හැමදාම මාධ්‍ය ඔහුගෙන් ඇහුවේ කවදාද විවාහ වෙන්නේ කියලයි. ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දීලා ලිස්සලා යනවා. මෙදා සැරේ නම් සුරාඡ්ට අපිත් එක්ක එහෙම ලේසියෙන් ලිස්සලා යන්න බැරි වුණා. ඒ මොකද දන්නවද පුංචි තිරයේ නිළියන්ට පෙම් කරපු සුරාඡ් සැබෑ ජීවිතේදී පෙම්වතෙක් වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා.
ඒ කතාවේ ඇත්ත නැත්ත සුරාඡ්ගෙන් අහලා බලමු. හැබැයි ඔහුට පෙම් කරන්න හිතාගෙන හිටපු තරුණියන්ට නම් හිත රිදවා ගන්න එපා කියලයි අපිට කියන්න තියෙන්නේ.
හොඳයි. ඔළුව නිදහසේ ඉන්නවා.
ඒ තරමට ප්‍රශ්නවලින් මිරිකිලාද හිටියේ?
ප්‍රශ්න නිසා නෙවෙයි. මගේ ඩාන්සින් ෂෝ එක නිසා. පහුගිය කාලෙ ගොඩක් වෙහෙසුණා. ඒ නිසා මේ දවස්වල ටිකක් විවේකීව ඉන්නවා කිව්වොත් හරි.
මෙච්චර කාලයක් විවේකයෙන් තිබුණ සුරාඡ්ගේ හදවත නම් දැන් අවිවේකයි නේද?
ඔව්. මම හොඳින් වගේම සතුටින් ඉන්නවා.
ඒ කියන්නේ අපිට ලැබුණු ආරංචිය හරි?
ඒ කිව්වේ.
සුරාඡ් කාලයක් තිස්සේ හොයපු කෙනා හමුවෙලා කියන කතාව.
විශේෂත්වයක් නැහැ. පෞද්ගලික ජීවිතේ සිදුවීම් ඒ විදිහට සිද්ධ වෙනවා.
ආදරය කරන කෙනෙක් මුණගැහීම ජීවිතේ විශේෂ සිද්ධියක් නෙවෙයිද?
අනිවාර්යයෙන්ම විශේෂයි. හැම කෙනෙක්ටම වගේම මටත් ඒ කාරණාව පොදුයි.
ඒ කියන්නේ ආදරය විඳිනවා?
ඔව්. මම කවදත් ආදරය විඳපු කෙනෙක්.
මම කිව්වේ පෙම්වතියකගේ ආදරයක්?
තිරය ඉදිරියේදී නම් විවිධාකාර පෙම්වතියන්ගේ ආදරය ලබන්න මටත් අවස්ථාව ලැබුණා.
තිරය පිටුපසත් සුරාඡ්ට පෙම්වතියන් ඇති.
ඒ සෑම ආදරවන්තියක්ම මට නෙමෙයි මම රගපාපු චරිතවලට ආදරය කරන අය කියලයි මම හිතන්නේ.
මේ අය හැරුණු කොට සුරාඡ්ට අයිතිවුණු විශේෂ ආදරයක් නැහැ කියලද කියන්නේ?
නැහැ. අද මම එහෙම කිව්වොත් බොරුකාරයෙක් වෙනවා.
එයා එක්ක ද නුවර පෙරහර බලන්න ගියේ.
ඔව්.
හෘද සාක්ෂියට එකගව ද ඔබ ඔය කතා කරන්නේ?
අනිවාර්යයෙන්ම.
ඒ කියන්නේ ඔබ පෙම්වතෙක්.
ඔව්. මම පෙම්වතෙක්.
ඇය ගැන තොරතුරු දැනගන්න ඔබේ ප්‍රේක්ෂකයන් කැමැති ඇති.
තව ටික දවසකින් අනිවාර්යයෙන්ම කියන්නම්.
ඇයි. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සුරාඡ් මෙච්චර ආඩම්බර වුණේ?
ආඩම්බරකමක් නිසා නෙමෙයි. මම කැමැති නැහැ මගේ පුද්ගලික ජිවිතේ දේවල් සමාජගත වෙනවට.
එය ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නොවේද?
මම හිතන්නේ එදාට වඩා අද ප්‍රේක්ෂකයා බුද්ධිමත්. පුද්ගලික ජීවිතවලට වඩා අද ඔවුන් එබිකම් කර හොයන්නේ සුරාඡ් මාපා කියන රංගන ශිල්පියා ගැනයි.
රූපවාහිනි වැඩසටහනකදී මේ ප්රශ්නය යොමු කළාට මගහැරියේ ඒ නිසාද?
ඒක තමයි මම කිව්වේ ප්‍රේක්ෂකයා බුද්ධිමත් කියලා. ඒ අවස්ථාවේ මගේ මුහුණේ තිබුණු සිනහවෙනුත්. නිහඩතාවෙනුත් ඔවුන් තේරුම් ගන්න ඇති කතාව ඇත්ත කියලා.
