රොෂාන් සැබවින්ම වර්තමානයේ ආදරය විඳිමින් සිටිනවා. නමුත්, ඔහු තම පෙම්වතිය ගැන හෝ ඇගේ තොරතුරු කිසිවක් හෙළි නොකරන්නට රොෂාන් වග බලාගෙන තිබුණා. එහෙත් අප අද එක් කරන සටහනට රොෂාන්ගේ රහස් ආදරය ගැන තොරතුරු රැසක්ම ඇතුළත් වනවා.
රොෂාන් පිලපිටිය සහ සුනාලී රත්නායක නෑදෑයන් වන අතර ඔවුන් ඥාති සහෝදර සහෝදරියන් ද වනවා. ඔවුන් දෙපළගේම මවුපියන් ඉතාම සුහදව සහ කිට්ටුවෙන් පරම්පරා ගණනාවක් මුළුල්ලේ ආශ්‍රය කරන නමුත්, රොෂාන් සහ සුනාලී එකිනෙකා හඳුනාගන්නේ වැඩිහිටියන් බවට පත්වූ පසුවයි. එයද අහම්බයකිනුයි සිදුවන්නේ. එදා පටන් ඔවුන් දෙපළගේ සිත් එකට බැඳුනු බවයි ආරංචිය.
රොෂාන් සහ සුනාලී අතර පෙම් පළහිලව්ව අද ඊයේ සිදු වුවක් නොවේ. එය මීට වසර ගණනාවක් ඈතට දිව යයි. එමෙන්ම එකිනෙකා විවාහ වීමට ඔවුන් තීරණය කෙරුවේ මීට වසට තුනකට පමණ පෙර ය.
නමුත් ඔවුන් දෙදෙනාම තමන්ගේ ආදරය ගැන සියලූම මාධ්‍ය වලින් සැඟවීමට වගබලා ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව සමාජයට කුතුහලයක් පවතින අයුරින් පමණක් ම ඔවුන් දෙදෙනාම දිගින් දිගටම කටයුතු කළා.
සුනාලී ඉංග්‍රීසි භාෂා මාධ්‍යවේදිනියක් බව ප්‍රකට කරුණකි. ඇය මීට වසර ගණනාවකට පෙර සන්ඩේ ලීඩර් කතෘ මණ්ඩලයේ කැපී පෙනුණු දක්ෂතා සහිතවූ මාධ්‍යවේදිනියකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම චතුර ලෙස හසුරුවන උගත් තැනැත්තියක වන ඇය රොෂාන් හට හොඳින් ගැලපෙන බවයි ඔවුන්ගේ පවුල් වල උදවිය සහ කිට්ටුම හිතවතුන් පවසන්නේ.
සුනාලී රත්නායක මෝස්තර නිරූපණ අංශයෙන් මෙන්ම රංගනයෙන් ද මීට වසර ගණනාවකට පෙර දායකත්වය ලබා දී ඇත. ඇය ශ්‍රියන්ත මෙන්ඩිස් සමග රඟපෑ සඳ මැදියම ටෙලිවෘතාන්තය 2010 වසරේ වඩාත් ඇගයුමට ලක්විය.
රොෂාන් සහ සුනාලී සංගීතයට ද දැඩිව ප්‍රිය කරන ජෝඩුවකි. ඔවුන් දෙදෙනා එකට මෑතකදී ලංකාවේ එළිමහන් සංගීත සංදර්ශන, අවුට්ඩො කොන්සර්ට්ස් පවා බලන්න ගොස් සිටි අයුරු බොහෝ දෙනෙක්ගේ නෙත ගැටෙන්නට ඇති.
නමුත් සුනාලී වඩාත්ම ප්‍රිය කරන්නේ ලේඛන කලාවට බව ඇගේ සමීපතමයන් පවසති. දැන් ඇය සම්පුර්ණයෙන්ම රංගනයෙන් සහ මෝස්තර නිරුපනයෙන් සමුගෙන ඇති බවයි දැනගන්නට සහ අසන්නට ලැඛෙන්නේ. ඒ පිලිබඳ හැදෑරීම් ද අධ්‍යාපනය ලබාගැනීම් ද ඇය වසර දහයක් පමණ තිස්සේ සිදුකොට ඇත.
මෑතකදී සුනාලී ලංකාවට පැමි‚ වෙලාවේ රොෂාන් සමග කොළඹ සහ අනිකුත් ප්‍රදේශවල ගමන් බිමන් යන්නට පවා අමතක කර නැහැ...
මේ වනවිට ලංකාවේ සහ ඇමරිකාවේ රටවල් දෙකක වාසය කරත් රොෂාන් සහ සුනාලි ඉතා ආදරයෙන් විශ්වාසයෙන් සිටින බව සමීප මිතුරන් දනී. පළමු විවාහයෙන් වෙන්වූ රොෂාන්ගේ හිතට තදින්ම කාවැදුණු පෙම සුනාලී බවයි ඔහුගේ සමීපතම මිතුරකු අප වෙත පැවසුවේ.
මේ ආදරය මල් ඵල ගන්වමින් දෙදෙනා එක් වහලක් යටට යන දවස වැඩි ඈතක නොවන බව අපේ හැගීමයි. තවමත් හෙළිදරව් නොකර ඇති මෙම පුවත ගැන ඔවුන් විවාහ වූ පසු මාධ්‍යට හෙළි කරනු ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට රොෂාන් තමන්ව හැර ගිය චතුරිකා ගැන නම් අංශ මාත්‍රයකින් වත් නොසිතන බව නම් සැබෑ ය. කීම ද යත්,
රොෂාන් ඔබ අතීතයේ වෙච්ච සිදුවීම් අමතක කරල අනාගතය හදාගන්න කෙනෙක් ද? එහෙම නැත්නම් අතීතයේම ජීවත්වන කෙනෙක් ද? යනුවෙන් කළ විමසීමක දී,
නෑ... ඇත්තටම මම අතීතය ගැන කල්පනා කරන්නෙ නෑ..... මම හැමදාම වර්තමානයේ ජීවත් වෙන්නෙ. අතීතය ගැන පසුතැවිල්ලක්වත්, වේදනාවක්වත් නෑ.... හැම දෙයක්ම අත්දැකීම් කියල තමයි මම හිතන්නෙ... පැවසීමයි.
0 comments:
Post a Comment