අමායා අධිකාරිගේ අලුත් පෙම්වතා හර්ෂ ධනෝෂ්....

අමායා අධිකාරිගේ අලුත් පෙම්වතා හර්ෂ ධනෝෂ් බව ඇත්තද?
අතුල අධිකාරීගේ බිරිඳ අමායා අධිකාරී මේ දවස්වල පුවත් මවන්නියක් බවට පත්වෙලා. අතුල, අමායා සහ දියණියගෙන් වෙන්ව ජීවත්වන බව පසුගිය සතියක රිවිසරසියට කතා කර පැවසූ අමායා දැන් ආපහු ප්‍රේමවන්තියක් බවට පත් වෙලා කියලයි අපිට ආරංචිය. දෙරණ ඩී්‍රම්ස්ටාර් තරගයකින් ගායකයෙක් වුණ හර්ෂ ධනෝෂ් සහ අමායා අධිකාරී අතර ප්‍රේම සම්බන්ධයක් ගැන රාවයක් පැතිරෙනවා. ඒ ආරංචියේ ඇත්ත නැත්ත දැන ගන්න අපි ඇයට කතා කළා.

අමායා මේ දවස්වල ඔබට කටකතා හැදෙනවා වැඩියි නේද…?
මේ දවස්වල මම ගැන කතාවෙනවා නම් වැඩියි තමයි. මල්ලී කෙනෙක් එක්ක ෆොටෝ එකක් අරගෙන ෆෙස්බුක් එකේ දැම්මා. මම එයා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා තමයි කතාව යන්නේ. ළ`ගදී දවසක හිතවත් මල්ලී කෙනෙක් කතා කරලා කිව්වා අක්කේ අපි දෙන්නා ඉන්න ෆොටෝ එකටත් ඔන්න කතාවක් හැදිලා. ඔයාව මටත් ජෝඩු කරලනේ කියලා. ඒ ඉතිං මේ සමාජයේ හැටිනේ.

එතකොට අමායාගේ අලුත්ම පෙම්වතා දෙරණ ඩී්‍රම්ස්ටාර් තරගයකින් ගායකයෙක් වුණ හර්ෂ ධනෝෂ් බව ඇත්තද…?
ධනෝෂ් කියන්නේ මගේ හොඳ යාළුවෙක් විතරයි. අපි අතර ප්‍රේම සම්බන්ධයක් නැහැ.

කලා ලෝකයේ කටකතා හැදුන හ`ගදෙනෙක් ඒවා කටකතා විතරයි කියලා මාධ්‍යට කියලා පස්සේ ඒවා ඇත්ත බවට ඔප්පු කරනවා. අමායාත් එහෙම වෙයිද..?
අනාගතය ගැන අනාවැකි කියන්න මම දන්නේ නැහැ. ඒත් මට කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් අපි අතර තියෙන්නේ සහෝදර බැඳීමක් විතරයි. කලා වැඩකටයුතුවලට අපි නිතරම මුණගැහෙනවා. කතාබහ කරනවා එච්චරයි.

ඒත් ළ`ගදී හර්ෂ සිරිවර්ධන සමග ඔබ මංගල ඇඳුමෙන් සැරසිලා ඡායාරූපවලට පෙනී හිටියා. ඒක එක්තරා විදිහකට අනාගතයට අනාවැකියක් කිව්වොත්….?
මැගසින් එකකින් ආරාධනාවක් ලැබුණා බ්‍රයිඩිල් විදිහට ඇඳලා ඡායාරූප ටිකක් ගන්න. ඒකට අපි දෙන්නා ගැළපෙනවා කියලා ඒ අය හිතන්න ඇති. මම ඉස්සර වෘත්තියෙන් නිරූපිකාවක්. ඒ දේවල්වලට සම්බන්ධ වෙද්දී ඕන කෙනෙක් එක්ක පෙනී ඉන්න වෙනවා. මම කැමැති නම්. ඉතිං ඒ විදිහට ලැබුණු ආරාධනාවක් ඒක. හර්ෂ මම දන්න කෙනෙක් නිසා මමත් ඒ වැඬේට කැමැති වුණා. කොහොමත් ඉදිරියේදී ඒ වැඩකටයුතු දැන් මට ආයෙමත් පටන් ගන්න වෙයි. ආදායම් මාර්ගයක් ඕන නිසා.

අමායා කලකට පසුව මනමාලියක් හැටියට පෙනී හිටියේ. ඒ ගැන මොකද හිතෙන්නේ…?
ඇත්තටම කිව්වොත් මම නිරූපිකාවක් විදිහට වුණත් මනමාලියක් හැටියට අඳින්න අකමැතියි. ඒක හරිම අසීරූ කටයුත්තක්. මුදලක් ලැබුණත් මහන්සියේ හැටියට ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා මම ඒ විදිහට සැරසෙන්න කැමැති නැහැ. කාලයකින් ඒ විදිහට ඇන්ද එකත් වෙනසක් කිව්වොත් මම හරි.

හර්ෂ ධනෝෂ්ගේ ගීතයක රූපරචනාවක් සඳහා නිරූපණයෙන් පෙම්වතිය හැටියට අමායා සම්බන්ධ වුණා. ඒ ගැනත් කියමු…?
පින්තාරූ පෙම්වතිය කියන ගීතයට මමයි හර්ෂ ධනෝෂයි පෙම්වතුන් විදියට පෙනී හිටියා. ඒ ගීතය ලිව්වේ ගිහාන් චාමික. සංගීතය චතුරංග ද සිල්වාගේ. ඒ ගීතයට ධනුෂ් එක්ක මාව ගැළපෙනවා කියලා යෝජනා කළේ අකිල ධනංජය. එයා මගෙත් ධනෝෂ්ගෙත් හොඳම යාළුවෙක්. එයා තමයි කිව්වේ ධනෝෂ්ගේ උසට මාව ගැළපෙනවා වගේම සිංදුවටත් මාව ගැළපෙනවා කියලා. ඒ ගීතයෙන් කියැවෙන්නේ චිත්‍ර අඳින තරුණයෙක් ගැන. එයා එයාගේ පෙම්වතිව චිත්‍රයකට නගනවා. ඒ නිසා මටත් ධනෝෂ්ටත් ෆොටෝස්වලට පෙනී ඉන්න සිද්ධ වුණා. ඒ ෆොටෝස්වලින් තමයි චිත්‍රය අඳිනවා වගේ එම්බෝස් කරලා ගන්නේ. ඒ ගීතයේ වැඩ ඉවර වුණ ගමන් දකින්න ලැඛෙයි රූප මාධ්‍ය මගින්.

පින්තාරූ පෙම්වතිය ගීතයේ රූප රචනයට ධනෝෂ් ඔබට හොඳින් ගැළපුණා වගේ සැබෑ ජීවිතයේත් ඔහුව ගැළපෙනවා කියලා හිතෙන්නේ නැද්ද…?
ඒ ගැන කියන්න මම දන්නේ නැහැ.

අමායාට හොඳට රගපාන්න පුළුවන්ලු නේද….?
මට හොඳට ර`ගපාන්න පුළුවන්. ඉදිරියේදී නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ආරම්භ කරන්නත් අදහසක් තියෙනවා.

0 comments:

Post a Comment