M G ධනුෂ්කට ඇප.

M G ධනුෂ්කට ඇප.
සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර ඇත.
ප‍්‍රසිද්ධ ගායක ශිල්පී එම්.එස්. ප‍්‍රනාන්දු මහතාගේ ගීත අනවසරයෙන් ගායන කළ බව කියන ජනපි‍්‍රය ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්ක මහතා රුපියල් 50,000/-ක පුද්ගලික ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (13) නියෝග කළේය.


මෙම නඩුවට අදාළව සැකකාර එම්.ජී. ධනුෂ්ක ඊයේ (13) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ අතර, ඔහු නියමිත වේලාවට අධිකරණයේ පෙනී නොසීටීම හේතුවෙන් අධිකරණය මගින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.

පසුව මෝසමක් ගොනුකරමින් තම නීතිඥවරයා මගින් අධිකරණයට භාරවූ සැකකරුට එලෙස ඇප නියම කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා තීරණය කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ඇඹිලිපිටිය මොරකැටිය පාර පදිංචි ගමගේ ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් එම්.ජී. ධනුෂ්ක නමැති ගායන ශිල්පියාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමි‚ලි කර තිබුණේ පිළියන්දල කුඩාමාදුව පදිංචි සරත් ප‍්‍රනාන්දු මහතා විසිනි. ගායන ශිල්පී එම්.එස්. ප‍්‍රනාන්දු මහතාගේ ගීත අනවසරයෙන් ගායනා කරමින් මුදල් ඉපැයීමෙන් එම ගීතවල ප‍්‍රකාශන අයිතිය ඒ මහතාගේ දරුවන් සතුව තිබියදී ඔවුන්ගේ අවසරයකින් තොරව 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 06 වගන්තිය ප‍්‍රකාරව ප‍්‍රකාශන අයිතිය උල්ලංඝනය කරමින් එකී පනතේ 178 වගන්තිය ප‍්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකරන ලැදැයි රහස් පොලිසිය සැකකරුට එරෙහිව චෝදනා නගා තිබිණ. සිද්ධියට අදාළ නඩුව නැවත කැඳවීම ලබන මාර්තු මස 09 වැනිදාට කල්තැබිණ.


0 comments:

Post a Comment