මේක යෝජිත විවාහයක්
ඔහු ව්‍යාපාරිකයෙක්.
විවාහ උත්සවයට අකලංකට ආරාධනා නැහැ.
උපේක්ෂා ස්වර්ණමාලී හඳුන්වාදීමට වැඩිය අටුවාටීකා අවැසි නැහැ කියලයි අපිට හැගෙන්නේ. මොකද නම කියූ පමන ඇය ගැන හැමෝම දන්න හඳුනන හින්දා. මේ අවුරුද්දේ ඇයගේ පෞද්ගලික ජීවිතය වගේම කලා ජීවිතයේත් වෙනස්කම් කිහිපයක්ම සිදුවෙනවාලූ. අපි ඒ ගැන උපේක්ෂාගෙන් විමසුවා.
අලූත් අවුරුද්දේ උපේක්ෂාගේ ජීවිතයේ වෙනස්කම් රැසක් සිදුවෙනවා කියලයි අපිට ආරංචිය ?
මගේ මුළු ජීවිතයෙම බලාපොරොත්තු නොවුණ විදිහට ලොකු වෙනස්කම් සිදුවුණා. ඒක හින්දා දැන් ඒ දේවල් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලයි තියෙන්නේ. මේ අවුරුද්දත් මගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වන අවුරුද්දක් බවට පත්වෙලයි තියෙන්නේ.
විවාහයත් සිදුවෙනවා නේද?
ඔව්. මම ජනවාරි 24 වැනිදා කසාද බඳිනවා.
ඔබ රඟපෑ සිනමා නිර්මාණයකුත් තිරගතවීමට නියමිතයි ?
රංගන ශිල්පීන් ශිල්පි‚යන්ගේ ලොකුම සිහිනය තමයි චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට දායක වීම. ඒ සිහිනය මම සැබෑ කරගත්තා. මම රඟපෑ සින්ඩේරල්ලා චිත්‍රපටය නුදුරේදීම තිරගත වෙනවා. ඒකත් මම බලාපොරොත්තු අතහැරගෙන ඉන්න වෙලාවක තමයි තිරගත වෙන්නේ.
උපේක්ෂාට මේ අවුරුද්ද හොඳයි වගේ ?
විවාහය සහ සින්ඩේරල්ලා කියන කාරණා දෙකම මම නොහිතපු වෙලාවක තමයි සිදුවන්නේ. මගේ ජීවිතය ඉහළට යනවා කියලා එකපාරට කියන්න කැමැති නැහැ.
ඇයි ඒ ?
මම ජීවිතයේ ගත්තු හැම තීරණයක්ම (විශේෂයෙන් කලින් විවාහය, ලංකාවේ පදිංචි වීම, උපාධිය අතහැරීම) හොඳක් වෙයි කියන බලාපොරොත්තුවක් ඇතිව තමයි ගත්තේ. නමුත් ඒ දේවල් එලෙස සිදුවුණේ නැහැ. දෛවය විසින් හරි කර්මය විසින් හරි නැතිනම් මගේම මෝඩකම් විසින් හරි ඒ කාරණා යම් යම් පැතිවලට ගියා. හැබැයි මේ විවාහය ලොකු විශ්වාසයක් ඇතිවයි සිදුකරන්නේ.
ඔහු දේශපාලනඥයෙක් කියන්නේ ඇත්තද?
නැහැ. ඔහු දේශපාලනඥයෙක් නෙමෙයි.
උපේක්ෂාගේ දේශපාලන කටයුතුවලට උදව් කළා කියන්නේ ඇත්තද?
මගේ දේශපාලන වැඩසටහන්වලට ඔහු අනුග්‍රහය ලබාදීලා තියෙනවා. එතැනදී තමයි මම ඔහුව දැන හඳුනාගන්නේ. 2001 වසරේදී තමයි ඔහු මට හමුවෙන්නේ. ඊට එහා විශේෂ සම්බන්ධයක් තිබුණේ නැහැ. හැබැයි ඔහු හොඳ මනුස්සයෙක් විදිහට තමයි මම දකින්නේ.
විවාහ උත්සව තියෙන තැන එහෙම කියමු නේද?
කිංස්බරි හෝටලයේ තමයි අපේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ. මේ විවාහය දිහා හැමෝම බලාගෙන ඉන්න හින්දා හරිම සරලව තමයි සිදුකරන්නේ. විවාහ ගිවිස ගැනීම විතරයි සිදුකරන්නේ.
ඇයි එහෙම සිදුකරන්නේ?
මගේ දෙවැනි විවාහ නිසා අනවශ්‍ය විදිහට උලූප්පන්න වුවමනා නැහැ කියලත් මට හිතෙනවා. ඒක චාරිත්‍රානුකූලව සිදුවුණහම ඇති කියලයි මට හැගෙන්නේ. උත්සවයක් හැටියට යමක් කරන්නත් ඕනෑ. අනික බැඳීමකට අවශ්‍ය වෙන්නේ නීත්‍යනුකූලභාවය විතරයි කියලයි මට හැගෙන්නේ.
