
පෙම්වතා ක්‍ෂේත්‍රයේ කෙනෙක් ලු
රුක්‌ෂානා දිසානායක වූ ඇය මේ දිනවල උතුම් පැතුම් හි නෙතු ලෙසින්ද වස්‌සානේ ප්‍රේමයේ ආශා ලෙසින්ද ඔබ හමුවට පැමිණෙනවා. ඒ විතරක් නෙමෙයි වෙළෙඳ දැන්වීම් කිහිපයකින්ද ඔබට මේ රුව දකින්න ලැඛෙනවා. ඒ නිසාම අපි ඇයට මීවිතෙන් ඉඩක් වෙන්කරන්න හිතුවා.
රුක්‌ෂානා මේ දිනවල නිතර දකින චරිතයක් බවට පත්වෙලා නේද?
ඔව්. මටත් එහෙම හිතෙනවා.
ඒ ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම සතුටුයි. නාට්‍ය තුනක විතර දකින්න ලැඛෙනවා.
රඟපෑම ගැන හැඟෙන්නේ දැනෙන්නේ ?
තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දවසින් දවස අත්දැකීම් එකතුකරගෙන ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
වෘත්තීය නිළියක් වෙන්න කැමැතිද?
දැනටත් මම වෘත්තියක් විදිහට රඟපෑම තමයි තෝරාගෙන ඉන්නේ.
අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න අකැමැතිද?
මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන උපාධියක් හදාරලා තියෙනවා.
නර්තන උපාධිය පැත්තකට දාලා ඇයි රඟපාන්න හිතුණේ ?
උපාධිය පැත්තකට දැම්මේ නැහැ. උපාධිය ලබාගන්න අධ්‍යාපන කටයුතු සිදුකරන අතරතුරේ තමයි මට උතුම්පැතුම් ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ. ඒ ආරාධනාවත් එක්‌ක මම නොසිතපු ක්‍ෂේත්‍රයකට පැමිණියා.
රඟපෑමට ආවාට ගෙදරින් විරුද්ධ නැතිද?
ගෙදරින් කිසිම විරුදධත්වයක් නැහැ. අම්මා තමයි මට සියලුමදේට සහයෝගය ලබාදෙන්නේ.
ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම හොඳයි. ඒ වුණාට අසාධාරණකම් නම් හරියට තියෙනවා.
ඔබටත් ආසාධාරණකම් සිදුවෙලා තියෙනවාද?
ඔව්. මටත් ඇතැම් අවස්‌ථාවලදී අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ දක්‍ෂතාව තියෙනවා නම් අපේ ගමන නවත්වන්න බැහැ කියලයි. අනික අපේ හැකියාවන් වර්ධනය කරගන්නත් අපි දැනගන්න ඕනෑ.
මේ ලැඛෙන ජනප්‍රියත්වය හිසදරයක් වුණ අවස්‌ථා නැතිද?
මම ගොඩක් ජනප්‍රිය නැහැ. සමහර අවස්‌ථාවලදී සමහර පුද්ගලයන් මාව අඳුරගන්නවා. එතකොට ඉතිං කතාබහ කරනවා.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණාද?
නිල්වලා ආයතනයෙන් ආරම්භ කරනු ලබන අලුත්ම ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණා.
මේ ලැඛෙන ජනප්‍රියත්වය හොඳට වගේම නරකටත් බලපාන්න බැරි නැහැ ?
ජනප්‍රියත්වය හොඳ විදිහට පාවිච්චි කළොත් හොඳයි කියලයි මම නම් හිතන්නේ. එතකොට තමයි පැවැත්මක් තියෙන්නේ.
ඔබට මෙතැන පැවැත්මක් තියේවිද?
උත්සාහ කළොත් අපිට මෙතැන පැවැත්ම හදාගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. හැබැයි අපි සියලු දේවල් දන්නවා කියලා හිතාගෙන හිටියොත් ඒ අඩුපාඩු හදාගන්න අමාරුවෙනවා. මම හැමතිස්‌සේම හිතන්නේ මේ ක්‍ෂේත්‍රය සාගරයක් වගේ කියලයි. එතැනින් මම දන්නේ බොහොම සුළුදෙයක් පමණයි. තවමත් මම රංගනය හදාරනවා.
මේ ජනප්‍රියත්වයත් එක්‌ක ආදර යෝජනා එහෙම එන්න බැරිකමක් නැහැ නේද?
ඔව්. ආදර යෝජනාවලින් නම් අඩුවක් නැහැ.
රුක්‌ෂානාට නළුවන්ගෙන් හරියට ආදර යෝජනා එනවා කියන්නේ ඇත්තද?
එහෙම නම් නැහැ.
පෙම්වතියක් කියලත් ආරංචියි ?
ඔව්. මම පෙම්වතියක්.
ඔහු ගැන මාධ්‍යයට කියන්න අකැමැතිද?
පෙම්වතා ක්‍ෂේත්‍රයේ කෙනෙක්. ඉදිරියේදී තව විස්‌තර කියන්නම්කෝ. දැනට ඔය ඇති.
ඇයි මේ වැඩි විස්‌තර කියන්න බැරි ?
මේක අපිට අපිවත් විශ්වාස නැති කාලයක්‌නේ.
රුක්‌ෂානාගේ පෙම්වතා ගැන ක්‍ෂේත්‍රයේ අය ගොඩක් දෙනෙක් දන්නවා නේද?
කවුද අනේ, මටත් කියන්න බැරිද?.
දැන්වත් ආඩම්බර නැතිව පෙම්වතාගේ නම කියමු නේද?
නම කියන්න අකැමැතියි.
ඇයි ඒ ?
මේ ලෝකේ කිසිම දෙයක් හැමදාම පවතින්නේ නැහැනේ.
ඒ කියන්නේ රුක්‌ෂානා පැටලිලා ඉන්නේ අවිශ්වාස ආදරයක?
සමහර විට වෙන්න පුළුවන්. ආදරය කොහොමත් අවස්‌ථාවාදීනේ.
ගෙවීගිය කාලය ගැන මොකද හිතෙන්නේ ?
මම ක්‍ෂේත්‍රයට ඇවිත් තවම අවුරුද්දයි. ඒ කාලය තුළ හොඳ සැලකිය යුතු නිර්මාණ කිහිපයක් මට ලැබුණා. ඒ ගැන මම තෘප්තිමත් වෙනවා. මම තවම ප්‍රධාන චරිත රඟපාලා නැහැ. ඒ වුණාට යම්කිසි දැනුමක් ජීවිතයට ලබාගත්තා කියලා හිතනවා.
0 comments:
Post a Comment