වෙනස කියන්නේ හැඩරුව ගැන ටිකක් හිතුවා.
ටිකක් නෙමෙයි හොඳටම හිතලා වගේ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා කියන්නවත් බෑනේ...?
දුව හම්බවුණාට පස්සෙ දිගටම මම ව්‍යායාම කළා. කට පරිස්සම් කරගෙන කෑම පාලනය කළා. මොකද මට තියෙන්නේ ඉක්මනට මහත්වෙන්න බලන ඇගක්නේ.
උනන්දුවෙන් ව්‍යායාම් කරලා කෑම පාලනය කළාම ඉක්මනට කෙට්ටු වුණා. දැන් ඉතිං උසට හරියට බර තියෙනවා. මහත ප්‍රශ්නයක් නැති නිසා ඕනෑ දෙයක් දැන් කන්නත් පුළුවන්.
ගෙදරට වෙලා නිකන්ම ඉන්නවා නම් ඕවා නොකා නොබී ව්‍යායාම් කරන එක එච්චර දෙයක් නෙමෙයිනේ...?
කවුද කියන්නේ මම නිකන් ඉන්නවා කියලා. පුංචි දරුවෙක් ඉන්න ගෙදර අම්මා කෙනෙක්ට වැඩක් නෑ කියලා හිතෙනවද? දුවගෙ වැඩ විතරක් නෙමෙයි ගෙදර වැඩ කරන්නෙත් මම. ඒ ඔක්කොම කරලා මම මං ගැන හිතන්නත් වෙලාව වෙන්කර ගන්නවා.
හැබැයි ඔය ලස්සනින් දැන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැනේ?
ඉතාමත් ඉක්මනට ප්‍රයෝජන ගන්නවා. ලබන අවුරුද්දෙ මුල ඉඳන්ම වැඩ පටන් ගන්නවා. පසුගිය කාලෙත් ආරාධනා හය හතක්ම ලැබුණා. දුව පුංචි වැඩි නිසා ඒ ආරාධනා භාර ගත්තෙ නෑ. ඒත් ලබන අවුරුද්දෙ වැඩ පටන් ගන්න ලෑස්තියි.
කිසිම කැතක් නැතුව ආයෙත් සුදු ගවුම ඇඳන් ඉස්කෝලේ යන්න පුළුවන්...?
දකින අයත් කියනවා. නාට්‍යයකට හරි එහෙම ඉස්කෝලෙ
යන්න පුළුවන් නම් කොයි තරම් හොඳද?
අපි කවරයේ කතාවට එමු. නංගි අක්කාගෙ ෆොටෝ කොපියක් වෙන්න පුළුවන්.
ඇත්තද ක්ෂේත්රයේ අය වත්සලාට ගයාත්‍රි බඩී කියනවා කියන්නේ...?
ඔව්නේ. ප්‍රවීණ අය පවා එහෙම කියනවා. සමහරු මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අනේ බලන්නකෝ... හරි පුදුමයිනේ... ගයාත්‍රි වගේමයි කියනවා.
කවුරු කොහොම කිව්වත් ඔයාට එහෙම හිතෙනවද?
ඔව්... උසයි, කටහඩයි විතරයි වෙනස්. අපි දෙන්නා යාළු වුණෙත් හැමෝම කියන මේ කතාවත් එක්කමයි. ඒ යාළුකම අදටත් එහෙමයි. මගේ ඕනෑම දෙයකට ගයාත්‍රි අක්කා එනවා. මමත් එහෙමයි.
කොච්චර සමාන වුණත් දෙන්නාව පැටලිලා නම් නැතුව ඇති...?
නැත්තෙ මොකද? දවසක් වෙඩින් එකකදී දෙන්නම එක ළග ඉඳගෙන ඉන්නකොට චන්න අයියාටත් පැටලුණා.
ප්රසංගටත් පැටලිලා තියෙනවාද?
නෑ... නෑ... එයාට පැටලිලා නෑ...
පෙනුම විතරක් නෙමෙයි දෙන්නා අඳින පලඳින විදියත් එක වගේ...?
මම, ගයාත්‍රි අක්කා විතරක් නෙමෙයි මගේ නංගිත් අත් නැති ඇඳුම්, කොට ඇඳුම් අදින්නෙම නෑ... නංගිටයි මටයි වඩා මමයි, ගයාත්‍රි අක්කයි ඇඳුම් තෝරන විදිය එකයි. මේ ළගදී දවසක් මම ගවුමක් අරගෙන ඒක ඇඳගෙන වෙඩින් එකකට ගියා. මෙන්න ඒ සතියෙම ගයාත්‍රි අක්කා ඒ ගවුමම ඇඳගෙන පත්තරේ ඉන්නවා. තව දවසක් මම රතු හෑන්ඩ් බෑග් එකක් ගත්තා... ඔන්න ගයාත්‍රි අක්කා ඒ ජාතියේම බෑග් එකක් අරගෙන අපේ ගෙදර එනවා. අපි දෙන්නගෙම මේකප් බොක්ස් එකත් එකම වගේ. මේ වගේ ඇඳුම් පැලඳුම්, සපත්තු, හෑන්ඩ් බෑග් එක විදියට තෝරා ගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
වුවමනාවෙන්ද එහෙම කරන්නේ...?
අපෝ නෑ... මගේ එක දැකලා එයාවත්, එයාගෙ එක දැකලා මංවත් අරගෙන නෑ... අපි අහම්ඛෙන් තමයි එහෙම ගන්නේ.
හැඩරුව, කැමැත්ත අදහස් එක වුණාට දෙන්නාගේ ගතිගුණ වෙනස්...?
ඔව්. ගයාත්‍රි අක්කා හරි මිත්‍රශීලී කෙනෙක්. ඕනෑ කෙනෙක් එක්ක මිතුරු වෙනවා. ඕනෑ කෙනෙක්ගෙ ඕනෑම දේකට යනවා. ඒත් මම ගනුදෙනු කරන්නේ සීමිත පිරිසක් එක්ක. යාළුවොත් ඉන්නේ ටිකයි.
නංගිගෙයි ඔඛෙයි ගතිගුණත් සමාන නෑ...?
ඒක ඇත්ත. අපි දෙන්නාගේ රූපෙ හඩ එකම වගේ. ඒත් අදහස් ගතිගුණ කැමැති අකැමැති දේවල් ටිකක් වෙනස්.
තුන්දෙනා තාම එකම නාට්‍යයක රගපාලා නැද්ද?
නෑනේ... මං හිතන්නේ අපි තුන්දෙනා එක සෙට් එකක හම්බ වෙනවාට කට්ටිය වැඩිය කැමැති නෑ.
ඇයි ඒ?
කොයිවෙලාවෙත් එකට හම්බ වුණොත් කියවන එකයි, හිනාවෙන එකයි, කන එකයිනේ අපේ වැඩේ. කවුද අනේ ඔය කන්කරච්චලය අහන්න කැමැති වෙන්නේ.
ආරාධනාවක් ආවොත් භාර නොගෙන ඉන්නෙ නෑනේ...?
අපෝ නෑ... ඒ වගේ දුර්ලභ අවස්ථා කවුද මග අරින්නේ?
0 comments:
Post a Comment