ඇත්තද කලාකරුවන්ට ආරාධනා කරන්නේ නැහැ කියන්නේ ?
කලාකරුවන් අතළොස්සකට ආරාධනා කරනවා. හැබැයි එහෙම කියලත් තෝරාබේරාගන්න අමාරුයි. මොනවා වුණත් බොහොම අමාරුවෙන් දහදොළොස්දෙනෙකුට ආරාධනා කළා. කොහොමත් මගේ විවාහයට ආරාධනා කරන්නේ 150 දෙනෙකුට විතරයි.
දැන් ඉතිං අනාගත සැමියාගේ විස්තර කියමු නේද?
නම නැතිව සියලූ විස්තර කියන්නම්. අපි දෙන්නා අතර අවුරුදු අටක වයස් පරතරයක් තියෙනවා. ඒක මට ලොකු ශක්තියක්.
ඒ මොකද?
අපේ ජීවිතය ජනප්‍රිය චරිත විදිහට හරි සංකීර්ණයි. ඒ හින්දා මගේ ජීවිතය ගැන ඔහුට හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ආදර සම්බන්ධයකින් නෙමෙයි ඔහුව මම අඳුරගන්නේ. අනික මම ගැන හොඳට හොයලා බලලා තමයි ඔහු මේ තීරණය අරගෙන තියෙන්නේ.
එතකොට මේ විවාහය ආදර සම්බන්ධයක් නෙමෙයි ?
නැහැ. මේක යෝජිත විවාහයක්. ඔහු මුලින්ම මගෙන් අහපු වෙලාවේ ගෙවල් එක්ක කතා කරලා අම්මාගේ කැමැත්ත අරගෙන කේන්දර බලලා තමයි මේ විවාහය සිදුකරන්නේ. විවාහ දිනය පවා තීරණය කළාට පසුව තමයි මම ඔහුව ඇසුරු කරන්න පටන්ගත්තේ. ඔහු ව්‍යාපාරිකයෙක්.
කොහෙද පදිංචිය?
ඒ ගැන පසුව කියන්නම්. දැනට ඔය ඇතිනේ.
ඇයි ඒ. කට ඉස්සර කරගෙන අමාරුවේ වැටෙන්නේ නැහැ කියන තැනද ඉන්නේ ?
ඇත්තම කතාව ඒක තමයි. මොකද දන්නවාද ගිනිපෙනෙල්ලෙන් බැටකෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයි කියලා කතාවක් තියෙනවානේ. ජනප්‍රිය චරිතවල ජීවිතය නිසියාකාරව පවත්වාගෙන යන්න හරිම අමාරුයි. ඒක තමයි ඇත්තම තත්ත්වය. සමාජයේ ඉන්න බහුතරයකට ඒක තේරෙන්නේ නැහැ. අපි ඉන්න වටපිටාව සාමාන්‍ය මනුස්සයෙකුට තේරුම්ගන්න හරිම අමාරුයි. ජනප්‍රිය චරිතවල ජීවිතය පවත්වාගෙන යන්න ඔවුන්ට ලොකු ශක්තියක් ඕනෑ.
මේ තීරණය හොඳට හිතලා මතලාද ගත්තේ ?
මම එහෙම විශ්වාස කරනවා. මොකද කලින් විවාහය අවුරුදු පහක සම්බන්ධතාවක්. අම්මාගේ අකැමැත්ත තිබුණා. ඒ වගේම අපි දෙන්නාගේ පසුබිම්වල නොගැලපීම් තිබුණා. ඒ හැමදේම විඳදරාගෙන ඉදිරියට යන්න තමයි හැමදේම කළේ. නමුත් බැරිවුණා. කොහොම වුණත් ඒ විවාහය හින්දා අපේ ජීවිතවල ලොකු පසුබෑමක් ඇතිවුණා. ඒක මගේ ජනප්‍රියත්වයට පවා බලපෑවා.
දැන් එහෙම වෙන එකක් නැහැ ?
අපි දෙන්නගේ විවාහයට අම්මාගේ ආශිර්වාදය පවා ලැබුණා. පවුල් පසුබිම් ගැලපෙනවා. මේක ඇත්තටම කිව්වොත් බුද්ධියෙන් ගත්ත තීරණයක් කියලයි මම හිතන්නේ. අද මම හදවතින් සියයට දෙසීයක් එයත් එක්ක බැඳිලයි ඉන්නේ. හැමෝම මාව අතහැරපු වෙලාවේ එයා මගේ ළඟින් හිටියා. ඔහු තමයි මට මුලින්ම විවාහ යෝජනාව ගෙනආවේ. දැන් අපි ඉන්නෙ ලදබොළඳ තැනක නෙමෙයි. අනික ඔහු මගේ හැකියාවන් මොනවාද, අවශ්‍යතාවන් මොනවාද කියන එක හොඳින් තේරුම් අරගෙන ඉන්නේ.
