හැඩකාර විසේකාර යුරේනී නොෂිකා පසු ගිය කාලේ නත්තල් තෑග්ගක් දෙන්න හනි හනිකට ලක ලැහැස්ති වුණා. ඔන්න දැන් ඒ තෑග්ග යුරේනි තම ආදරණිය ප්‍රේක්ෂකයන්ට පසු ගිය දවසක දුන්නා.
යුරේනී තමන්ගේ රසිකයන්ට නත්තල් තැග්ගක් දුන්න කියලා ආරංචියි?
ඔව්. සෑහෙන කාලෙක ඉඳලා සින්දුවක් කරන්න ඕනේ කියන වුවමනාව තිබුණා. ඉතින් මගේ ඒ අලුත් ගමන අරඹන්නත් හොඳම කාලේ නත්තල් මාසේ කියලා හිතුණු නිසා මම හා පුරා කියලා ගායනා කරපු සින්දුව මගේ ආදරණීය රසික රසිකාවියෝ වෙනුවෙන් දෙන නත්තල් තෑග්ගක් විදිහට එළි දැක්වූවා.
යුරේනිගේ තෑග්ගට රසිකයෝ කැමැති වේවිද?
විඩියෝ එක අවුට් කරලා පැය හතරක් යන්නත් කලින් අන්තර්ජාලයෙන් ලක්ෂයක් විතර බලලා තිබුණා. ගොඩක් දෙනෙක් ෂෙයා කරලත් තිබුණා. ඉතින් මං ආසාවෙන් කරපු දේට දැනටමත් හොඳ ප්‍රතිචාර ගොඩක් ලැඛෙන නිසා මගේ උත්සහය ගැන මට සතුටුයි.
මොකද්ද ඒ පාර සාරි පොටක් අල්ලන් කරන්න හදන්නේ?
වෙන මොනවද අනේ සාරි පොට අල්ලන් නටන්න තමයි දැන් තියෙන්නේ.
මේ ගීතය මනුරංග යුරේනී වෙනුවෙන්ම ලියපු ගීතයක්ලූ නේද?

දෙන්නා මිතුරෝ නිසා මේ ගීතයට පසු බිම් කතාවකුත් ඇති?
දවසක් මොකක් හරි සම්මාන උළෙලකට මං ඇඳන් ගියේ සාරියක්. ඉතින් ඒක ඉවරවෙලා එද්දි එන ගමන් මං මනූට කිව්වා සාරි කට්ටවත් ගලව ගන්න කෙනෙක් නැහැනේ. ඉතින් ඒ වෙලාවේ මනූ කිව්වා මට සින්දුවට කැල්ලක් සෙට් වුණා කියලා.
මනූ කෙහොමත් ප්ලෑන් කරලා ලියන කෙනෙක් නෙමෙයි නේ.. එයාට හිතෙන්න ඕනේ. ඉතින් මනු ලිව්වට පස්සේ අපි දවසින් ඒකේ මියුසික් කළා රෙකෝඩිංස් වලට ගියෙත් දවසයි. කොහොම හරි කඩිමුඩියේම වීඩියෝ එකකුත් කරලා අවුට් කළා.
ඔහු කියනවා ඔබට එක තැනක ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ලූ?
ඒ කතාව නම් ඉතින් ඇත්ත තමයි. මම පොඩ්ඩක් දඟලනවා මොකද තවම 18න් වයස නැවතිලා තියෙන්නේ එහාට යන්නේම නැහැ. ඒ නිසා තවම පාසල් කාලේ වගේ පිස්සු නටන එක අඩු වෙලා නැහැ.
ඒ කියන්නේ මෙදා පාර යුරේනිට හැදුණු අලුත්ම පිස්සුව ගායිකාවක් වීමද?
වෘත්තියක් වශයෙන් නෙමෙයි. සංගීතයට මං කැමැතියි. මං ආසයි ජීවිතයේ හැම දෙයක්ම අත්හදා බලන්න.ඒ නිසාම වෙන්න ඇති පොඩි කාලෙත් මං මැව්වේ ලොකු ලොකු හීන. ඉතින් ඒ වගේ තමයි ගායනයටත් මගේ ලොකු හැකියාවක් නැති වුණත් මං උත්සහ කළේ මගේ තියෙන පුංචි හැකියාවෙන් උපරිම දෙයක් කරන්න. ඉතින් ඒ උත්සහය සාර්ථක වුණා කියලා හිතෙනවා.
ඔය අත්හදා බැලිල්ල තවත් අඩව්වකට මාතෘකාවක් වේවිද?
අනේ මන්දා ..හොඳ අඩව්වකට මාතෘකාවක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.
යුරේනි අභියෝගවලට කැමැතියි වගේ?
අනිවාර්යෙන්ම.
අභියෝග හමුවේ සැලුණු අවස්තාවක් මතකයේ නැද්ද?
අභියෝගයක් නිසා මං කිසි දවසක සැලිලා නම් නැහැ නමුත් සමහර අභියෝග වලදීමං ගත් ඉක්මන් තීරණ ගැන පසුතැවුණු අවස්ථා තියෙනවා.

ඔය දෙපැත්තම මේ ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රකට පොදුයි. නමුත් මං විශ්වාස කරන්නේ අපිට දෙයක් ලැඛෙන්න තියෙනවා නම් කොච්චර කටු ගැහුවත් ඒ දේ නවත්වන්න බැහැ.
මට ඕනෑ තරම් එහෙම වෙලා, මං වැටිලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටපූ අවස්ථා තියෙනවා. නමුත් හිමින් ගමනකින් දෙවියෝ මාව ඉස්සරහට අරන් ගිහින් තියෙනවා. මොන කටු ගැහුවත් මං තවම රැඳිලා ඉන්නේ ඒ නිසා.
ඒ කිව්වේ යුරේනිගේ ගමනට කටු ගහපු අය ගැනනේ?
ඔව්.
එතකොට එය සාරි පොටේ කට්ට ගහන්න කෙනෙක් තවම හමු වුණේ නැද්ද?
ඒකනේ වැඩේ කියන්නේ....සමහර විට ඔයාල දන්නේ නැති වුණාට සාරි කට්ට ගහන්න කෙනෙක් ඉන්න පුළුවන්.
තනියම ඉන්නවා කියලා බොරු නේ කියලා තියෙන්නේ?
දන්නේ නැහැ.. බලමු ඉතින් ඒක සප්‍රයිස් එකක් විදිහට තියා ගන්නම් කෝ
යුරේනී කියන නිරූපිකාව, නිළිය සහ නිවේදිකාවට ඉදිරියේදී මොකද වෙන්නේ?
අපෝ ඒ ඔක්කෝම ඉන්නවා. යුරේනි කියන්නේ ටෝටල් පැකේජ් එකක් නේ..
0 comments:
Post a Comment