මාව බඳින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා - උදයන්ති

මාව බඳින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා - උදයන්ති
ගොසිප් වෙබ්වලට මම හරි බයයි

උදයන්ති කුලතුංග, කලින් කල ආන්දෝලනාත්මක පුවත් මවන්නියකි. නීති ගැටලූ‍ සහ අපවාද ගොන්නක් මැද කලක් නිහ වී සිටි උදයන්ති, කලකට පසුව සුහද කතාබහකට මුල පිරුවා.

උදයන්ති කොහොමද දිගු නිහැඩියාවකට පස්සේ?
අනේ නෑ. මම නිහ වුණේ නෑ. මම දිගටම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. දැන් ටී. වී. එකේ විකාශය වෙන්නේ ඒ ටෙලි නාට්‍ය ටික තමයි.

දැන් අර චෝදනා - නඩු හබ එහෙම ඉවරයිද?
නීතියෙන් නම් තවම මට සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ. ඇත්තටම ඒ ගැන කතා කරන්නවත් මම ආස නැහැ. මම හැමදේ දිහාම නිහ~ව බලාගෙන ඉන්නවා.

නීතියෙන් සමථයකට නොආවාට ප්‍රශ්න යම් තරමකට යට ගිහින් නේද?
ඔව්. ප්‍රශ්න ඉතිං ඒ අයම හදලා, ඒ අයම විසඳන ඒවානේ. ප්‍රශ්න එනවා, එනවා ඒ ප්‍රශ්න ඉවරයිද නැද්ද කියන්නවත් මම දන්නේ නැහැ.

කුඩු ව්‍යාපාරිකයෙක් හා සම්බන්ධව පැතිරුණු ඒ ආන්දෝලනය නිසා රසිකයෝ උදයන්ති ගැන කලකිරිලද?
නැහැ. රසිකයන්ගේ ප්‍රතිචාර වෙනස් වෙලා නෑ. මම කව්ද කියන්න මාව ආශ්‍රය කළ අය දන්නවා. මේවා මඩ ප්‍රචාර බව මගේ රසිකයෝ තේරුම් අරගෙන ඇති. මම ක්‍ෂේත්‍රයේ අය එක්කත් ඉඳපු විදිය අනුව කවුරුවත් මාව ප්‍රතික්‍ෂේප කළේ නෑ. මම වරදක් කරලා නෑ.

නමුත් ඒ කුඩු ව්‍යාපාරිකයාගේ සිද්ධිය රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළා?
ඔව්. ඒ ආන්දෝලනය ඇති කළ අයට ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ. උදයන්ති කුලතුංග කියන නමට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. හොඳින් හෝ නරකින්.

උදයන්ති නිවැරදි නම්, ඇයි එහෙම චෝදනාවක් ආවේ?
ඒක මගෙත් එක්ක තියෙන ඉරිසියාවට කළ වැඩක් කියලා කියන්නත් බැහැ. මම හිතන්නේ ඒ මගේ දෛවය. මට මුකුත් හිතාගන්න බැහැ. කොහොම වුණත් ඒ සිද්ධවෙච්ච දේ මගේ ජීවිතේ ඉදිරියට යන්න හොඳ අත්දැකීමක් වුණා.

ඒ කියන්නේ ඒ සිද්ධියෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා?
අපි නොදැන කරන මෝඩකම් නිසා අපට වැඩ වරදිනවා. ඇත්තටම මේක මට ජීවිතයට පාඩම් උගන්නපු සිද්ධියක්. අපි යාළුවෙකුට කතා කළත් පරිස්සම් වෙන්න ඕන. අනවශ්‍ය සබඳතා අවශ්‍යම නැහැ. අපට ආශ්‍රය කරන්න ලැඛෙන්නේ කව්ද කියන දේ ගැන අපි හොඳ සෙවිල්ලෙන් ඉන්න ඕන.

නඩුහබවලට පැටලූ‍ණු වෙලාවේ උදයන්තිට මොනවද හිතුණේ?
මට ඔළුවට මේවා බර වැඩියි කියලා හිතුණා. මේක හොඳ පාඩමක් කරගන්නවා කියලා හිතුවත් හුඟක් වෙලාවට මට ගොඩක් දුක හිතුණා. මගේ හිත ඇතුළෙන් හිරවෙලා වගේ මට දැනුණේ.

