අපි දන්නවා පුතේ අම්මා දුක් වින්ද හැටි. අම්මා කරන්න ඕනි හොඳම දේ තමයි කළේ
රයිනිට මේ ටිකේ ෆෙස්බුක් ප්‍රශ්න වැඩියි නේද?
එහෙමම නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් හින්දා එපා වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මමයි, නංගියි, අම්මයි, තාත්තයි ඉන්න ෆොටෝ ෆෙස්බුක් දැම්මාම අපේ අම්මාගේ කලින් විවාහය ගැන මිනිස්සු හැම තිස්සෙම ඇදලා ගන්නවා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ අපි හය දෙනා සන්තෝෂයෙන් ඉන්නවා කියලා. අනික අම්මා එහෙම කලින් විවාහයෙන් වෙන් වුණත් දැන් ආයේ බැඳලා අවුරුදු 26ක් සන්තෝෂයෙන් ඉන්නවානේ. ඒක මිනිසුන්ට පේන්නේ නැහැ.
ඉතින් ඇයි එහෙනම් මිනින්සු දාන ෆෙස්බුක් කමෙන්ට්වලට ඔච්චර කේන්ති ගන්නේ ඇයි?
ඇත්තටම මට දුක හිතෙන්නේ අම්මට එහෙම කතා කියද්දී. මොකද අපි දන්නවා මිනිස්සු දන්න දේවල්වලට වැඩිය ගොඩාක් ලොකු කතාවක් එතැන තියෙනවා. අක්කි වුණත් දන්නවා. ඒත් එයාට ඒ ගැන මොකුත් කියන්න බැහැ. ඒ අක්කාගේ තාත්තා හින්දා. මොනවා වුණත් අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ ගැළපෙන්නේ නැති නිසා වෙන් වුණා. එයාලගේ නොගැළපීමක් හින්දා අම්මා ඒ විවාහය දාලා ගියත් ළමයින්ව දාලා ගියේ නැහැ. ළමයින්වත් අරන් අම්මා ගියේ. නමුත් ආපහු අම්මට තර්ජනය කරලා ළමයින්ව ආපහු අරගෙන ගියා. එහෙමයි කියලා අපි කවදාවත් වෙන් වෙලා හැදුණේ නැහැ. අපිට අවුරුදු 5, 6 වෙද්දි අපි දැනගත්තා අපිට අයියලා අක්කලා ඉන්නවා කියලා. අපි හරි ආදරෙන් ඒක වැලඳ ගත්තා. අදටත් අක්කා තමයි මගේ හොඳම යාළුවා. මේ දේවල් එහෙම තියෙද්දී මිනිස්සු කියන කතා හින්දා ගොඩාක් කලකිරිලා ඉන්නේ.
මෙච්චර කාලයක් නිහඬව ඉඳලා ඇයි මේ දේවල්වලට දැන් උත්තර දෙන්න හිතුවේ?
මෙහෙමයි. මෙච්චර කාලයක් අපේ අම්මත් නිහඬව හිටියා. ඒ නිසා තමයි මොකුත් විසඳිලා නැත්තේ. මිනිස්සු දන්නේ එක පැත්තක් විතරයි. අනික එයාලා දන්නේ එයාලට ඇහෙන ඕපාදූප කතා විතරයි. හැබැයි ඒ සිද්ධිය දන්නා මිනිස්සු දන්නවා. ලඅපි දන්නවා පුතේ අම්මා දුක් වින්ද හැටි. අම්මා කරන්න ඕනි හොඳම දේ තමයි කළේල කියලා ඒ දන්න අය අපිට කියලත් තියෙනවා. නොදන්නා මිනිස්සු තමයි වැරැදි දේවල් පතුරවන්නේ. මිනිසුන්ගේ කටවල් වහන්න බැහැ. ඒ වුණාට ඇත්ත දැනගෙන අපිට තවදුරටත් නිහඬව ඉන්න බැහැනේ. මං කියන්න තියෙන දේ කෙළින් මූණටම කියන කෙනෙක්.
පුංචි කාලේ පේන්න හිටියට ඇයි දැන් ශ්‍යාමි නදීශා හැංගිලා ඉන්නේ?
හැංගිලා නෑ. මෙහෙමයි අක්කි ඉස්සර නම් හරි කම්මැළිකමෙන් හිටියේ. අනිත් එක අක්කා බැඳලා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එයාට බබාලත් ඉන්නවා. අපි එයාට කරදර කරලා එක සින්දුවක් කියවා ගත්තා. ඒකත් එක්ක ලැබුණු ප්‍රතිචාර හොඳයි. ලැබුණ ප්‍රතිචාර එක්ක එයාට ආස හිතිලා සින්දු කියන්න. අවුරුදු 10 කින් විතර සින්දු කියලා නැති නිසා පොඩි තල්ලුවකුත් දෙන්න වෙනවා. අක්කි මේ අවුරුද්දේ ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ආවම සින්දුවක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
රයිනිට වැඩියෙන්ම එකතු වින්ඩිද ශ්යාමිද නැත්නම් අයියාද?
