පිටුත් හොඳයි
කවරෙත් හොඳයි
ඔක්කෝම හොඳයි
● ඇන්ජෙලාල පසුගියදා පැවති මේ ජාත්‍යන්තර රූ රැජිණ තරගය ගැන මුලින්ම සඳහනක් කළොත්
මෙවර ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත් වුණේල 55 වැනි වතාවටයි මෙවර එය පැවැත් වුණේ ජපානයේ ටෝකියෝ හිදීයි අවසාන තරග ඉසව්ව පැවැත්වුණේ තකතාවාහි ග්රෑන්ඞ් ප්‍රින්ස් හෝටලයේදීයි
● ඔබ කොහොමද මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කළේරෑ රූ රැජින තරගයට එක්වීමට අදහස් කළේ ඇයි
මෙය කළ යුතුමයි කියා මුලින් මට අරමුණක් තිබුණෙ නැහැග නමුත් රූ රැජිණ කියන දේ අපේ පවුල් පසුබිමට අමුතු දෙයක් වුණෙත් නැහැ මොකද මගේ මාපියන්ගේ මෙන්ම මගේ මවගේ මව් පාර්ශවය රූ රැජිණ තරග නියෝජනය කර තිබෙනවා එනිසා මා එය දකින්නේ පවුල් පසුබිමින් ආ දෙයක් ලෙසයි ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර රූ
රැජිණ තරගය සඳහා මුලින්ම මම අයදුම් කරන විට අවුරුදු 18 ක් විතර ඇති විනෝදාංශයට වගෙයි මම එහෙම කළේ එවකට සරසවි අධ්‍යාපනයේ නිවාඩු ලැබී තිබුණු නිසා එහෙම කළේ නමුත් ඒ නිසා මට ලොකු අත්දැකීමක් ලැබුණා පසුව අත්දැකීම් සමඟ මුහුකුරා යද්දීල මේ වගේ අවස්ථා මගින් මට රටට විශාල දෙයක් කළ හැකි බව තේරුම් ගත්තා.
● කෙසේ නමුත් දැන් මේ අත්දැකීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද
ඒක ඇත්තටම ඉතා අගනා අවස්ථාවක්ග මේ ඉසව්වට සහභාගි වූ සෑම රූ රැජිණකම ඉතා හොඳයි ඒ අතරින් ජපානයේ ජනතාව ඉතා කාරුණිකව හා උණුසුම් පිළිගැනීම් ඇති විශිෂ්ට ජාතියක් බව කිව යුතුමයි ලෝකයේ විවිධ සංස්කෘති මෙන්ම අදහස් අපට හුවමාරු කරගත හැකි වුණා මට මගේ රට ගැන අදහස් ලෝකයට සමීප කරවීමට හැකි වුණා
● ජපාන රූපවාහිනී චැනලයක ඔබට විශේෂිත අවස්ථාවක් ලැබුණු බව ආරංචියිග
උසල පෙනුම වගේම මුහුණේ හැඩය ගැන පැවැති ඉසව්වෙන් අපි 30 දෙනෙකු පමණ තේරුණා ඊට මාත් අයත් වුණාග කුඩාම මුහුණ සහිත කෙනා ශ්‍රී ලංකා රූ රැජිණ බව සඳහන් කළාම මට ලොකු සතුටක් ඇතිවුණේ ර්ණඔෆ් මිස් ශ්‍රී ලංකා ස්මෝලස්ට් ෆේස් කිරෙයි :ලස්සන- කියලා එක්වරම ඒ 30 දෙනා අතරින් මාව නම් කළා එතැන් සිට ජපානයේ සංවිධායකයින් ඇතුළු සියලුදෙනා මට කතා කරන්න පටන් ගත්තේ ඒ විදියටයිග එය ඉතා අගනා අවස්ථාවක්ම වුණා
● දැන් ඔබගේ අරමුණ කුමක්ද
මේ වනවිට මම කටයුතු කරන්නේ පවුලේ ව්‍යාපාරයට සම්බන්ධවයි ඊට අමතරව මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ මම ඒ ගැන වඩා උනන්දුයි මේ ජාත්‍යන්තර රූ රැජිණ තරගය මට ගවේෂණාත්මක දෙයක් ජීවිතයට එක් කළ බව කියන්න පුළුවනි
● ඉගෙන ගන්නෙ මොන අංශයෙන්ද
වේල්ස සරසවියෙන් මගේ ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධිය ලබා ගන්තා ඊට අමතරව ඕස්ටේ්රලියානු සරසවියකින් තව උපාධියක් ලබා තිබෙනවා
● පවුලේ විස්තර කිව්වොත්
අම්මාල තාත්තා නංගිලා දෙදෙනා සහ මම
● කොළෙත් හොඳයිල පිටුත් හොඳයිල කවරෙත් හොඳයිල ඔක්කෝම හොඳයි ඒ වගේම ඔබත් හොඳයිද
අනිවාර්යයෙන්ම එහෙම වෙන්න එපායැ
● රඟපෑමට අවස්ථා ලැබුණොත්
දැනට ඒ ගැන හිතලා නැහැ නමුත් ඒ නිසා ජීවිතයට අත්දැකීම් ලබා ගත හැකි බව මගේ විශ්වාසයයි.
Comic con maru
ReplyDelete