ඉතින් කොහොමද ඒ ප්‍රශ්නය දරාගත්තේ?
මම සාමාන්‍යයෙන් ප්‍රශ්න ගණන් ගන්න කෙනෙක් නමෛයි. ඒක එදා ඉඳලම මගේ විදිය. ඇත්තටම මේ
ප්‍රශ්නය ආවේ වෙන ගැහැනු ළමයකුට නම් ඒ ළමයා මැරිලා වැටෙනවා. නැත්තම් පිස්සු හදාගන්නවා. මම ඕන දෙයක් දරාගන්න කෙනෙක් නිසා මේ තරමින් බේරුණා.

මේ ප්‍රශ්නය ගැන පවු‍ලේ අය උදයන්තිට මොනවද කිව්වේ?
පවු‍ලේ අයටත් මගේ ගැන තරහ ගිහිල්ලා ඉන්නේ. මොනවද මේ කරගන්න දේවල් කියලා අහනවා. මොනවද මේ ඇතිකර ගන්න ප්‍රශ්න කියලා මට සැරවෙනවා. ඒත් මගේ අම්මා දන්නවා මම නරක ළමයෙක් නෙමෙයි කියලා.

ගොසිප් වබේ අඩවිවල මේ සිද්ධිය ගැන තවම තොරතුරු පළවෙනවා නේද?
මම ඒවා දකිනවා. ගොඩක් වැරදි දේවල් ඒගොල්ලෝ පළ කරනවා. මම ගොසිප් වබේවලට හරි බයයි. එක පාරක් මම අ~ අ~ා කෝල් කරලා ඒ අයට කිව්වා මගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.

ඒගොල්ලෝ අපි ගැන බොරු පළ කරන්නේ එයාලට කීයක් හරි හම්බ කරගන්න තමයි. නමුත් ඒ සල්ලි යා දෙනවද කියලා මට හිතෙනවා. මට ඩෙංගු හැදිලා අසනීප වුණ වෙලාවෙත් ගොසිප් අය ලිව්වේ —උදයන්තිට කළකම් පලදේ˜ කියලයි. මං මොන වැරැද්දක් කළාටද ඒ. ඒගොල්ලෝ හරිම වැරදියි.

උදයන්ති කොහොමද එකම පෙනුමෙන් ඉන්නේ?
මම හිතුවේ මම කැතවෙලා කියලයි. ඇත්තටම පෙනුම වෙනුවෙන් මම මුකුත් කරන්නේ නෑ. ක්‍රීම් ගාන්න - තරුණ වෙන්න ටැබ්ලට් බොන්න වුවමනාවක් මට නෑ. එකම දේ මම එළවළු, පලතුරු කනවා ටිකක් වැඩිපුර.

පෙම්වතියගේ චරිතය මිස බිරිඳගේ චරිතය රඟපාන්න අදහසක් නැද්ද දැන්ම?
මම තවම කාගේවත් පෙම්වතියක් නෙමෙයි.

පෙම්වතියක් වෙන්න අදහසකුත් නැද්ද?
පෙම්වතියක් වෙන්න ඕන. එයාගේ අත අල්ලාගෙන ඉස්සරහට ගිහින් මේ මගේ පෙම්වතා කියලා පෙන්වන්න මාත් හරි ආසයි.ඒත් හුඟක් පෙම්වත්තු බොරුකාරයෝ. අවංක නෑ. එක කොල්ලට කෙල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා. ඉතිං මට අයිති කෙනා මාව හොයාගෙන එනකල් මම ඉවසගෙන ඉන්නවා.

හැමදාමත් විවාහය කල් දාන්න බෑනේ?
හෙට වුණත් මාව බඳින්න කැමැති අය නම් ඕනතරම් ඉන්නවා. ඒත් මට මේ සිද්ධවෙලා තියෙන ප්‍රශ්න එක්ක, මම විවාහ වෙන කෙනා මාව හොඳට තේරුම් ගත්තු කෙනෙක් වෙන්න ඕන.

ඉදිරියට මොකද වෙන්නේ?
දන්නේ නෑ. තවත් මොකක් හරි ප්‍රවෘත්තියක් මවන්න හෙට මගේ නම ගෑවේවිද දන්නේ නෑ. එහෙම වුණොත් ජීවිතේ එකම තැන නතර වේවි.

කොහොම වුණත් මට කියන්න තියෙන්නේ කාටවත් මගේ ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලයි. මම රටෙන් පැනලා ගියේ නෑ. ඒ හැමදේම බොරු ප්‍රචාර. මගේ නිවැරදිකම කිය කියා හැමෝගෙම ළඟට යන්න මට පුළුවන්කමක් නැහැ.

0 comments:

Post a Comment