සුරාඡ් මාධ්‍යයට බය ද?
අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න මම කවදත් අකැමැති මනුෂ්‍යයෙක්. මොකද මගේ ජීවිතේ වෙනසක් වෙන්න ඕනේ මට ඕන විදිහට මිසක් සමාජයට ඕන විදිහට නොවෙයි.
කොච්චර හැංගුවත් නටන්න වෙන්නේ එළිපිට නේද?
සුදුසු කාලෙකදී ඒකත් සිද්ධ වෙයි.
විවාහ උත්සවයක් ගැන තාම හිතලා නැද්ද?
ඒ ගැන තාම ලොකු බලාපොරොත්තුවක් නැහැ.
මේ දේවල් නිසා ද වැඩිය සද්ද බද්දයක් නැත්තේ?
ගොඩක් නාට්‍යවල ගුණාත්මක භාවය අඩුයි. මම දැකපු දෙයක් තමයි. අලුත් අධ්යක්ෂවරු ආවට කට විතරයි වැඩ නැහැ. එහෙම නිර්මාණවලට සම්බන්ධ වුණාම ගොඩක් කලකිරීම් ඇති වෙනවා.
සුරාඡ් රංගනය ගැන කලකිරිලද?
අපේ නිර්මාණවල පිරිහීමත් එක්ක ප්‍රේක්ෂකයන් ඉන්දියානු නාට්‍ය රැල්ලකට නැවතත් යොමුවෙමින් පවතිනවා. මේ කාරණාවේදී නම් මම කවදත් විරුද්ධයි.
සුරාඡ්ලාගේ කාලෙ ඉවරයි කියලා හිතෙන්නේ නැද්ද?
ටී. වී. එකේ මූණ තියෙන එක නෙමෙයි රැඬෙනවා කියන්නේ. හරවත් නිර්මාණයකින් තෘප්තියක් ලබන්න පුළුවන් චරිතයක් තමයි මම හොයන්නේ ඒකයි වෙන දේ බලාගෙන මගේ වැඩක් කරගෙන සද්ද නොදා ඉන්නේ.
ඔබ අද පුංචි තිරයේ ජනප්‍රියම පෙම්වතාගේ භුමිකාවෙන් ගිලිහිලා නේද?
හැමදාම ඒ තැන රැඬෙන්න ඕනේ කියලා ආසාවක් නැහැ. නොලැබුණා කියලා දුකකුත් නැහැ.
ඇත්ත කාරණේ හැමදාම එක වගේ බැබළෙන්න බැහැ කියන එක නේද?
මේකනේ ඕනම දේක කාලයක් තියෙනවා. ජනප්‍රියත්වය පිටුපස්සේ අපිට ලුහුබඳින්න බැහැ. නැත්නම් ජනප්‍රියත්වය නැතිවුණ දවසක පිස්සු හැදෙයි.
ඔය කියන්නේ සුරාඡ් දැන් ජනප්‍රිය නැහැ කියලද?
ජනප්‍රියත්වයක් තවම තියෙනවා. ඒ ගැන හීන නැහැ.
නර්තන කටයුතුවලින් බැහැරවෙලාද?
කුලසිරි බුදවත්තයන් ළග උඩරට නර්තනය හදාරනවා. ඒ අතරේ සති අන්තයේ කොළඹ වගේම නුවරත් ලතින්, ඇමරිකන් ඩාන්සින් පන්ති කරනවා.
සුරාඡ් අනෙක් නළුවන්ට සාපේක්ෂව ශරීරය ගැන වැඩියෙන් හිතනවා කිව්වොත්?
නළුවෙක් කියලා විශේෂයෙන් ශරීරය හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. නිරෝගීව ඉන්න අවශ්‍ය ව්‍යායාම ආහාර පාන ආදිය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.
ළගකදී ගෙදර ගියේ නැද්ද?
සති අන්තයේ ඩාන්සින් පන්තිවලට නුවර යන නිසා මාසයකට දෙපාරක්වත් අම්මා, තාත්තා බලන්න ගෙදරත් යනවා.
මුල් කාලයට වඩා දැන් නුවර යනවා වැඩි ඇති?
ඇත්තටම ඔව්. ඒනිසා අම්මගෙ කෑමවල රස බලන්න ලැඛෙන අවස්ථාවත් වැඩිවෙලා.
අලුත් අවුරුද්දේ මුල් කාර්තුවේ වැඩ දැන්ම සැලසුම් කරලා ඉවරයි නේද?
අනිවාර්යයෙන්ම. ලබන පෙබරවාරිවල මගේ ඩාන්සින් ෂෝ එක නුවරදී පවත්වන්න සැලසුම් කරනවා. ඒ අතරේ ටෙලිනාට්‍ය දෙකකට විතර කතා කරලා තියෙනවා.
නව වසරේ විශේෂ බලාපොරොත්තු මොනවාද?
වේදිකා නාට්‍යයක රගපාන්න ලොකු ආසාවක් තිඛෙනවා.
0 comments:
Post a Comment