මෙන්න ශේෂාද්‍රිගේ කටුගාන කසාද සහතිකේ



ශේෂාද්‍රි සහ සම්පත් විවාහවී දෙවන සංවත්සරය පෙරේදා (16)ට යෙදී තිබුණා. මේ වන විට දෙදෙනා විරසක වී සිටින නිසා විවාහ සංවත්සරය සැමරීම සම්බන්ධයේ කවුරුත් කරුණු විමසන්න උනන්දු වුණේ නැහැ.

 මේ අතරේ දී ශේෂාද්‍රි පවුලේ හිතවතකු කළ බව කියන ප්‍රකාශයක් මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා. පසුගියදා ශේෂාද්‍රි සම්බන්ධයෙන් පලකළ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන්. ඒ අනුව එක්තරා දවසක උපකාරක පංතියක් අවසන් වී එන විට කිසියම් අයකු තමන් පසු පස එන බව දැනී පවුලේ අය දැනුවත් කිරීමෙන් පසු ආරක්ෂාව සඳහා ඡායාරූපවල සඳහන් නිවසට ගිය බව පවුලේ හිතවතා සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන්  සම්පත්ගෙන් විමසා සිටියා.එහිදී ඔහු එදින සිදුවීම මෙලෙස විස්තර කළා. "බිරිඳ ගැන මට සැකයක් තිබ්බේ නෑ.ඔක්තෝබර් මාසේ තුන් වැනි දා එයාගේ පන්තියේ ඉන්න මගේ යාලුවෙක් කෝල් කරලා ඇහුවා ශේෂාද්‍රිව LUNCH එකට පන්තියෙන් ගත්තා ද කියලා.මම හිතුවා යාලුවෙක් එක්ක යන්න ඇති කියලා. ඔක්තෝබර් මාසේ දහවැනිදාත් මේ කෝල් එක ආවා.මම කැබ් එකක් අරන් ශේෂාද්‍රිගේ නෑදෑ වෙන දෙන්නෙකුත් එක්ක තමයි පන්තිය ලඟට ගියේ. ඒ වෙන කොට කොළපාට වීල් එකකින් ශේෂාද්‍රි බොරැල්ල,ටවුන් හෝල්,බම්බලපිටිය හරහා ගිහින් මැරයින් ඩ්‍රයිවූ එකට හැරෙවුවා.

ඊට පස්සේ 36වන පටුමගට හරවලා එක තැනක දී මූණ වහගෙන බැහැලා ගියා. එකේ ලිෆ්ට් එකෙන් අපි දැන ගත්තා 6වන තට්ටුවට ගියේ කියලා.මම 6වන තට්ටුවට ගියා.ගිහින් 119 එකට කතා කළා.ඔය අතරේ ශේෂාද්‍රි ගිය කාමරෙන් කොල්ලෙක් ඇවිත් දොර වහලා ලිෆ්ට් එකට නැග්ගා.මිනිහා මාව දැකලා අඳුනගෙන පස්සට ගියා.අපි ආපහු එතනින් යන තුරුම එයා ආපහු ආවේ නෑ.

 පොලිසිය ආවේ නැති නිසා අපේ තාත්තා (රන්ජන් ද සිල්වා)පොලිස්පතිට කතා කරලා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙන්නයි පොලිස් නිලධාරීන් නව දෙනෙකුයි එතනට ගෙන්වලා දුන්නා. සිකියුරිටි රූම් එකෙන් යතුරක් අරන් පොලිසිය කාමරේ ඇරියා.ඒක දවසට රෙන්ට් එකට දෙන එකක්.කාමරේ ශේෂාද්‍රි හිටියා.කාමරේ තිබ්බේ ඇඳයි කුස්සියේ තිබ්බ පිඟන් දෙකයි කෝප්ප හතරයි විතරයි.

 ශේෂාද්‍රිගේ තාත්තා එතනට ඇවිත් කිව්වා "මගේ යාලුවෙක්ගේ ගෙදරට ශේෂාද්‍රිව ආරක්ෂාවට එව්වා"කියලා.මම ඇහුවේ තාත්තට මගේ වයසේ යාලුවෝ කොහෙන්ද කියලා. එයා කතා කළේ මේ කසාදය එයාලගේ සහයක් නැතිව කරපු විදිහටයි.හැබැයි කසාදේ සාක්ෂියට අත්සන් කළේ ශේෂාද්‍රිගේ තාත්තයි අපේ තාත්තයි. එතැනදී පොලිසිය ඇහුවේ ශේෂාද්‍රිව අත්අඩංගුවට ගන්නද කියලා.මම කිව්වා එපා කටඋත්තර ගන්න කියලා."

 ශේෂාද්‍රිගේ පියා සහ සම්පත්ගේ පියා අත්සන් කළ විවාහ රෙජිස්ටාර්ගේ සහතික පිටපත පහතින් දැක්වෙනවා.


0 comments:

Post a Comment