උපේක්ෂා ස්වර්ණමාලි දෙවන වරටත් විවාහ වීම සඳහා දින නියම කරගෙන ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ දීම ඇය විවාහ වීමට නියමිතයි.
ජනවාරි 24 වන දින ව්‍යාපාරිකයෙක් සමග තමන් විවාහ වන බව උපේක්ෂා මේ වන විට තහවුරු කර තිඛෙනවා.
2011 වසරේ සිට ඔහුව හඳුනා ගෙන සිටියත් විශේෂ සම්බන්ධතාවක් පටන් ගත්තේ මේ වසරේ දී බවයි ඇය පවසන්නේ.
තමන් විවාහ වන පුද්ගලයාත් දික්කසදවූ අයකු බව උපේක්ෂා ස්වර්ණමාලි සඳහන් කර තිඛෙනවා.
එයා මට වඩා ගොඩක් වැඩිමල්. අවුරුදු 08ක 09ක පරතරයක් තියෙනවා. ඔහුගේ ජීවිතය ස්ථාවරයි. හරිම සූක්ෂ්මව ජීවිතය ගත කරන කෙනෙක් සහ ඔහු හරිම බුද්ධිමත්. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි විතරයි. ඉතින් ඔහු අපේ ජීවිතවලට ලොකු ශක්තියක්. අනිත් එක ඔහුත් විවාහ වෙලා වෙන්වුණ කෙනෙක්. ඒ නිසා විවාහය කියන්නේ මොකක්ද කියලත් ඔහු දන්නවා.
0 comments:
Post a Comment