ඇත්තටම අක්කා තමයි වැඩියෙන්ම එකතු. මගෙ නංගි වින්ඩිටත් වැඩිය අක්කි තමයි මගේ හොඳම යාළුවා. මොකද නංගි එක්ක මට ගොඩාක් කතාබහ කරන්න වෙලාවක් හම්බවෙන්නෙත් නැහැ. අක්කා ඕස්ට්‍රේලියාවේ වගේම අයියා ඉන්නේ ඉතාලියේ. එයාලව අපිට හම්බවෙන්නෙත් අපි එයාලා ඉන්න රටකට ගියාම තමයි. අඩු තරමේ අපිට එකතු වෙලා ෆොටෝ එකක් ගන්නවත් හැමෝම එකට හම්බ වෙන්නේ නැති තරම්.
අයියා එතකොට ඉතාලියටම සීමා වෙලාද?
අයියාට බෑන්ඩ් එකක් තියෙනවා ඉතාලිවල. මගේ තාත්ති එයාට අවශ්‍ය කරන සවුන්ඩ් සිස්ටම් වගේ දේවල් අරන් දීලා තියෙනවා. අයියාගේ පෙම්වතිය ඉන්නෙත් එහෙ. එයා සතුටින් එහේ එයාගේ රැකියාව කරගෙන ඉන්නවා. ඒ වගේම අයියා මේ අවුරුද්දේ බඳින්නත් සූදානමක් තියෙනවා.
පසුගිය කාලේ රයිනිගේ නංගිත් ක්ෂේත්රයට ආවානේ. නංගි ආවාම රයිනිට තියෙන තැන නැති වෙයිද?
මමත් විහිළුවට නම් නංගිට එහෙම කියනවා. නංගි සින්දු නම් කියන්න එපා මං පටන් ගත්තා විතරයි කියලා. ඇත්තටම බයක් නම් නැහැ. මොකද මමයි, වින්ඩියි කියන්නේ හැකියාවන් දෙකක්. එයාගේ සින්දු කියන ස්ටයිල් එක ගොඩාක් වෙනස් මට වැඩිය. ඇත්තටම මට එයා ගැන ගොඩාක් සතුටුයි. අපි දෙන්නා හරිම සහයෝගයෙන් වැඩ කරනවා. තරගයක් නැහැ ඇත්තටම. වින්ඩිට තවම අවුරුදු 18යි. එයා වැඩිදුර අධ්‍යාපනය ලබන්නේත් සංගීතය ගැන. මම හිතනවා වින්ඩි ලංකාවට හොඳ ගායිකාවක් වෙයි කියලා දවසක.
කොහොම වුණත් රයිනි දැන් ගායනයෙන් දකින්න අඩුයි නේද?
මේකයි, ප්‍රසංග පැත්තෙන් ගත්තොත් මං මාසෙකට කරන්නේ වැඩිම වුණොත් ප්‍රසංග තුනක් විතරයි. පසුගිය දවස්වල එළිමහන් ප්‍රසංග දෙක තුනක් තිබුණා. මෙහෙම දේකුත් තියෙනවා. අපි කොන්සර්ට් ටයිප් ෂෝ කරන නිසා රසිකයෝ, සංවිධායකයෝ හිතනවා අපි එළිමහන් ප්‍රසංග කරන්නේ නැතිව ඇති, අපි හරි ගණන් ඇති කියලා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ආරාධනා ලැබුණාට හැම එකකම සින්දු කියන්න යන්නෙත් නැහැ. පොඩි තෝරා බේරා ගැනීමකුත් තියෙනවා. පේන්නම නැති වීමක් නැහැ. අලුතින් සින්දුවකුත් කළා. අම්මයි, තාත්තයි ලංකාවේ නිසා එයාලා එක්කත් සින්දු කියන තැන් වලට යනවා. ඒකත් එක්කම වැලෙන්ටයින් එන නිසා ඒවාත් එක්ක අලුත් වැඩ කිහිපයකුත් තියෙනවා.
රයිනි දැන් ලංකාවේ පදිංචි වෙන්නමද ඇවිත් ඉන්නේ?
ඇත්තටම මං දැන් අවුරුද්දක් විතර ඉඳන් ලංකාවේ. මං දිගටම ලංකාවේ ඉන්න තීරණය කළා. මමයි, මගේ සැමියායි ලංකාවේ බිස්නස් එකක් කරනවා. ඉවෙන්ට් කම්පැනි එකක්. ඉතින් අපේ ව්‍යාපාර කටයුතු එක්ක දිගටම ලංකාවේ ඉන්නවා.
0 comments:
Post a Comment