සනී ලියොන්ට ලංකාවේ එක රැයකට කෝටි දෙකයි

බොලිවුඩ් සිනමාවේ සරාගිතම නිළිය විදිහට රජ කරන සනි ලියොන් දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව තිඛෙනවා.

ඇය මෙරටට ගෙන්වන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලයක් විසින්.

කොළඹ ඩී ආර් විජෙවර්ධන මාවතේ පිහිටි මෙම කැසිනෝ අවන් හලේදී දෙසැම්බර් 20 වනදා ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.

සනී ලියොන් ඒ වෙනුවෙන් එක රැයකට අයකරන මුදල රුපියල් කෝටි දෙකක් වන බවටයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල දේශපාලන කතාබහ වලද සනී ලියොන් සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කෙසේ වෙතත් ඇය මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය නොවෙයි.

Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මීට පෙර ලංකාව පැමිණි සනී තම 31 වන උපන්දිනයද මෙරටදීම සමරනු ලැබුවා.
















0 comments:

Post a Comment