ඔබේ කලා වැඩකටයුතුවලට ඔහුගෙන් තහංචි වැටේවිද?
කොහොමටවත් නැහැ. හැබැයි ඔහු මට සියල්ල තේරුම් කරදෙනවා.
සින්ඩේරල්ලා ගැනත් කතා කළොත් ?
මගේ දෙවැනි සිනමා නිර්මාණය වුණාට මගේ පළමු ප්‍රධාන සිනමා නිර්මාණය කියලයි මට හැගෙන්නේ. අනික මේ චිත්‍රපටයේ මම රඟපෑවේ ගොඩක් බාධක මැද්දේ. මම මේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගිවෙන්නේ දික්කසාදය මැද්දේ.
අකලංකත් සමග රඟපෑ දර්ශන ගැන මොකද හිතන්නේ ?
සමහර වෙලාවට මම රඟපෑවේ නැහැ කියලත් හිතෙනවා. ප්‍රේක්ෂකයන් මාව දැකලා තියෙන්නේ වෙනස්ම විදිහට. මේ චරිතය වෙනස්ම විදිහේ චරිතයක්.
චිත්‍රපටය තිරගතවෙද්දී අකලංකත් සමඟ රඟපෑ දර්ශන සමහරු විවේචනය කරන්න බැරිකමක් නැහැ කියලා හිතනවාද?
ඒ ගැන ලොකු බයක් තියෙනවා. මොනවා වුණත් මේක ලංකාවනේ. අනික ලංකාවේ තිරගතවෙන චිත්‍රපටවලින් සියයට පහක් විතරනේ සාර්ථකවෙන්නේ.
දිය යට දර්ශන, ඇඳුම් පැළඳුම් ගැන සෑහීමකට පත්වෙනවාද?
රංගන ශිල්පි‚යක් විදිහට මට කරන්න තිබුණ කාර්යභාරය මම ඉටුකළා. ඒක කොයිතරම් දුරට සාර්ථකද නැතිද කියන්න මම දන්නේ නැහැ.
චිත්‍රපටය උපේක්ෂා නැරඹුවාද?
අපි මුලින්ම රඟපෑ චිත්‍රපටය නැරඹුවා. හැබැයි ඒක දැන් ගොඩක් වෙනස්වෙලා තියෙනවා. මුලින් දැක්ක දේ දැන් ගොඩක් වෙනස්.
කෙනෙක් ඔබේ මූණට කිව්වොත් අකලංකත් සමග රඟපෑ සමහර දර්ශන සුදුසු නැහැ කියලා ?
කෙනෙක් චෝදනාවක් කරන්නේ අපේ හොඳටනේ. ඒක මම හිසනමා පිළිගන්නවා. සින්ඩේරල්ලා එකට තිබුණු චිත්‍රපටය දෙකකට කැඩුණු එක ගැන මගේ ලොකු බයක් සැකක් හිතේ තියෙනවා.
චරිතයට විතරක් නෙමෙයි. සිනමා නිර්මාණයට මොනවිදිහට බලපායිද දන්නේ නැහැ. හැබැයි ඉනෝකා අක්කා කියන්නේ සම්මානනීය අධ්යක්ෂවරියක්. මම ප්‍රේක්ෂිකාවක් විදිහට මුල ඉඳන්ම කිව්වේ එක නිර්මාණයක් විදිහට තිබුණා නම් හොඳයි කියලා. ඉදිරියේදී බලමු. මොකද මට මීට වැඩිය දෙයක් කියන්න බැහැ. මොකද ඉනෝකා අක්කා අපිට තවම චිත්‍රපටය පෙන්නුවේ නැහැනේ.
මෙහි දර්ශන රඟපෑවේ ඔබේ කැමැත්තෙන්ද?
අනිවාර්යයෙන්ම. මගේ කැමැත්තෙන් තමයි මෙහි දර්ශන සියල්ල රඟපෑවේ. දිය යට දර්ශන පවා මගෙයි, අකලංකගෙයි අදහසක් අනුවයි සිදුවුණේ.
අකලංකට විවාහ උත්සවය කිව්වේ නැතිද?
මට පුද්ගලයෙක් විශේෂ වෙන්නේ මගේ හිතට ශක්තියක් වෙලා මගේ අඩුපාඩු පෙන්වාදෙනවා නම් විතරයි. ඉතිං මගේ විවාහ උත්සවයට ආරාධනා කළේ එවැනි පිරිසකට විතරයි. ඒක හින්දා එදාට අකලංක නැහැ.
0 comments:
Post a Comment