ඔව්... හිතුවට වඩා අමාරුයි. පොඩි උත්සවයක් වුණත් ලේසි නෑ... වෙඩින් එකක් කියන්නේ ඊඥචථ ඹධපඬ එකක්. අපි වෙනුවෙන් හැමෝම දිනය වෙන්කරගෙන ඉවරයිනේ. ආයේ ඒ හැමෝටම පහසු දවසක් හොයාගන්නත් ලේසි නෑ... ඒත් කරන්න දේකුත් නෑ...

මංගල්‍යයට ආරාධනා කරපු අයට කල්ගිය බව දැනුවත් කළාද?

හොඳ වෙලාවට ළඟම සීමිත පිරිසකටයි මම ආරාධනා කළේ. හුඟාක් අය වෙච්ච දේ දන්නවා. මම ඒ අයගෙන්මයි උපදෙස් පැතුවෙත්. අනිත් හැමෝටම කෙටි පණිවුඩයකින් හරි දැනුවත් කිරීමක් කළා. කවුරුත් මගේ තත්ත්වය තේරුම් ගත්තා.

කවුරු තේරුම් ගත්තත් වැඩක් නෑ පෙම්වතා වෙච්ච දේ වගේම ඔයාගෙ හිත තේරුම් නොගත්තොත්. විවාහය කල්දාන්න ගත්ත තීරණයට ඔහු එකඟ වුණාද?

ඔව්... ඔහු විතරක් නෙවෙයි ඒ පවුලේ අයත් ඒක තේරුම් ගත්තා. ඔහු තමයි මට හැමදේටම උදවු කරන්නේ.

දැන් ඉතින් කවදා විතරද ආපහු මංගල්‍යය ගැන හිතන්නේ...?

පෙබරවාරිවල සාමාන්‍යයෙන් වෙඩින් ගන්නෙ නෑනේ... බලමු හොඳ නැකතක් ඉක්මනට හොයා ගන්න ඕනෑ.

අම්මා අසනීප වෙන්න කලින් තවත් කරදරයක් වුණානේ... කවුද අර ගෙට රිංගන්න හැදුව පුද්ගලයා...

පිස්සෙක්... හැබැයි පොලිසිය ඔහුට ලොකු තානාන්තරයක් දීලා... මම දන්න විදියට ඔහු මානසික රෝගියෙක්. මුලින්ම මම 2014දී තමයි නිට්ටඹුව පොලිසියට ඔහුව අල්ලලා දුන්නේ.

ඒ වෙලාවේ ඔහුට දඬුවම් හරි ප්‍රතිකාරයකට හරි යොමු කළා නම් ආයෙමත් මට කරදර කරන්න එන්නෙ නෑනේ.

ඒ උපේක්‍ෂාගේ රසිකයෙක්ද?

රසිකයෙක්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි මට ආදරෙයි, මාව බඳින්න ඕනෑ කියලා පස්සෙන් එනවා. ර්ඥඵඵචඨඥඵ එවනවා. ඛ්චතත කරනවා... මට ෂූටින් තියන තැන්වලට එනවා. නිට්ටඹුව කාර්යාලයට ආව වෙලාවක තමයි අපි පොලිසියට අල්ලලා දුන්නේ... ඒ මගේ ආරක්‍ෂකයොත් හිටපු කාලේ. ආරක්‍ෂාව තිබිලත් ඒ මනුස්සයාට බයක් නෑ...

ඔබ කියන විදියට ඔහු පිස්සෙක්. ඒත් ඔහු වගකිවයුතු නිලයක් දරන කෙනෙක්...?

අනේ මන්දා. පොලිසිය තමයි එහෙම කියන්නේ... පොලිසිය මාධ්‍යයට කියලා තිබුණෙත් එහෙමයි. ඔහුටයි පිස්සු. ඒත් සමහර පත්තර වාර්තා කරලා තිබුණේ මට පිස්සු විදියට.

ඔය පුද්ගලයා ගෙට රිංගන්න හදපු පළමුවැනි වතාව නෙවෙයිනේ මේ...?

කලින් සතියෙත් ආවා. ඒ වෙලාවෙ පොලිසියට කතා කළාම ආවේ විනාඩි 45ක් පහුවෙලා. ඒ ආවෙත් බයික් එකක. බයික් එකක ඇවිත් මේ වගේ මනුස්සයෙක් අල්ලගන්න පුළුවන්ද. අල්ල ගත්තත් අරන් යන්න පුළුවන්ද? එදා පොලිසිය එනකොට ඔහු ගිහින්. ඊට පස්සේ ආව දවසෙ මම 119ට කතා කරලා බයික් එකේ නම් එන්න එපා කියලා පැහැදිලිවම කිව්වා. එදා නම් විනාඩි 10න් ආවා. ඒ මනුස්සයා අල්ලගන්නත් පුළුවන් වුණා. මටත් පැමිණිල්ලක් දාන්න කිව්වා. මම පොලිසියට පැමිණිලි කළා. හැබැයි මාධ්‍යවල වාර්තා වුණේ ගෙට පැනපු මනුස්සයා මහා මෙහෙයුමක් කරලා පොලිසිය අල්ලා ගත්තා වගේ. ඒත් වුණේ මම කතා කළාම ඇවිල්ලා අල්ලන් ගිය එක විතරයි.

දැන් ඉතින් ඒ කරදරෙත් ඉවර වුණානේ... බයක් නෑනේ...?

ඇයි නැත්තේ... තව ටික දවසකින් ආයෙ කරදරය පටන් ගනී... ගිය වතාවෙත් වුණේ ඒකමනේ... මානසික ලෙඩක් නම් ප්‍රතිකාර කරන්න ඕනෑ... වැරැදිකාරයෙක් නම් දඬුවම් දෙන්න ඕනෑ. ඒ දෙකම නොකර ඔය වගේ අය නිදැල්ලේ ඉන්න කොට අපේ ජීවිත අවදානම වැඩියි...

0 comments:

Post a Comment