තාරුණ්‍යයට නැවුම් සුන්දර අත්දැකීම් රැසක් එක් කරමින් පැවැත් වූ සිරස කුමරිය වැඩසටහන පසුගියදා නිමාවට පත් වුණේ තවත් සුරූපී යුවතියක කිරුළු පළඳවමින්. නෙතලි දිසානායක සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳුවේ අමා හෙට්ටිආරච්චි දෙවැනි ස්ථානයටත් චේතනා රණසිංහ තෙවැනි ස්ථානයටත් පත් කරමින්.
නෙතලි මුලින් ම ලැබුණ මේ කිරුළ ගැන කතා කරමුද?

මට මතක හැටියට මගේ ළ`ගට ඉස්සෙල්ලම දුවගෙන ආවේ කොස්ටියුම් ඩිසයිනස්ලා. ඒ අය ඇවිත් මට සුබ පැතුවා. ඉන්පස්සේ ගෙදර කට්ටිය ඇවිත් සුබ පැතුවා.
අම්මගෙන් තාත්තගෙන් ලැඛෙන ප්‍රතිචාර කොහොමද?
ඒ දෙන්නට නම් කියා ගන්න බැරි තරමට ම සතුටුයි. තාත්තා මුලින් ම මම මේ වැඩසටහනට සහභාගි වෙනවට අකැමැති වුණා. ඒත් මම පියවරෙන් පියවර ඉදිරියට යන හැටි දැකලා හු`ගක් සතුටු වුණා. මට ගොඩක් උදව් කළා. මාත් එක්ක හැමතැනම යන්න ආවා. ඒ ලැබුණු ආදරය ආශිර්වාදය මැද තමයි මේ කිරුළ මට පළඳින්න අවස්ථාව ලැබුණේ.
කිරුළත් සමග වටිනා තෑගිත් ලැඛෙන්න ඇති?
ඔව්. මිලියනයක ත්‍යාග මුදලක් සහ තවත් බොහෝ දී ලැබුණා. ඒ ත්‍යාග නිවැරැදි විදිහට පරිහරණය කරන්න තමයි බලාපොරොත්තුව.
නෙතලි ඔබ ගැන විස්තර දැනගන්න කැමැතියි?
මගේ ගම මාතර. මට අවුරුදු 20 යි. මම පාසල් ගියේ ශාන්ත මරියා කන්‍යාරාමයට. උසස් පෙළ විභාගය කරලා එහි ප්‍රතිඵල එනතුරු නිවෙසට වී සිටි කාලේ තමයි මෙයට ඉල්ලුම් කළේ. විභාගයේ ප්‍රතිඵලත් තරගාවලියේ ප්‍රතිඵලත් මට ලැබී තිඛෙනවා. කලා විෂයයන්ගෙන් A සාමාර්ථ දෙකකුත් ඊ සාමාර්ථයකුත් මට හිමිවුණා. විශ්වවිද්‍යාල කටයුතු ඉදිරියට කරනවාද වෙනත් දෙයක නිරත වනවාද කියා තවම තීරණය කර නැහැ.ඔබට ස්තූති කරන්නට පිරිසකුත් ඇති?
ඔව් මගේ මව්පියන්, සිරස ආයතනයට වගේ ම නිෂ්පාදන කණ්ඩායමටත් මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේ ම සිරස කුමරිය දක්වා මා රැගෙන එන්නට මට ධෛර්යයක් ශක්තියක් වූ හැම දෙනාටමත් ස්තූතියි...
0 comments:
Post a Comment